Pages

Wednesday, July 31, 2013

උතුරු පළාත් සභා - මන්නාරමට සිංහල නියෝජනයක් නෑ

මන්නාරම දිස්ත‍්‍රික්කයට සිංහල අපේක්ෂකයෙකු ඇතුළත් කිරීමට කටයුතු නොකිරීම නිසා උතුරු පළාත් සභාව තුළ මන්නාරම දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාවගේ ගැටලූ ගැන කතා කිරීමට නියෝජිතයෙකු නොමැති වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්නාරම් දිස්ත‍්‍රික්ක ආසන සබ්බන්ධීකාරක ඩබ්ලිව්. එම්. පත්මසිරි මහතා සදහන් කරයි.

උතුරු පළාත් සභාව සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් තරග කිරීමට අපේක්ෂකත්වය ඉල්ලා එම පක්ෂයේ සාමාජිකයන් තුන්දෙනෙකු ඉල්ලූම් කළත් ඒ කිසිදු ඉල්ලීමකට අවස්ථාව ලබාදී නොමැති බවද හෙතෙම පවසා සිටියේය.

මන්නාරම දිස්ත‍්‍රික්කයෙන් සිංහල නියෝජනයක් නොමැතිවීමත් සමග එම දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාවට ඇතිවන ගැටලූ පිළිබදව පළාත් සභාව තුළ කිසිදු කථා බහක් ඇති නොවන බවද හෙතෙම වැඩිදුරටත් පවසා  සිටියේය.

July 31, 2013 at 12:35 pm | lanka C news

0 comments: