Pages

Tuesday, July 16, 2013

ඉන්දීය අධිකරණය කච්තිවු යළි පවරා ගැනීමේ නඩුව අසන්නට තීරණය කරයි

තමිල්නාඩු හිටපු මහ ඇමති DMK පක්ෂයේ නායක එම්. කරුණානිධි මහතා විසින් ශ‍්‍රී ලංකාවට අයත් කච්චතීව් දුපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට ගැනීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඉන්දීය අගවිනිසුරු ඒ. කබීර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සම විභාගයට ගැනීමට එකඟත්වය පළ කළ කර ඇති අතර ඒ සඳහා මධ්‍යම රජයට නොතීසිද නිකුත් කර ඇත.

කච්චතීව් දූපත 1974 වසරේදී ශ්‍රී ලංකාවට පවරන ලද අතර ඉන්දීය ධීවරයින්ට ධීවර කටයුතුවල නිරත වීම සඳහා ඓතිහාසික වශයෙන් පැවති අයිතිය තහවුරු කිරීම සඳහා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයිසඳහන්ය.

මිනිස් වාසයෙන් තොර දූපතක් වන කච්චතිවු අක්කර 285.2ක භූමි ප්‍රමාණයකින් යුතුය.

ඉන්දියානු දේශ සීමාවේ රාමේස්වරම් සිට සැතපුම් 10 ක් ඊසාන දිගින් සහ ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ්ට් දූපතේ සිට සැතපුම් 9ක් දකුණු දෙසින් දුපත පිහිටා ඇත.

කච්චතීව් දූපත තමිල්නාඩු ප්‍රාන්තයට අයත් භූමියක් ලෙස නම් කළ යුතු බව එම්. කරුණානිධි මහතා ඉදිරිපත් කර ඇති පෙත්සමෙන් ඉල්ලා ඇත.

July 16, 2013 at 1:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/97490/

සබැඳි ලිපි -
[
13 රැකීමට කච්චතිව් ඇපයක්‌ කරගැනීමhttp://denethharinna.blogspot.com/2013/07/13_14.html
]

0 comments: