බෞද්ධ ජනතාවගේ අතිශය පූජනීයත්වයට පත් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි ගෞතම බුදුන්වහන්සේ බුදුවූ ස්ථානය වන බුද්ධගයාවට ඉකුත් 07 වැනිදා පෙරවරුවේ (2013.07.07) බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම පිළිබඳව මේ දිනවල කොයි කාගේත් අවධානය යොමු වී ඇත. මෙය කුමන පාර්ශ්වයක ප්‍රහාරයක් වුවත් බෞද්ධ ජනතාවගේ අප්‍රසාදය ඉන්දීය රජයට එල්ලවීම ස්වාභාවිකය. මෙවන් වූ ලොව පූජනීය ස්ථානයක් රැකගන්නට තරම් හෝ හැකියාවක් ඉන්දීය රජයට නොමැතිකම නොව එය නොසැලකිල්ල බව ඉන්දීය භාරතීය ජනතා පක්ෂය චෝදනා කර ඇත. බුද්ධගයාවට ප්‍රහාරයක් එල්ලවන බව මීට මාස කිහිපයකට පෙර ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබූ බවත්, ඒ ගැන රජය එතරම් තැකීමක් කර නැති බවත් එම පක්ෂය සඳහන් කරයි. ශ්‍රී ලංකාව ඉන්දියාව නමැති භාරත මාතාවගේ දියණියකැයි ඉතිහාසයේ සඳහන් වෙයි. මවක් දියණියකට දක්වන සෙනෙහස, රැකවරණය කෙසේද ඒ හා සමාන සෙනෙහසක්, රැකවරණයක් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ඉතිහාසයේදී දක්වා තිබිණි. මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩමකරවීම, සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ශ්‍රී ලංකාවට වැඩම කරවීම තුළින් එම සෙනෙහස විදහා පා ඇත. එහෙත් වර්තමානයේදී එම සෙනෙහස දුරස්වී ඇති බවක් පෙනේ. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දේශපාලන බල අරගලයයි. එනිසා දැන් භාරත මාතාව ශ්‍රී ලංකාවට සලකන්නේ මවට පිටුපා දීගෙක ගිය දියණියකට හා සමානවය.
ලෝක දේශපාලනය ගත් කල එය ආසියාවට, යුරෝපයට කියා වෙනසක් නැත. සියලු දෙනාම තම මැතිවරණ ජයග්‍රහණය උදෙසා එකම ක්‍රමයක් අනුගමනය කරති. සුදු ජාතිකයන් ඉංග්‍රීසියෙන් කථා කරමින් ඡන්ද ව්‍යාපාරය ගෙනයද්දී අප රටේ දේශපාලනඥයෝ සිංහලෙන් කථා කරමින් ඡන්ද ව්‍යාපාරයේ නිරත වෙති. දෙපිරිසම ඡන්දය කරන ආකාරය බොහෝ දුරට සමානය.
ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිට ලිංගික අපරාධ චෝදනා මත වසර 07 සිර දඬුවම් නියමවී ඇත. ඔහුට ඇති චෝදනාව නම් බාලවයස්කාර තරුණියන් අපචාරයට ලක්කිරීමය.
ප්‍රංශයේ අයවැය ලේඛනය විවේචනය කළ එරට පාරිසරික ඇමැතිවරයා වන ඩෙල්පයින් බැට්හෝව ප්‍රංශ ජනාධිපති ප්රැන්කොයිස් හොලන්ඩේ විසින් ඇමැති ධුරයෙන් නෙරපා ඇත.
අප රටේ මෙවැනි සිදුවීම් වූවා නම් බටහිර ගැති දේශීය මාධ්‍ය විසින් එම දේශපාලනඥයන් පට්ට ගසනු ලබයි. ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය චෝදනා කරනු ඇත.
1987 වසරේ සිට ක්‍රියාත්මක වූ පළාත් සභා ක්‍රමය ඉන්දියාව අපට බලහත්කාරයෙන් පටවන ලද සුදු අලියෙක් වුවද අපට එය අහෝසි කර ගැනීමට නොහැකි වී ඇත. උතුරු නැගෙනහිර පැවැති කොටි ත්රස්තවාදයට මානුෂීය මුහුණුවරක් දෙමින් එය ජනවාර්ගික අර්බුදයක් බව පැවසූ දෙස් විදෙස් පටු දේශපාලනඥයන් පළාත් සභා තුළින් බලාපොරොත්තු වූයේ රට දෙකඩ කිරීමටය.
කොටි ත්රස්තවාදීන්ගේ සන්නද්ධ බළකාය සමූල ඝාතනය කළත් ඔවුන්ගේ දේශපාලන බළකාය සමූල ඝාතනය කිරීමට තවම අපට හැකිවී නැත. එනිසා ඔවුන් විවිධ වේෂයන්ගෙන් මතුවේ.
ඇත්තටම ශ්‍රී ලංකාවේ අසාධාරණයට ලක්වී සිටින්නේ ද්‍රවිඩ ජනතාව නොව සිංහල ජනතාවය. උතුරු නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ තිබූ සිංහල ජනතාවගේ ගම්බිම් අද ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට උරුමවී ඇත. අද සිංහලයාට ඇත්තේ දකුණ පමණි. මේ කිසිවක් වාමාංශික දේශපාලනඥයෝ නොපවසති. සිංහලයාට සිදුව ඇති අසාධාණය ගැන කථා නොකරති.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන ඔවුහු ඊට හේතු වශයෙන් පවසන්නේ සිංහල ද්‍රවිඩ සැමට සමානාත්මතාව ඇතිකිරීමට බලය බෙදාහැරිය යුතු බවය. එහෙත් මේ බෙදාහැර ඇත්තේ සිංහල ජනතාවගේ උරුමය මිස ද්‍රවිඩ ජනතාවගේ උරුමය නොවේ. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා මුස්ලිම් ජාතිකයෙකි. නැගෙනහිර මහ ඇමැතිවරයා ද්‍රවිඩ ජාතිකයෙකි. නමුත් උතුරේ මහ ඇමැතිවරයා බවට සිංහලයකුට පත්විය නොහැකිය. බර්ගර් ජාතිකයකුට පත්වීමට බැරිය. උතුරේ මහ ඇමැතිවරයා ද්‍රවිඩ ජාතිකයකුම විය විය යුතුය. ඔහු හෝ ඇය වෙනත් ජාතිකයකු වුවහොත් එය ද්‍රවිඩ ජනතාවට කරන අසාධාරණයක් ලෙස හුවා දැක්වීමට බොහෝ දෙනා උත්සාහ දරති.
මැතිවරණයකදී ජයග්‍රහණය ලබන්නේ අපේක්ෂකයාට ලැබෙන මනාපය අනුවය. එනිසා වර්තමාන දේශපාලනයේදී ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් උගත් බුද්ධිමත් අපේක්ෂකයන් පරාජයට පත්කරමින් ජයග්‍රහණය ලබති. ඔවුන් දන්නා දේශපාලනයක් නැත. එනිසා ඔවුන් කරන්නේ දේශපාලන තනතුර ආභරණයක් කරගෙන තම සුපුරුදු වෘත්තියේ යෙදීමය. ඡන්දය දුන් ජනතාවට සිදුව ඇත්තේ ඔවුන් දෙස බලා සිනාසීමට හෝ ඇŽමටය.
උතුරු පළාත් මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කිරීම ගැන ඉන්දියාව සතුට පළකර ඇත. බලය බෙදාහැරීම සඳහා විසඳුම් ලබා ගැනීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා විය යුතු බවත්, ඊට ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහභාගිත්වය අනිවාර්ය සාධකයක් බවත් පවසා ඇත. දෙරට අතර පවතින දිගු කාලීන සබඳතා තව තවත් ශක්තිමත්වීම ඉන් සිදුවන බවත් ඉන්දීය රජය පැවසූ බව එරට නිල සංචාරයක නිරතවූ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පවසා තිබේ. මේ නම් අරුම පුදුම සබඳතාවකි. ඔවුන් කියනා දෙය කරනවා නම් අප හොඳය. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව අපට විරුද්ධව ඡන්දය පාවිචිච් කළේ මේ අතීත සබඳතා ගැන නොසිතාද? මේ සියල්ලෙන්ම සිදුවන්නේ සිංහලයාට අසාධාරණයකි.
රටක ප්රජාතන්ත්රවාදය හෝ සමානත්වතාව තීරණය වන්නේ ජාතීන් අනුව නොව නිවැරදි ප්‍රතිපත්ති අනුවය. හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදීර්ගාමර් මහතා කොටි ත්රස්තවාදයට එරෙහිව හඬ නැගුවේත් වෙසක් පෝය දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත්කර ගැනීමට කටයුතු කළේත්, ජාතියක් අනුව සිතා නොවේ. නිවැරදි ප්රතිපත්තියකට අනුව ක්‍රියා කිරීමෙනි.
ආණ්ඩුව උතුරු පළාත් සභාවට හිටපු කොටි මාධ්‍ය ප්‍රකාශකයකු වන දයා මාස්ටර් අපේක්ෂකයකු ලෙස නම් කිරීමට තීරණය කර ඇත. ඔහු හරහා උතුරු පළාත් සභාවේ මහ ඇමැති ධුරය ලබා ගැනීමට ද බලාපොරොත්තු වේ.
යාපනය රෝහලේ ඇති දැඩි සත්කාර ඒකකය ලංකාවේ හොඳම දැඩි සත්කාර ඒකකය බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවැසීය. උතුරේ මිදි දැන් දකුණට පැමිණේ. එසේ නම් උතුරේ ජනතාවට සිදුව ඇති අසාධාරණය කුමක්ද?
ප්රභාකරන් සටන් වැදුනේ ද්‍රවිඩ ජාතිකයන් වෙනුවෙන් නොව තමාට උතුරේ බලය ලබාගැනීමටය. කැනඩාව එංගලන්තය, ප්‍රංශය, ඔස්ටේ්රලියාව ඇතුළු බටහිර රවටලට පැන ගොස් සිටින ශ්‍රී ලාංකික ද්රවිඩයිනට ඒ සඳහා අවස්ථාව උදාවූයේ ප්රභාකරන්ට පිංසිදුවන්නටය. කොටි සංවිධානය නාමයෙන් ඔවුන් එම රටවල සිට කරන්නේ එහි සිටින සිංහල ජනතාව බියවද්දා කප්පම් ගැනීමය. බටහිර ජනතාවගේ අනුකම්පාව දිනාගෙන මුදල් ආධාර ලබාගැනීමය. මේ සියලු දේ ලබාගන්නේ තමුන්ගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙනි. හොර ජාවාරම් ඉකුත්දා එංගලන්තයේ පැවැති ශ්‍රී ලංකා ඉන්දීය ක්‍රිකට් තරගය අතර පිටිය මැදට පැමිණ ඊළාම් කොඩිය ප්‍රදර්ශනය කළ ද්‍රවිඩ ජාතිකයා ලෝක හොරෙක් බව අනාවරණය වී ඇත. එදා එම ක්‍රියාව එංගලන්තයට පැනගොස් සිටින සිංහලයකු සිදු කළා නම් මෙරට ක්‍රියාත්මක වන බටහිර ගැති රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් සංවිධාන වාමාංශික දේශපාලනඥයෝ කෙසේ හැසිරෙනු ඇතිද? ඇතැම් විට එය ඉන්දියාවට එරෙහිව නැඟීs සිටීමක් ලෙස හෝ ඉන්දියාවට කළ අපහාසයක් ලෙස පවසන්නට තිබිණි. ඊට එරෙහිව උද්ඝෝෂණය සහ පිකටින් පැවැත්වීමට ඉඩ තිබිණි.
ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනීs සිටින්නේ මෙවැනි ලෝක හොරු නම් උතුරේ අහිංසක ද්‍රවිඩ ජනතාවට දෙවියන්ගේම පිහිටය. ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් බිහිකරන්නට කැසකවන තමිල්නාඩුවේ මහ ඇමැති ජයලලිතා ජයරාම් සහ කරුණානිධිලාටද දෙවියන්ගේම පිහිටය. එනිසා මුලින්ම උතුරේ ද්‍රවිඩ ජනතාව සිහි බුද්ධියෙන් යුතුව විමසා බැලිය යුත්තේ තමන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන්ද යන වගය. එසේ නොමැතිව ඔවුන් නමින් පෙනී සිටින හොර තක්කඩියනට මුළා වුවහොත් සිදුවන්නේ ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇන්නා සේ අකරතැබ්බයකි.
* උපාලි ද සේරම්

0 comments:
Post a Comment