සිංහල බෞද්ධ සමාජය තුළ ගව ඝාතන විරෝධය නැවත ඉස්‌මතු වී තිබේ. බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිගේ ජීවිත පූජාව ඒ සඳහා ආසන්නතම හේතුව යෑයි සිතිය හැකිය. මේ සමග ඇතැම් පළාත්වල ගව ඝාතකාගාර වැසී යමින් පවතින අතර කලක් යටපත් වී තිබූ ගව ඝාතන විරෝධී සංවාදය ද නැවත උච්ඡතම අවස්‌ථාවට පැමිණ තිබේ. මේ සංවාදයට එක් වන බොහෝ දෙනෙකු එය ආගමික පදනමින් විග්‍රහ කිරීමට උත්සාහ කරනු දැකිය හැකිය. බුදුන් වහන්සේ බෞද්ධයන්ට මස් කෑම තහනම් කළේ ද? අඩු තරමින් ගව මස් කෑම තහනම් කළේ ද? පව් සිදුවන්නේ ගවයින් මැරූ විට පමණ ද? සිංහල බෞද්ධයන් ඌරන් කුකුළන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි? ගව ඝාතන විරෝධය පටු ආගම්වාදී සටනක් නොවේද? ආදී විවිධ ප්‍රශ්න මේ වන විට පැන නැඟී තිබේ. ඒවාට තම තම නැණ පමණින් පිළිතුරු ද සම්පාදනය කොට තිබේ. ගව ඝාතන විරෝධී සටනට එරෙහි වන්නෝ බෞද්ධ දර්ශනය මත නොව මහාවීරතුමාගේ ජෛන දර්ශනය මත පදනම්ව කරුණු දක්‌වනු පෙනේ. අනෙක් අතට බෞද්ධ දර්ශනය අනුව වුව ද ගව ඝාතන විරෝධයේ සැබෑ පදනම අවබෝධ කරගත නොහැකිය. එයට හේතුව ගව ඝාතන විරෝධය හුදු ආගමික මූලයකින් නොව සංස්‌කෘතික මූලයකින් පැන නැඟීමය. එකී සංස්‌කෘතික මූලය ආගමික බලපෑමින් විනිර්මුක්‌ත බවක් ඉන් නොඇඟවේ.
මිනිසා ශිෂ්ටාචාරය පුරා තමා ජීවත් වන පරිසරය වඩා සුවදායි කරගැනීම සඳහා මහා අරගලයක නිරත වෙයි. තමා ජීවත් වන ප්‍රදේශයේ දේශගුණය, භෞතික පිහිටීම, භූ විෂමතාව, ආර්ථික ක්‍රමය, ආගම ආදී සාධක සමග ඔහු වසර සිය ගණනක් ගනුදෙනු කරයි. විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙයි. ඒ ඔස්‌සේ නේක අත්දැකීම් ලබයි. ඒ අත්දැකීම් දැනුම මත ඔවුන්ට ආවේණික සිරිත් විරිත් ඇගයුම් විශ්වාස පද්ධති හැසිරීම් රටා නිර්මාණය වෙයි. සමාජයෙහි පොදු යහපත අරමුණු කොට ගෙන නිර්මාණය කරගනු ලබන මේ ඇගයුම් පද්ධතියට සංස්‌කෘතිය යෑයි කිව හැකිය. සංස්‌කෘතිය යනු හැදියාව යෑයි ඉතා සරලව කිව හැකිය. පෙර සඳහන් කළ පරිදි මිනිසාට ශිෂ්ටාචාරගත වීමේදී මුහුණපෑමට සිදුවූයේ එක සමාන දේශගුණික, භෞතික, ආර්ථික සහ ආගමික සාධකවලට නොවේ. එනම් එම සාධක ප්‍රදේශයෙන් ප්‍රදේශයට ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට වෙනස් විය. මේ නිසා ඔවුන් මුහුණපෑ ගැටලු මෙන්ම ලැබූ අත්දැකීම් ද එකිනෙකට වෙනස් වූ අතර ඒවා පදනම් කරගෙන බිහි කරගත් සිරිත් විරිත් ඇගයුම් විශ්වාස පද්ධති එනම් සංස්‌කෘතීන් එකිනෙකට වෙනස් විය. වෙනත් ලෙසකින් කිවහොත් බඳුනකට ජලය දමන විට ජලය බඳුනේ හැඩය ගන්නාක් මෙන් ඒ ඒ දේශගුණික, ආර්ථික, ආගමික සාධක නමැති බඳුන් තුළ මිනිස්‌සු ඒ ඒ බඳුන්වල හැඩයට අනුගත වූහ.
භාරත සංස්‌කෘතියට හින්දු ආගම පදනම් වූ අතර ලංකා සංස්‌කෘතියට පදනම් වූයේ බුදු දහමය. බෞද්ධ සහ හින්දු ආගම්වල සතුන් සමග ඇති සබඳතාව ඉතා ප්‍රබලය. ජාතක පොතේ සඳහන් පරිදි බෝසතුන් වහන්සේ විවිධ සත්ව ජන්මයන්හි උපත ලැබූහ. විටෙක බෝසත් හාවෙකි. විටෙක බෝසත් ගවයෙකි. විටෙක වඳුරෙකි. තවත් විටෙක ඇතෙකි. සංඝයා අතර ඇති වූ භේදක් නිසා වරක් වනයට වඩින බුදු රදුනට සමසක් උවටැන් කරන්නේ පාරිලෙයිය නම් ඇතෙකි. මුචලින්ද නාගයා, නාලාගිරි ඇතා බුද්ධ චරිතයේ විවිධ අවස්‌ථා සමග සම්බන්ධ වෙයි. අනෙක් අතට ගවයා, වඳුරා ආදී සතුන් හින්දු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර විය. (එහෙත් කතෝලික හෝ ඉස්‌ලාම් ආගම්වල එවන් සමීප සබඳතාවක් ඇතැයි කිව හැකි නොවේ. කතෝලික දහම තුළ ඡේසුතුමා ගව ලෙනක උපත ලැබීම සහ වරක් බැටලු රංචුවක් සමග සිටීම වැනි අවස්‌ථා කිහිපයක් දැකිය හැකි වුවත් ඉස්‌ලාම් දහම තුළ එවන් අවස්‌ථා ඇති ද යන්න සැක සහිතය.) මෙම ආගමික භාවිතයන් කාලයත් සමග ඒවා අනුගමනය කරන ප්‍රජාවෙහි සංස්‌කෘතිය සමග බද්ධ වෙයි. ප්‍රජාවෙහි චින්තනය සිතුම් පැතුම් රුචි අරුචිකම් තීරණය කරනු ලබන්නේ සංස්‌කෘතිය විසිනි. ආගම් ඔස්‌සේ සංස්‌කෘතියට අවශෝෂණය කරගත් මෙකී සත්ව සබඳතාව නිසා බුදු දහම පදනම් කරගත් සිංහල බෞද්ධ සංස්‌කෘතිය තුළ ද හින්දු දහම පදනම් හින්දු සංස්‌කෘතිය තුළ ද ආහාර සංස්‌කෘතිය බෙහෙවින් නිර්මාංශ විය. එමෙන්ම සිය සංස්‌කෘතිය තුළ බුහුමනට පාත්‍ර වන සතුන් ඔවුහු සුවිශේෂ කොට සැලකූහ. ඒ ඒ සංස්‌කෘතීන් නිර්මාණය වීමේදී ආර්ථික ක්‍රමය නැතහොත් ජීවන ක්‍රමය බලපාන බව පෙර ද සඳහන් කළෙමි. ඒ අනුව ගත් කල භාරතීය ශිෂ්ටාචාරය මෙන්ම ලංකා ශිෂ්ටාචාරය ද කෘෂිකාර්මක ශිෂ්ටාචාර යෑයි කිව හැකිය. ඝර්ම කලාපයෙහි පිහිටි මේ දෙරටෙහි ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා උචිත සමසීතෝෂ්ණ දේශගුණයකි. එහෙයින් ඔවුහු ගංගා නිම්න ආශ්‍රිතව සිය ජනාවාස නිර්මාණය කොට ගත්හ. එම ගොවි සමාජවල වැසියාට සිය ජීවනෝපාය සඳහා ගවයා නැතිවම බැරි සම්පතක් විය. පස්‌ගෝ රස ලබාගැනීම, කුඹුරු සී සෑම, ගැල් ඇදීම, සම් භාණ්‌ඩ, ගොම පොහොර ලබා ගැනීම ආදිය ඒ අතර ප්‍රමුඛ විය. එම සමාජවල මුල් යුගයෙහි ගව මස් කෑවේ යෑයි අනුමාන කළ හැකි වුවද උගෙන් ලද මහත් ප්‍රයෝජන සලකා පසුව එයට එරෙහිව සමාජ මතයක් නිර්මාණය වූයේ යෑයි සිතිය හැකිය. ගවයන් මරණ තැනැත්තා මරා දැමිය යුතු බව අර්ථශාස්‌ත්‍රයෙහි සඳහන් වෙයි. මහත්මා ගාන්ධිතුමා ගවයා හැඳින්වූයේ දශ ලක්‌ෂ සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ අම්මා ලෙසය. මෙලෙස භාරතීය ශිෂ්ටාචාරය ගොඩනැගීමෙහිලා ගවයා ඉටු කළ මහත් කාර්යභාරය නිසා ගවයා එම ආර්ථිකය දරා සිටින ස්‌ථම්භයක් වූ නිසා ඌ එම ශිෂ්ටාචාරයෙහි වරප්‍රසාදිත සත්වයකු බවට පත්විය.
භාරතයෙහි මෙන්ම ලංකා සංස්‌කෘතියෙහි ද ආර්ථික පදනම වූයේ කෘෂිකර්මාන්තය වන අතරම සිංහලයාගේ ප්‍රධාන ආහාරය බත්ය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන වගාව වූයේ වීය. එහෙයින් සිංහල සංස්‌කෘතිය සහල් සංස්‌කෘතියක් යෑයි කීවද එහි වරදක් නොමැත. ඒ තුළ ගවයාට සුවිශේෂ තැනක් ලැබිණි. බොහෝ විට සිය නිවෙස්‌හි ඇති කළ ගවයා සැලකුණේ තම පවුලේ සාමාජිකයෙකු ලෙසිනි. උන් ඇමතුයේ රත්ති, හඳයා, තොප්පියා, වයිරා, වල්ලියා වැනි හුරතල් නම්වලිනි. ගවයින් ලවා සීසාන විට සිංහල ගොවීන් අඬහැර පෑවේ 'සුරතල් මීමෝ' බුදුන් දැක නිවන් දැකපන් මයෙ වහු දරුවෝ' 'පින් අයිති වෙයි උඹලට මයෙ අප්පච්චියෙ' 'දෙවි රැකවරණයි මයෙ වස්‌තුවෙ' ආදී කාරුණික වඳන්වලිනි. තමන්ගේ ජීවිත සරුසාර කොට දැස් පියාගන්නා ගවයාට සිය පවුලේ ඥතියෙකුට මෙන් පාංශුකූලයක් දීමට ද දානමාන දී පින් අනුමෝදන් කිරීමට ද හේ කාරුණික විය. මේ දැඩි සබඳතාව නිසා සිංහල බෞද්ධයෝ කවදත් ගව මස් කෑම පිළිකෙව් කළේය. ආචාර්ය හේම එල්ලාවල මහතා සිය 'පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය' නම් කෘතියේ මෙසේ සඳහන් කරයි. 'මස් සඳහා ගවයන් ඇති කළ බව පැවසෙන එකම සඳහනක් වත් අපට කිසිම තැනක හමු නොවූ බව විශේෂයෙන් සැලකිය යුතුය. අප මුලින් පෙන්වා දුන් පරිදි ගව මස් ආහාරයට ගැනීම උසස් කුලවතුන්ට සම්පූර්ණයෙන් ම තහනම් විය. ගව මස් ආහාරයට ගන්නා අය චණ්‌ඩාලයන් ලෙස සලකනු ලැබූහ. "ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. ගෙරිමස මුවෙහි නොතබන්නේය" යෑයි රොබට් නොක්‌ස් සිය එදා හෙළදිව කෘතියෙහි පවසා තිබේ. අනගාරික ධර්මපාලතුමා "ගවමස් කන්ට එපා. ගවයා මරන්ට දෙන්ට එපා. ගවයන් මරණ තැනකට යන්ට එපා. ගවයන් මරණ තැනැත්තා චණ්‌ඩාල රොඩියෙකි. ගව මස් කන එකා රොඩී රැලට දාන සිරිතක් පෙර ලංකාවේ තිබුණි." යෑයි ප්‍රකාශ කළේ සිංහලයාට සිය ශිෂ්ටාචාරය ගොඩනැගීමට හරි හරියට උර දුන් ගවයාට කෘතගුණ සැලකීමේ අවශ්‍යතා නිසා විය යුතුය. මේ අනුව සිංහල බෞද්ධයන් ගව මස් කෑම පහත් කොට සැලකූ බව ඊට විරුද්ධව නීති පවා සම්පාදනය කොට තිබුණු බවත් පැහැදිලිය.
ලාංකේය සංස්‌කෘතිය බිහිවීමෙහිලා ආගමික පදනම සැපයුණේ බුදු දහමිනි. බුදුන් වනාහි භාරතීය වෛදික නැතහොත් හින්දු සංස්‌කෘතිය තුළ ඉපිද බුද්ධත්වය ලබාගත් මහා පුරුෂයෙකි. එහෙයින් උන්වහන්සේගේ ධර්මය තුළ ගවයාට සුවිශේෂ තැනක් ලැබීම පුදුමයට කරුණක් නොවේ. බෝසතුන් වහන්සේ නන්දිවිසාල ජාතකයෙහි නන්දි නම් ගවයා ලෙස උපත ලැබූහ. උන්වහන්සේ ගාවි උපමා සූත්‍රය දේශනා කළේ ගවදෙන උපමා කරගෙනය
සිංහල බෞද්ධ බහුතරය ගොවීහු හෝ ගොවීන්ගෙන් පැවත එන්නෝ වෙති. ඔහුගේ ප්‍රධාන වගාව වී ය. ඔහු සිතන පරිදි වී බුද්ධ භෝගයකි. ගොයම් නෙළා කුරුලු පාළුව යෑයි කුරුල්ලන්ට කොටසක් ඉතිරි කරන ඔහු වී කරල් අහුරක් සිය නිවසේ බරාදයේ කුරුල්ලන් වෙනුවෙන් එල්ලා තබයි. ඔහුගේ සියලු සංස්‌කෘතික කෑම නිර්මාංශය. ඔහු නිර්මාංශ නොවුණ ද ඔහුගේ කෑම වේලට මස් මාංශ අනිවාර්ය හෝ ප්‍රමුඛ කොටසක් නොවිණි. ඔහු නිතර සිය නිවෙසට පැමිණි පසුව අතුරුදන් වූ තලගොයාට නිවන් සුව පතයි. හේන් ගොවිතැනට කැලේ කොටා ගිනි තැබීමට පෙර සතුන්ට ඉවත්ව යන්නැයි ආයාචනා කරයි. සිංහල ගැමිලිය කිසි විටෙක උණු වතුර සිසිල් වන තුරු බිමට විසි නොකරන්නීය. දිනපතා කාක පොල් කටුවට බත් මිටක් දමන්නීය. පොහෝ දිනවල බිත්තර නොපුපුරවන්නීය. මහ මඟ බල්ලෙකු මැරී සිටිය ද අනේ අපොයි කියන්නීය. අසංස්‌කෘතික අධ්‍යාපනය, වානිජකරණ සුනාමිය සහ තිස්‌වසක කුරිරු ත්‍රස්‌තවාදය හමුවේ එම සංස්‌කෘතියෙහි ඇතැම් අංග වියෑකී ගිය ද එම සංස්‌කෘතික පදනම් මුලිනුපුටා දැමීමට සමත් වී නොමැත. නැතහොත් තවමත් ජාතියේ ආධ්‍යාත්මය මිය ගොස් නොමැත.
සෑම සමාජයකම එක් ප්‍රධාන සංස්‌කෘතියක් තිබේ. ඒ කතෝලික, හින්දු, ඉස්‌ලාම් හෝ බෞද්ධ විය හැකිය. ඒ ඒ සංස්‌කෘතිවල ඒවාට ආවේණික ඇගයුම් පද්ධති, සිරිත් විරිත් තිබේ. එහි ජීවත් වන්නාගේ චින්තනය සිතුම් පැතුම් සකස් වන්නේ ඒ මතය. සිංහල බෞද්ධයන් ගව මස් නොකන්නේ ඒ සංස්‌කෘතික බලපෑම නිසාය. මුස්‌ලිම් අය ඌරු මස් නොකන්නේ ඒ නිසාය. හින්දු ජනතාව ගව මස් නොකන්නේ ඒ නිසාය. එංගලන්ත වැසියා බලු මස් නොකන්නේ ඒ නිසාය. කිසියම් සංස්‌කෘතියක් රජයන සමාජයක් වෙත ඊට ආගන්තුක වන කිසිවෙකු පැමිණියහොත් ඔහුට ඒ සංස්‌කෘතියට කිසියම් දුරකට අනුගත වීමට සිදුවෙයි. ඒ ඔහුට සිය නිජ සංස්‌කෘතිය මුළුමනින්ම ඒ නව පරිසරය තුළ ක්‍රියාත්මක කළ නොහැකි හෙයිනි.
අතීතයේ ගවයා අපට මහරු සම්පතක් වුවද අද එසේ නොවන බව ද එහෙයින් අද එකල මෙන් ගවයා පිළිබඳ කතා කිරීම නිශ්ඵල යෑයි කිසිවෙකු තර්ක කළ හැකිය. මේ තර්කය තුළ ඇත්තේ සංස්‌කෘතිය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ අසංවේදීත්වයට වැඩි යමක් නොවේ. සංස්‌කෘතිය කේවළ පුද්ගලයෙකු උපත සමඟ හට ගෙන විපත සමඟ අභාවයට යන දහමක් නොව සමාජයක වසර සිය දහස් ගණනක් තිස්‌සේ ජීවත් වන මිනිසුන්ගේ අත්දැකීම්වලින් පෝෂණය ලද සිරිත් විරිත් ඇගයුම් පද්ධතියකි. එම ඇගයුම් පද්ධතිය කෙරෙහි එහි වසන ජනතාවගේ ආර්ථික ක්‍රමය ද ඔවුන් අදහන ආගම ආදී සාධක බලපායි. මේ අනුව කෘෂිකාර්මික ආර්ථික පදනමක් ද බුදු දහම ද ඇසුරේ ලංකාවේ වර්ධනය වූ සිංහල බෞද්ධ සංස්‌කෘතිය තුළ ගව මස් නොකෑම සාධු සම්මතය. එය සිංහල බෞද්ධ ආධ්‍යාත්මික සංස්‌කෘතියෙහි අනභියෝගි ලක්‌ෂණයකි.
ලංකාවේ ගව මස් කෑම ව්‍යාප්ත වනුයේ 1505 පෘතුගීසි ආක්‍රමණය සමගය. ආක්‍රමණිකයා සිය දැතට තුවක්‌කුව සහ බයිබලය රැගෙන ඒමෙන් එය හුදු ආර්ථික ආක්‍රමණයක් නොව සංස්‌කෘතික ආක්‍රමණයක් ද වූ බව පැහැදිලි වේ. 1498 භාරතයට පැමිණි වස්‌කෝ ද ගාමා පැවසුයේ තමන් ක්‍රිස්‌තියානින් සහ කුළු බඩු සොයා පැමිණි බවය. 1540 පෘතුගාලයේ රජු සිය දූත පිරිසක් අත එකල ලංකාව පාලනය කළ බුවනෙකබාහු රජුට දන්වා එවන්නේ තව දුරටත් රජකම් කිරීමට අවශ්‍ය නම් දාගැබ් වන්දනාව අතහැර කිතු දහම වැළඳ ගත යුතු බවය. මේ ආගමික ශුද්ධිකරණ මෙහෙයුමට අනුව ලංකාව ආක්‍රමණය කළ ආක්‍රමණිකයා සිංහලයන්ගේ වන්දනාවට පාත්‍ර වූ කැලණි වැනි විහාරාරාම ගිනි තබා මහා ආගමික සංස්‌කෘතික සංහාරයක නිරත විය.ඒ සමග විවිධ හිංසාකාරී ක්‍රම ඔස්‌සේ ඔවුන්ගේ ආගම ද සංස්‌කෘතිය ද වැළඳ ගත් පිරිසක් මේ රටේ බිහි කළ අතර ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබාදුනි. එම කතෝලිකයෝ සිය ස්‌වාමියාගේ සංස්‌කෘතිය මහත් ගෞරවයෙන් අනුකරණය කළහ. සිංහල බෞද්ධ සංස්‌කෘතිය විසින් පිළිකුල් කළ ගව මස් කෑමට ද ඔවුහු නොපසුබට වූහ.
යටත්විජිත ඉතිහාසය පුරා අඛණ්‌ඩව ගලා එන ගව ඝාතන විරෝධය හුදු මුස්‌ලිම් විරෝධයකට ලඝූ කිරීම එක්‌තරා ආකාරයක ෙ€දවාචකයකි. එමෙන්ම ඉස්‌ලාම් දහම පවා අවමානයට ලක් කිරීමකි. නබි නායකතුමා ගව මස් කෑ බවක් හෝ සිය අනුගාමිකයින්ට ගව මස් කෑමට යෝජනා කළ බවක් මා අසා නොමැත. එහෙයින් ගව මස් නොලැබීම නිසා මුස්‌ලිම් ජනතාව මහා අසාධාරණයකට ලක් වේ යෑයි ද හාමතේ මිය යා යෑයි ද කිඹුල් කඳුළු හෙලන්නෝ මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීහු වෙති. සැබවින්ම ඔවුන්ට අවශ්‍ය හැකි නම් නැවත සිංහල, මුස්‌ලිම් ගැටුමක් නිර්මාණය කිරීමය. කන්න සිතුණු කල කබරගොයා තලගොයා කරගන්නා ඔවුහු මුස්‌ලිම් ජනතාව පිළිබඳ කිසිදු කැක්‌කුමක් ඇති පිරිසක්‌ද නොවෙති. එවන් ලෙංගතුකමක් වී නම් අන්තවාදී සුළු පිරිසක් නිසා ලොව පුරා සාමකාමී මුස්‌ලිම් ජනතාවට විඳීමට සිදුවී ඇති ගැහැට පිළිබඳ ඔවුන් කෙතරම් උස් හඬක් නැඟිය යුතුද?
අනෙක් අතට ලංකාවේ මුස්‌ලිම් ජන කොටස 8% ක් පමණ වේ. ගව ඝාතනයට විරුද්ධ සිංහල බෞද්ධ සහ හින්දු ජනතාව 85% ක් පමණ වේ. එහෙත් ගව ඝාතනය නිසා බෞද්ධ හින්දු සිත්වල ඇති වන අසහනකාරීත්වය වෙනුවෙන් කිසිවෙක් පෙනී නොසිටිති. කෙසේ වුවද බහුතර සංස්‌කෘතික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකි. ඒ සඳහා රජය මැදිහත් විය යුතුය. ඒ සඳහා සහාය දීම සැමගේ යුතුකමයි. සෙසු ජන කොටස්‌වල ආගමික සංස්‌කෘතික අයිතිවාසිකම් ආරක්‍ෂා කරගෙන ජීවත් වීම සඳහා සිංහල බෞද්ධ සංස්‌කෘතිය තරම් සුහද සංස්‌කෘතියක් ඔවුන්ට කිසි දිනක හමු නොවනු ඇත. අනෙක් අතට මෙරට ජීවත් වන ආගමින් බෞද්ධ නොවන ජන කොටස් ද සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි අභිමානවත් කොටස්‌කරුවෝ වෙති. තමන් ආගමින් බෞද්ධ බව ද සංස්‌කෘතියෙන් සිංහල බෞද්ධ බව වරක් ගරු මර්සලින් ජයකොඩි පියතුමා ප්‍රකාශ කළේ මේ අර්ථයෙනි. ඔබ සිංහල කතෝලිකයෙකි. ඔබ සිංහල හින්දුවෙකි. ඔබ සිංහල මුසල්මානුවෙකි. සිංහල බොදු ගීතාවලිය ඒ සුහදත්වයෙහි ලෙංගතු බැඳීමෙහි සදාතනික සංකේතයක් නොවන්නේද?
මේ අනුව ගව ඝාතන විරෝධී සටනෙහි පදනම හුදු ආගම හෝ ගෝත්‍රවාදක් නොව සිංහල බෞද්ධ සංස්‌කෘතිය බව පැහැදිලිය. නිශ්චිත වාර්තා නැත ද ගව ඝාතන විරෝධි සටන යටත්විජිත සමයෙහි ගව මස් කෑම ව්‍යාප්ත වීමත් සමග ආරම්භ වූයේ යෑයි සිතිය හැකිය. එය මෙරට නිදහස් සටනේ කොටසක් වන අතර තවමත් මුදුන්පත් කරගත නොහැකි වූ ඉමකි.
නාමල් උඩලමත්ත, කොළඹ විශ්වවිද්‍යාලය.
http://www.divaina.com/2013/07/20/feature01.html

0 comments:
Post a Comment