Pages

Monday, July 29, 2013

කිතුණුවන්ට එරෙහි මුසලු අන්තවාදයට එරෙහි වන්න - පුටින් ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

මැද පෙරදිග සහ උතුරු අප‍්‍රිකානු කලාපය ඇතුළු ලොව බොහෝ ස්ථානවල ක‍්‍රිස්තියානි සහ  ඕතොඩොක්ස් ක‍්‍රිස්තියානි ආගමිකයන් ඇතුළු සුළුතර ආගමික ලබ්ධිකයන්ට එරෙහිව පීඩනය එල්ල වන බවත් එම තත්වයට එරෙහිව කඩිනම් පියවර ගැනීම අවශ්‍ය වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ක‍්‍රි.ව 988දී ව්ලැදිමීර් කුමරු විසින් කිතුණු දහම වැළඳගැනීමේ සිදුවීමේ 1025 වැනි සංවත්සරය සමරමින් රුසියාවේ  ඕතොඩොක්ස් දේවස්ථාන 15කින් මොස්කව් වෙත රැස්වූ නියෝජිත පිරිසක් අමතමිනි.

අන්තර් ලබ්ධික සහජීවනය කෙරෙහි අත්දැකීම් බහුල රුසියාව ඒවා බෙදාගැනීමට කැමැත්තතෙන් සිටින බවද ඔහු සඳහන් කර ඇත.

රුසියානු  ඕතොඩොක්ස් නිකායික ප‍්‍රධානි අතිපූජ්‍ය කිරිල් පියතුමා පවසා ඇත්තේ ක‍්‍රිස්තියානියේ තිඹිරිගෙය වන සිරියාවේදී කිතුණු ලබ්ධිකයන් ඝාතනය කිරීම සහ සිරියාවෙන් පන්නා දැමීමට තැත් කිරීම ශිෂ්ඨාචාර විනාශයක් බවයි.

රුසියාවේ  ඕතොඩොක්ස් දේවස්ථාන 15 සමග මිලියන 225ක කිතුණු ලබ්ධිකයන් පිරිසක් සිටින බව පැවසේ.

කිතුණුවන්ට එරෙහි පීඩනයට එරෙහිවන ලෙස පුටින් ජාත්‍යන්තරයෙන් ඉල්ලයි
July 29, 2013 at 11:31 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/98299/

0 comments: