13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම අවලංගු කිරීමට හෝ එය රටේ සම්මත නීතියක් හැටියට තවදුරටත් ක්‍රියාත්මක වීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඊයේ (11 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.
ළමා සුබසාධනය සඳහා වූ පුණ්‍ය ආයතනයක සභාපති වන මීගමුව කෙළින් පාර අංක 319/18 පදිංචි සිරිවර්ධන මුදියන්සේලාගේ පද්මප්‍රියා සිරිවර්ධන මෙහි පෙත්සම්කාරියයි.
සිරිවර්ධන මහත්මිය සිය පෙත්සමෙන් කියා සිටින්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එලෙසින්ම ක්‍රියාත්මක වීමට ඉඩ හැරියහොත් ජනතා පරමාධිපත්‍යය නීතියේ ආධිපත්‍යය ව්‍යවස්ථාවේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨත්වය හීනවීමක් ඊට සිදුවිය හැකි බවයි.
නීතිය හමුවේ රටේ සියලු දෙනාම එක හා සමානව සැලකිය යුතු බවට හා නීතියේ ආරක්ෂාව ලැබිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සුරක්ෂිත කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ රෙගුලාසි වලින් උල්ලංඝණය වී ඇති බවට තීන්දු කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි 1987 ඔක්තෝබර් 9 වැනිදා සලකා බැලූ හත්දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම පනත් කෙටුම්පතේ ඇතුළත් 154 (ජී) රෙගුලාසිය පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු යෑයි තීරණය කළ නමුත් එය නොසලකා හැර පනත සම්මත කරගත් බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
එනිසා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසියාකාරව රටේ සම්මත නීතියක් බවට පත්ව නැතැයි ද පෙත්සම්කාරිය කියා සිටී.
පෙත්සමෙන් ඉල්ලා සිටින සහනයන් ලබා දීමට රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතලවලට අමතරව ආවේනික බලයක් ඇතැයිද ඇය වැඩිදුරටත් පෙත්සමේ සඳහන් කර ඇත.
මෙම පෙත්සම මෙම 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
නීතිපති, පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ, පළාත් පාලන හා පළාත් සභා සංවර්ධන ඇමැති එම්. එල්. එම්. අතාවුල්ලා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
සරත් ධර්මසේන
http://www.divaina.com/2013/07/12/news31.html

0 comments:
Post a Comment