දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලද එම ඇසිදිසි මානයේම පිහිටි "ඇහැලේපොල වලව්ව" අදින් වසර 195 කට ඉහතදී පිරී ඉතිරී ගියේ, ඇහැලේපොල මහ නිළමේගේත්, ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු දූ දරුවන්ගේත් සෙනෙහස පිරි හිනාවැල් අතරිනි.
පතිභක්‌තිය හිස් මුදුනින්ම සැලකූ ඇහැලේපොල කුමාරිහාමි කොපමණ තාඩන පීඩන ගලා ආවද, කිසිදු අවස්‌ථාවක වඩිග රජෙකු හමුවේ කුමන කාරණයක් මත්තේ වුවද දෙදණ නැමුවේ නැත. ඇහැලේපොල වලව්ව අබිමුවෙහි, පිහිටා තිබූ ශ්‍රී වික්‍රම රාජසිංහ මාළිගා පරිශ්‍රයෙහි වූ කවුළුව තුළින් රජු හෙළු රතිපති බැල්මට ඇහැලේපොල කුමාරිහාමි පමණක් නොව ඇයගේ පාද ස්‌පර්ශය ලබන රජස්‌යෝද හසු වූහ. එයිනුදු ඇය නොසැලුණේ ආදරණීය බිරිඳක්, සෙනෙහෙබර මවක්" සේම ගාම්භීර හෙළ කුල කාන්තාවක්‌ය යන සේයාව මතු ශ්‍රී ලාංකික කතුන්ට ද හුවා දක්‌වමිනි.
දෛවයේ සරදමක මහතෘ කන්ද උඩරට රාජධානිය පසුකාලීනව ඉංග්‍රීසීන් යටතට පත්වීමෙන් පසුව, ඇහැලේපොල අධිකාරම් හෙවත් මහ නිලමේතුමාට තම නිවසේම සිරකරුවකු බවට පත්වීමට සිදු විය. නොසැලුණු ගුණයත්, එඩිතර බව හා නොපසුබට වීර්යයත් හේතුවෙන් අද මෙන්ම එදාත් දඬුවම් වින්දේ නිවැරදිකරුමය.
වසර 1818 දී ඇහැලේපොල වලව්ව හෙවත් එදා සෙනෙහෙ පිරි කැදැල්ල වූ සිය නිවස තුළදීම ඉංග්‍රීසීන් විසින් නිවාස අඩස්‌සියට පත් කළ ඇහැලේපොල අධිකාරම් රාජ ෙද්‍රdaහය හා කැරලි ගැසීමේ වරදට මුරුසියට පිටුවහල් කරන ලදුව එහිදී මියගොස් ඇති බව සැළයි.
එදා ඇහැලේපොල අධිකාරම් සිය නිවසේදීම පළමු සිරකරුවා ලෙසින් ආරම්භ කළ සිර කඳවුර හෙවත් ඇහැලේපොල වලව්ව, මොණරවිල කැප්පෙටිපොල නිළමේතුමන් ඇතුළු ජාතික විරුවන් 52 ට ආරක්‍ෂිත සිර කඳවුරු විය.
මහනුවර මැගසින් බන්ධනාගාරයට අනුයුක්‌ත කාන්තා බන්ධනාගාරය ලෙස මේතාක් පවත්වාගෙන ගියේ එදා ඇහැලේපොල වලව්ව වූ බිමය.
වරදකට දඬුවම් ලැබූ කන්ද උඩරට කාන්තාවෝ, සිරබත් බුදිමින්, දළදා තේවා හඬ විඳිමින් එහිදී දඬුවම් වින්දෝය. රජුට පමණක් දෙවැනි වූ මහ අධිකාරම්ගේ බිරින්දෑ වූ ඇහැලේපොල කුමාරිහාමි මේ බිත්ති අතරේම රජ සැප වින්දේ අද වන තෙක් සිරබත් කෑ රැඳවියන්ටද වඩා වැඩි පීඩාවකිනි. ඇය සතු වූ මහා වරද වූයේ, අසීමිත වූ රූපශ්‍රීයයි. ජීවිතය ජීවත්කරවීමට පවා හිරිහැරයක් වූ ඒ රුව ගුණ නිසා ඇය විඳි තාඩන පීඩන, හෙළු සෝ සුසුම් කඳුළු, ඇහැලේපොල වලව්වේ බිත්තිවලට හුරුයි. ඉන් නොනැවතී, තවත් දස දහසක් කාන්තාවෝ මේ වන තුරුම මෙම බිත්ති අතර සිර වී සෝ සුසුම් මුදාහැළු හ.
මෙරට ගෘහ නිර්මාණ ශිල්පයේ එක් අපූරු පැතිකඩක් විවරණය කරන්නා වූ කන්ද උඩරට වලව් පිළිබඳව සමාජය තුළ යළිත් කතාබහ ඇතිව තිබෙන්නේ, ඇහැලේපොල වලව්ව හරහායි. ඒ පුරා වසර 195 ක් පමණ කාලයක් සිරකරුවන් රඳවා තැබූ ඇහැලේපොල වලව්ව, ජාතික උරුමයක් ලෙස සුරැකීම සඳහා රජය කටයුතු කරන නිසාවෙනි. එහි පළමු පියවර ලෙස මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පැවැති ඇහැලේපොල වලව්ව ඊයේ (13 දා) බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත නිල වශයෙන් භාරදුන් නිසාය.
මෙරට අවසන් රාජධානියෙන් පසු සෙංකඩගල අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය සමයේ (1798-1815) මහනුවර නගරය තුළ වලව් 18 ක් තිබූ බව ඉතිහාසයේ සඳහන් වන්නේ වර්තමානයේ දෑසින් දැක අත්විඳිය හැකි සාක්‍ෂි ද සමගිනි.
වලව්වක් යනු නිවාස හෝ මැඳුරුවලට වඩා බෙහෙවින් වෙනස් වූ ගොඩනැඟිල්ලකි. අසාමාන්‍ය විශාලත්වයකින් හෙබි විසිත්ත කාමරයක් සහ පරම්පරා ගණනාවක ප්‍රභූන්ගේ ඡායාරූප, පදක්‌කම්, කඩු කස්‌තාත ස්‌තුති පත්‍ර, පමණක් නොව පුරාණ කොඩි වර්ග, සිය පරපුරේ ධජ පතාක, පිත්තල භාජන, සේසත් මුරායුධ ආදිය දැකිය හැකි තැනකි.
රජුන්ගේ අමාත්‍යවරුන් වූ අධිකාරම්වරු හෝ මහ නිලමේවරු යන නාමයෙන් ගරුබුහුමන් ලැබූ පිරිස් රජවාසල ආසන්නයේ රඳවාගෙන සේවය ලබා ගැනීම පිණිස වලව් ඉදිකර ඇති බව කියෑවෙයි. අධිකාරම්වරු අතරින් රජුට උපස්‌ථාන කිරීම පිණිස මූලිකත්වය ගන්නා අධිකාරම් "මහ නිළමේ" වෙයි. ඇහැලේපොළ අධිකාරම් ද මහ නිළමේ කෙනෙකි. ඔහු රජුගේ සේවයේ කටයුතු කළ නිසාම රජුට උපස්‌ථාන කළ නිසාම රජවාසල අසල වලව්ව ඔහුට හිමි විය.
ශ්‍රී දළදා මාළිගය අසල ශ්‍රී වික්‍රම රාජසිංහ මාලිගය එකල පිහිටා තිබූ අතරම රජවාසල සීමාවට පැමිණිය හැකි වූයේ අධිකාරම්වරුන්ට පමණි. අද මහනුවර නගරය ඇති තැන එදා පිහිටියේ වලව් 18 ක් දේවාල හා විහාරත් පමණකි. නගරයට ඇතුළුවීමට වාහල්කඩ තුනක් පමණක් පැවැතිණි.
අද ත්‍රිකුණාමල වීදිය ඉස්‌මත්තේ නගර සභාව එදා දුනුවිල වලව්වයි. ඒ අසල වූ නාගහ මුරපොල පැවැති මාර්ගය පළමු වාහල්කඩ විය. (වත්මන් මහයියාව කටුගස්‌තොට දෙසට වන මාර්ගය) බස්‌නාහිර වාහල්කඩ පැවතියේ වත්මන් මහනුවර පොලිසිය අසල මාර්ගය හෙවත් පේරාදෙණිය දෙසට ඇති මාර්ගයේය. නැගෙනහිර වාහල්කඩ ධර්මරාජ විදුහල අසල හෙවත් කුණ්‌ඩසාල මාර්ගයේ ආරම්භයේය.
වාහල්කඩ තුන භාරව සිටියේ රජුගේ දෙවැනි අධිකාරම්ය. අධිකාරම්වරු නවාතැන් ගත් වලව් පෙළ නාමිකව දැක්‌වූ විට, ඇහැලේපොල වලව්ව, ඇල්ලේපොල වලව්ව දුනුවිල වලව්ව, මොලදණ්‌ඩ වලව්ව, නුගවෙල වලව්ව, මුල්ලේගම වලව්ව, කපුවත්ත වලව්ව, වෑගොඩපොල වලව්ව, මීගස්‌තැන්න වලව්ව, මාම්පිටිය වලව්ව, ඇරැව්වාවල වලව්ව ඇරෑපොල වලව්ව, මොල්ලිගොඩ වලව්ව දූල්ලෑව වලව්ව, සහ රත්වත්තේ වලව්වයි.
මේ වලව් අතරින් පිළිමතලාව වලව්ව පිහිටි ස්‌ථානය අද මහනුවර ජනපති මැඳුරය. පිළිමතලාව වලව්වේ තවත් කොටසක වත්මන් ආණ්‌ඩුකාර නිල නිවසය. දූල්ලෑව සියපත්තුවේ වලව්ව අද රැජිණ හෝටලයය. වලව්වේ තිබූ ඇතැම් පිඟන් භාණ්‌ඩ, පිත්තල බන්දේසි ඇතුළු ඇතැම් දෑ අදටත් එහි දක්‌නට ලැබේ. වලව්වලට ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්පය අද ද එහි දක්‌නට ලැබේ. ඒ ආසන්නයේම පිහිටි මොල්ලිගොඩ හා ඇරෑපොල යන වලව් යටපත් කරගෙන ව්‍යාපෘති ගොඩනැඟිලි ඉස්‌මතුව ඇති බැවින් අතීතයේ එම ස්‌ථානවල වලව් පැවතියේද යන්න සිතාගැනීමට පවා නොහැකිය.
රත්වත්තේ වලව්ව අද චන්ද්‍රd සිල්ක් හවුස්‌ය. රජ වීදියේ පිහිටි දෙහිගම වලව්ව අද සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනයයි. දුනුවිල වලව්ව අද නගර සභාවය. කොටුගොඩැල්ල වීදියේ පිහිටා තිබූ නුගවෙල, මොලදණ්‌ඩ, හා මුල්ලේගම වලව්වල ඡායාවක් පවා අද සොයා ගැනීම ද අපහසුය.
වලව් රැසක්‌ම විවිධ හේතු මත අන් සතු වී තිබීමට වඩා ඒවා එපරිද්දෙන්ම භාවිත නොකොට, කඩා බිඳ දමා වෙනත් ඉදිකිරීම් සිදු කර තිබීම ජාතියේ ඉතිහාසය බිඳ දැමීමකි. ඊට එරෙහි වුණු, එරෙහි වෙමින් ඉතිහාසය රැක ගැනීමට උත්සාහ දැරූ ජාතිමාමක පිරිස් බොහෝය.
ඒ අතුරින් එක් අයෙකු වූ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විඡේරත්න මහතා පුන පුනා කරුණු හුවා දැක්‌වූයේ, ලෝක උරුම කමිටුවටය. ඔහුගේ ඉල්ලීම වූයේ, පෙර කල සිටි අධිකාරම්වරු, දිසාවරු, රටේ මහත්වරු ඇතුළු ප්‍රභූවරු පාවිච්චි කළ ඇඳුම් ආයිත්තම් ආභරණ, ඇතුළු සියලුම භාණ්‌ඩ හා ඊට අදාළ සියලු තොරතුරු සංරක්‍ෂණය කර, ඇහැලේපොල වලව්වේ තබා එය කෞතුකාගාරයක් කරන ලෙසය.
ඇහැලේපොල වලව්වේ වලව්ව තව දුරටත් යෙහෙන් ආරක්‍ෂා වූයේ, වසර 195 ක් පුරාම බිත්ති අතරට එකතු වූ දුක් අඳෝනා, තැවුල් වේදනා මුසු වූ කඳුළු හා සුසුම් නිසාවෙනි. ඉතිහාසය පාගා පොඩිකර දමා ගියහොත් අනාගතයක් නැත.
ඇහැලේපොල අධිකාරම් අද ජීවත්වන අපට පාඩම් ඉතිරි කර ගොස් තිබේ.
ඇහැලේපොල කුමාරිහාමි සමස්‌ත කාන්තා පරපුරටම පාඩම් කියාදී ඉතිරි කරද ගොස් තිබේ. ඔවුන්ගේ දූ දරුවෝ ද එසේමය.
වසර 200 කට ආසන්න කාලයක් මේ මිහි මත ඉතිරිව තිබූ, දෑසින් දැක උගෙනීමට, ආඩම්බර වීමට, ඉතිහාසය සාක්‍ෂි සමග ඔප්පු කිරීමට ඇති "ඇහැලේපොල වලව්ව" මතු පරපුර වෙනුවෙන් රැකගත යුතුය.
වරදකට දඬුවම් ලබමින් සිටියද සිරකරුවෝ එය රැක ගත්හ. ඉදිරියටද අපගේ ලෙයින් මසින් වැඩෙන ශ්‍රී ලාංකික දූ පුතුන් වෙනුවෙන් එය රැකදේවාෘ
විශේෂ ස්‌තුතිය - ශ්‍රී දළදා මාළිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විඡේරත්න මහතාට
උපේක්‍ෂා වීරසේකර
http://www.divaina.com/2013/07/14/feature03.html

0 comments:
Post a Comment