Pages

Tuesday, July 23, 2013

‍පොලිස් බලතල වැඩිකිරීම ඉන්දු-ලංකා ගිවිසුම කැඩීමක් - බැසිල් හින්දු පුවත්පතට කියයි

පළාත් සභා සතු ‍පොලිස් බලතල වැඩි කිරීමෙන් මෙරට පරිපාලන ව්‍යුහයන් අසීරුවට පත්කරලීමේ කිසිදු අවශ්‍යතාවක් රජයට නැතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී. ඉන්දියාවේ පළවන “ද හින්දු” පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස ප්‍රකාශ කර ඇත. ‍පොලිස් බලතල වැඩිකිරීම යනු ඉන්දු ලංකා ගිවිසුම ද උල්ලංඝනය කිරීමක් වන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදී

පළාත් සභා වෙත පාලනයකින් තොරව ‍පොලිස් බලතල ලබාදීම තුළින් වෙනම හමුදාවක් ගොඩනගා ගැනීමේ අවදානමට මුහුණ දිය නොහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත පළාත් සභා ක්‍රමයේ පරිපාලන ව්‍යුහය වඩාත් පහසු වන්නේ එම බලතල නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් පමණක් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත. දෙමළ ජනතාවගේ අයිතීන් සහ ආරක්ෂාව පරිපාලන ව්‍යුහයකින් ශක්තිමත් කිරීම ඉන්දු ලංකා ගිවිසුම් ප්‍රකාරව 13 වන සංශෝධනයෙන් රජය අපේක්ෂා කළ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදී ඇත. ඉන්දු ලංකා ගිවිසුමට අනුව රටේ අනෙකුත් පළාත්වලට මෙන්ම උතුරු නැගෙනහිර ආරක්ෂාව හා නීතිය බලාත්මක කිරීම සඳහා එකම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. මුළු රටටම එක් ‍පොලිස් බළකායක් හැරෙන්නට අමතර බළකායන් සිටිය නොහැකි බවත්, ‍පොලිස් බලතල තිබිය යුත්තේ එක් ‍පොලීසියකට පමණක් බවත් බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

2013 ජූලි 22 01:05 a.m

0 comments: