Pages

Sunday, July 14, 2013

මහ ඇමැති පුටුවට නම තෝරද්දී ද්‍රවිඩ සන්ධානය දෙකඩ වෙයි

උතුරු පළාත් සභාව සඳහා මහ ඇමැතිවරයකු නම් කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය දෙකඩ වී ඇත.

ද්‍රවිඩ සන්ධානයේ එක්‌ කණ්‌ඩායමක්‌ මාවයි සේනාධිරාජාගේ නම යෝජනා කර ඇති අතර තවත් කණ්‌ඩායමක්‌ හිටපු විනිසරු ඩී. විග්නේශ්වරන්ගේ නම යෝජනා කර තිබේ.

මෙම ධුරය සඳහා යෝජනා වී තිබූ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීගේ නම ඉවත්වී ඇත.

මේ අතර මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් ඉල්ලා ඇත්තේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යා හැකි අයකු මහ ඇමැති ලෙස නම් කරනා ලෙසය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/13/news07.html

0 comments: