ඇහැලේපොළ වලව්ව රජයට පවරා ගැනීමේ උළෙල
මෙතෙක් බෝගම්බර බන්ධනාගාරයට අයත්ව තිබූ ඓතිහාසික ඇහැලේපොළ වලව්ව ජාතික උරුමයක් වශයෙන් සංරක්ෂණය සඳහා එයට අදාළ සන්නස් පත්‍රය බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා විසින් පෙරේදා (13 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූ අයුරුද
එම උත්සව අවස්ථාවේදී ඓතිහාසික ඇහැලේපොළ චරිත කතාව අලලා රඟ දැක්වුණු නාටකයක අවස්ථාවක්ද ඡායාරූපවල දැක්වේ.
ජාතියේ පෞඪ ඉතිහාසය සංකේතවත් කරන ජාතික වස්තූන් ආරක්ෂා කර අනාගත පරපුරට දායාද කිරීම අපේ යුතුකම හා වගකීම ලෙස සැලකිය යුතු යෑයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර රජ වීදියේ ඇහැලේපොළ වලව්ව නමැති මහනුවර යුගයේ ඓතිහාසික ගොඩනැඟිල්ල රජයට පවරා ගැනීමේ උත්සව අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලයේ සිට මේ දක්වා බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය ඇහැලේපොළ වලව්ව ද දැයේ උරුමයක් වූ ඓතිහාසික ගොඩනැඟිල්ලක් බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇහැලේපොළ වලව්වද සංරක්ෂණය කර පවත්වාගෙන යැමට අපොහොසත් වුවහොත් මහනුවර නගරයේ පිහිටි වලව් 18 න් ඇතැම් වලව්වලට අත්වූ ඉරණම ඇහැලේපොළ වලව්වට හිමිවන්නට පුළුවන්කම තිබෙන බවද පෙන්වා දුන්නේය.
ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයට ඉතා ආසන්න ස්ථානයක පිහිටි ඇහැලේපොළ වලව්ව ඇහැලේපොළ මහ අධිකාරම් ඉංගී්රසි පාලකයන්ගේ සිරකරුවකු බවට පත්වූ සමයේ සෙසු වීරවරයන්ගේ සිර ගෙයක් බවට පත් වූ බවද පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෑත යුගය දක්වාම එම ගොඩනැඟිල්ල සිර ගෙයක් ලෙස යොදාගන්නා ලද බවද පැවසීය.
දළදා සමිඳුන් වැඩවසන පූජා භූමිය අවට ප්‍රදේශයේ සිර කඳවුරු සහ වධකාගාර පවත්වාගෙන යැම ඉතා නුසුදුසු බැවින් එම ස්ථාන මහනුවරින් පල්ලේකැලේ වැනි බාහිර ස්ථාන කරා ගෙන යැමට රජය පියවර ගත්තේ යෑයි ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
වසර 195 ක් වැනි කාලයකට පෙර ඇහැලේපොළ වලව්ව බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන යැමට ඉංගී්රසි පාලකයන් පියවර ගෙන තිබුණා. සිරගෙය ඉවත් කිරීමෙන් පසුව වටිනා ඓතිහාසික ගොඩනැඟිල්ල සංරක්ෂණය කර පවත්වාගෙන යැම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට දැන් පවරාදී තිබෙනවා. මෙවන් ඓතිහාසික ගොඩනැඟිලි සංරක්ෂණය කර අපේ අනාගත පරපුර සඳහා ආරක්ෂා කරදීම අපේ යුතුකමක්. මෙවන් ඓතිහාසික වලව් 18 ක් මහනුවර නගරයේ තිබිණ. පිළිමතලව්වේ වලව්ව, දුනුවිල වලව්ව, දෙහිගම වලව්ව ඇතුළු වලව් 18 ක් නගරයේ තිබිණ. ඇතැම් වලව් දැන් අන්සතු වී ඇත. පුද්ගලයන් ඒ වලව් හිමිකර ගෙන තිබේ. සමහර වලව් විකුණා දමා ඇත. නමුත් එම පෞරාණික ගොඩනැඟිලි සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කිරීම අපේ යුතුකමක්.
බෝගම්බර බන්ධනාගාරයත් මෙම වලව්වත් සිර කඳවුරු බවට පත්කර ගෙල මිරිකා මිනිසුන් ඝාතනය කරන ස්ථාන බවට පත්වුණා. මෙම පූජනීය නගරය තුළ එවන් වධාකාගාර පවත්වාගෙන යැම සුදුසු නැහැ. ඒ නිසා එම ගොඩනැඟිලි නගරයෙන් පිටත ගෙන යැමට දැන් පියවර ගෙන තිබේ. අපේ නායකයන් අල්ලා සිර කර තබාගෙන ගෙල සිඳ මරා දැමූ නමුත් දැන් එවැනි දේ සිදුවිය යුතු නැහැ.
මහනුවර පළාතේ සිටින දේශපාලනඥයන් මේ බන්ධනාගාරවල සිරගත වී සිටියා. ඔවුන් එසේ සිරගත වූයේ අපරාධ සම්බන්ධයෙන් නොවේ. දේශපාලන කටයුතු නිසයි.
මේ වන විට මහනුවර දැවැන්ත සංවර්ධනයක් වෙමින් පවතිනවා. මහනුවර අති පූජනීය දළදා වහන්සේ වැඩසිටින පූජා භූමියේ මත්පැන් හල් පවත්වාගෙන යන බවට මහා සංඝරත්නය ද නිතරම අපට පෙන්වා දෙනවා. නමුත් මා කිසිම මත්පැන් හලකට බලපත්‍රයක් ලබාදී නැහැ. නමුත් ඉතිහාසයේ සිදුවූ ඇතැම් දේ දැන් නිවැරැදි විය යුතුව තිබේ.
දළදා මාලිගාව ඉදිරිපිට වාහන ධාවනය කිරීමට ඉඩ නොලැබී තිබීම ගැන නිතර කතාකරනවා. මක්කම, රෝමය වැනි පූජනීය ස්ථානවලට ළඟාවන්නේ රථවාහනවලින් නොවේ. පාර වසා තිබෙන්නේ අති පූජනීය ස්ථානයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි. බෞද්ධ පූජනීය ස්ථානයකට බෞද්ධයන් ගෞරව නොකළහොත් අනෙක් අය ගෞරවය කරයි කියා බලාපොරොත්තු විය හැකිද?
ආගම ධර්මයට, අපේ සංස්කෘතියට ගෞරවය දැක්විය යුතු ආකාරය අනාගත පරපුරට අප ආදර්ශයෙන් පෙන්වා දිය යුතුයි.
මෙම අවස්ථාව අලංකාරවත් කිරීම පිණිස බන්ධනාගාර නේවාසිකයන් ඉදිරිපත් කළ සෞන්දර්යාත්මක වැඩසටහන් ද ඇතුළත් විය.
බන්ධනාගාර සහ පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජධීර, ප්රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ සහ දිලුම් අමුණුගම, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දරත්න පල්ලේගම, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, මධ්‍යම ප්‍රධාන ලේකම් ආර්. බී. මීගස්මුල්ල, මහනුවර බන්ධනාගාර අධිකාරි තිස්ස ජයසිංහ යන මහත්වරු ද මීට සහභාගි වූහ.
අස්ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ආගමික චාරිත්‍ර ඉටු කළහ.
මෙම අවස්ථාවට සහභාගි වීමට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෙනසුරාදා (13 වැනිදා) පෙරවරුවේ බෝගම්බර ක්‍රීඩාංගණයේ අභිනව කායික ව්‍යායාම මධ්‍යස්ථානයක්a විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට ද සහභාගි විය.
ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද ඊට එක් විය.
සිරිල් විමලසුරේJද්‍ර | ඡායාරූප - සුදත් සිල්වා
http://www.divaina.com/2013/07/15/news24.html
සබැඳි ලිපි
[
හිරකරුවන්ගේ මරණීය අඳෝනා තුළ සියවස් දෙකක් සිර කර තැබූ ජාතික උරුම සම්පත - ඇහැලේපොල වලව්වhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9183.html
]

0 comments:
Post a Comment