Pages

Wednesday, July 17, 2013

මු. කො. තනිවම සටනට

ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඉදිරි උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේදී තනිව තරග කිරීමට තීරණය කර ඇත.

පෙරේදා (15 වැනිදා) රාත්‍රි රැස්‌ වූ මුස්‌ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්‌ඩලය මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව "ගස" ලාංඡනය යටතේ පළාත් සභා තුනටම තරග කිරීමට පක්‍ෂය තීරණය කර තිබේ.

එමෙන්ම මුස්‌ලිම් කොංග්‍රසය යටතේ මැතිවරණයට තරග කිරීමට කැමැති පක්‍ෂ සමඟ ද සාකච්ඡා කර සම්බන්ධ කර ගැනීමට උත්තරීතර මණ්‌ඩලය පක්‍ෂ නායකත්වයට අනුමැතිය ලබා දී ඇත.

මේ අනුව පක්‍ෂයෙන් පළාත් සභාවට ඉදිරිපත් කරන අපේක්‍ෂකයන් තේරීම ආරම්භ කරන බවත් හැකි ඉක්‌මනින් නාමයෝජනා පත්‍ර සකස්‌ කර අවසන් කරන බවත් එම පක්‍ෂයේ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

තනිව තරග කිරීමට පක්‍ෂය ගත් මෙම තීරණය පිළිබඳව ආණ්‌ඩුවේ ප්‍රධානීන් දැනුවත් කරන බව ද හෙතෙම කියා සිටියේය.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/07/17/news09.html

සබැඳි ලිපි[පළාත් සභා මැතිවරණ වැඩි වාසි තනිවමද? හවුලේද? - මුස්ලිම් කොංග්‍රසය තීරණාත්මක රැස්වීමකhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_15.html
]

0 comments: