බුද්ධගයාව සමස්ත ලෝකවාසි බෞද්ධයන්ගේ අගනා පුණ්‍ය භූමියකි. බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට සපැමිණිම පිණිස එහි ඇසතු රුක සමීපයෙහි කළ අධිෂ්ඨානය ඉන්දියාවේ රාෂ්ඨ ගමන් මගේ පවා වෙනසක් ඇති කරන්නට සමත් විය. එදා එහි ඇති වූ අධ්‍යාත්මික විප්ලවය ධර්මාශෝක මහරජතුමා වසින් බෞද්ධ රාජ්‍ය සංකල්පයක් දක්වා විකාශනය කළේය. එය ක‍්‍රියාත්මක කිරිමට ධර්මවිජය නම් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ බව සඳහන්ය. මෙම අතිශය වැදගත් වූ ස්ථානය වසර ගණනාවක් කාලයක් වල්බිහිව තිබී පසුකලකදී හින්¥න් අතට පත්වුණි. බුද්ධගයාවේ පාලකයා ව සිටි ක‍්‍රිෂ්ණ දයාල් ගිරි මහන්තා මේ ස්ථානය හින්දු දෙවොලක් බවට පත් කොට ශිව ලිංගයක් පවා එහි තැන්පත් කොට තැබුවේය. බෞද්ධයනට එහි පැමිණීම තහනම් කළේය.
ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1891 වර්ෂයේදී ඉන්දියාවට සැපත් ව බුද්ධගයාව වන්දනා මානයට යනවිට එහි ආධිපත්‍ය ඉසිලූ මහන්තා ශිව ලිංගය වන්දනා කරන්නට සපැමිණෙන හින්දු භක්තිකයින්ට රිසිසේ එම ස්ථානයේ නිදහස ලබා දී තිබුණි. මේ දර්ශන වලින් අතිශය ශෝකයට පත් ධර්මපාල තුමා කෙසේ හෝ අවසර ලබා ගෙන බුදුන් වහන්සේ බුද්ධත්වය පත් ස්ථානයේ ශ‍්‍රී මහා බෝධියේ ඉදිරිපිට වජ‍්‍රාසනය අසලට වී සතිපට්ඨාන සූත‍්‍රය සඡ්ඡුයනා කරමින් බලවත් අධිෂ්ඨානයක් කළේය. ඉන් පසු බරණැස ඉසිපතනයට ගොස් එහි බෞද්ධ නටබුන්වල ගල් ගලවා ගෙන යන හින්දුන් ගේ නොමනා ක‍්‍රියාවන් නැවැත්වීමට සටන් කලේය. අනතුරුව තම මවට තැපැල් පතක් යවා මුදල් ගෙන්වා ගෙන රුපියල් 600 කට ඉසිපතනය ආසන්නයේ ඉඩමක් මිලදී ගෙන මහාබෝධි සමාගම ආරම්භ කොට සිය අධ්‍යාත්මික හා ආගමික මෙහෙයවීම් සදහා පදනමක් ඇති කළේය..
බුද්ධගයාවේ මහන්තා ට විරුද්ධව ධර්මපාල තුමා නඩු මගට බැස්සේ වෙන කළ හැකි කිසිම දෙයක් ඉතිරිව නොතිබූ බැවිනි. බෞද්ධයන් ගේ අයිතිය ප‍්‍රකාශ කරලීමට තිබූ එකම සිහිවටනය වූයේ බුදධගයාවේ ස්ථූපාකාර හැඩයයි. එ් තත්ත්්වය නීතිමය මාර්ගයෙන් හෙළි කරවා එතුමා ගේ අප‍්‍රතිහත ධෛර්යයෙන් මුල් වතාවේ නඩුවෙන් ජය ලබන්නට හැකි වුවද ඇපෑලේදී එතුමා පරාජයට පත් විය. බුදුරදුන් විෂ්ණු ගේ නවවන අවතාරය ලෙසින් කියා පෑ හින්දු පක්ෂයේ පිරිස එයට අවශ්‍ය කරුණු කියා පෑ නමුත් ධර්මපාල තුමාගේ නීතිඥ වරුන්ට එම තර්ක බිඳ හෙළීමට තරම් දැනුමක් නොවීය. නමුත් මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ඉල්ලීම පරිදි මහත්මා ගාන්ධි තුමා මෙයට මැදිහත්වීමට පොරොන්දු වූවද එයද ඉටු නොවීය. අනතුරුව බුද්ධගයාවේ තත්වය සමනය කලේ ඉන්දියාවේ ප‍්‍රථම ජනාධිපති රාජේන්ද්‍ර ප‍්‍රසාද් මැතිතුමා පත් කළ කොමිටියේ නිර්දේශ අනුවයි. මෙම ස්ථානය බෞද්ධයන් ගේ වන්දනා මාන ස්ථානයක් බවට පත් කරලීමට ඉන්දීය රජය එකඟ වූවද එ් සඳහා පාලක කොමිටියට හින්¥න්ද ඇතුලත් විය යුතු යයි තීරණය වුණි. ඉන්දීය මහා බෝධි සමාගම පිහිටුවා බුද්ධගයාව හින්¥න්ට හා බෞද්ධයන්ට බාර දුන්නේ වඩා උපක‍්‍රමශිළි ව යයි සිතේ.
ඉන්දු ලංකා සබඳතා ගොඩනැගෙන්නේ ධර්මාශෝක අධිරාජයා විසින් බිහිකළ ධර්මවිජය ප‍්‍රතිපත්තිය කරන කොටගෙනයි. බුද්ධ ශාසනයට ලංකාව පූජා කරන ලද්දේ මේ මෙහෙයවීමෙනි. මෙය එක් අතිකින් දේශපාලන ක‍්‍රියාදාමයක් වුවද ලංකාවට ස්වාධීනත්වයෙන් කටයුතු කිරීමට ඉන් බාධාවක් නොවීය. නමුත් චෝල පාඬි කේරළ ආක‍්‍රමණයන් හමුවේ මෙන්ම පසුව යුරෝපීය ආක‍්‍රමණ හමුවේ ලංකාව අධ්‍යාත්මිකව ඉන්දියාවෙන් වෙන්වුණි. බ්‍්‍රතාන්‍යයන් යටතේ ලංකාව හා ඉන්දියාව එකම යටත් විජිතයක් වුවද දෙරටේ පැරණි සබඳතාවයන්හි රෝපණයක් සිදු නොවීය. අනගාරික ධර්මපාලතුමාගේ ක‍්‍රියාමාර්ගයන් තුළ ඉන්දියාව සිය ආකල්ප වෙනස් කළද නිදහස ලැබීමෙන් පසු ක‍්‍රමානුකූලව ලංකාවට තම හස්තය දිගු කළේ තමන්ට වාසි දායක කොන්දේසි සපුරා ගැනීම පිණිසයි. බුද්ධගයාව ඇතුලූ දඹදිව බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමට වන්දනාමානයට වාර්ෂිකව ලක්ෂ ගණනින් ඉන්දියාවට යන බව සැබෑය. එහෙත් එහි ගොඩ නැගෙමින් පවතින හින්දු බ‍්‍රාහ්මණවාදය තුල නැවතත් බෞද්ධ මතවාදය ප‍්‍රතික්ෂේප කරමින් ඇත. ලංකාවේ කොටි ත‍්‍රස්තවාදය පෝෂණය කිරීමට ඉන්දියාව විසින් සහාය දක්වන ලද්දේ මේ පදනම මත සිට ගෙනය. අතීත සබඳතා සැලකිල්ලට නොගෙන කරන මෙම ක‍්‍රියාවලිය වැරදි සහගත බව කියාපෑමට ශ‍්‍රී ලංකා රජයට නොහැකි වි තිබේ. එයට හේතුව අතීත ස්පර්ශයන් තුළ සිටින සිංහල අභිලාෂයන් සහිත නායකත්වයක් ඇති නොවීමයයි සිතමි. එදා රාජේන්ද්‍ර ප‍්‍රසාද් ඉන්දියානු ප‍්‍රථම ජනාධිපතිවරයා ලංකාවට පැමිණ අනුරාධපුර මහනුවර වන්දනාවට මහත් ශ‍්‍රද්ධාවෙන් සාභාගි වූ ආකාරය එදා පුවත් පත් වාර්තා කර තිබුණි. 1959 දී එවකට ලක් රජයේ අගමැතිව සිටි බණ්ඩාරනායක මහතා සහ මැතිණිය ලංකාවේ බෞද්ධ අනන්‍යතාවය එහිදී එතුමා වෙත මැනවින් දක්වා තිබුණි. මෙම ගමනේදී ඉන්දීය ජනාධිපතිවරයා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ මංගල උපාධි සම්මුති සහෝත්සවයට සාබාභි වෙමින් පැවැත් වූ කතාව දෙරටේ සබඳතා ශක්තිමත් කරලීමට අතිශයින් උපකාරි විය. ඉන්දියානු ජනතාව මෙරටෙහි වාසය කරන නිසා දෙරට අතර පවතින සම්බන්ධය කුලූපග එකක් යයි කී ජනාධිපතිවරයා ආගමෙන් පමණක් නොව ලෙයින්ද අප සහෝදරයෝ වෙමුයයි ප‍්‍රකාශ කලේය. එසේම විශ්ව විද්‍යාලයේ උපාධියක් එතුමා වෙත පිරි නැමුණු අතර එ් මගින් තමාද ලාංකිකයෙකු බවට පත් කර ගැනීම ගැනද ස්තූතිය පළ කළේය. මේ ආකාරයට එදා දෙරට අතර තිබූ හිතෛෂීකම වැඩි වර්ධනය වූයේ ධර්මපාල තුමා ඉන්දියාවේ සිට අවදි කළ බෞද්ධ ප‍්‍රබෝධය ප‍්‍රයෝජනයට ගනිමිනි. එ්නිසා ඉන්දියාවටද සංචාරක කර්මාන්තය අතින් සුවිසල් ලාභයක් අත් විය.
අද තත්ත්වය එලෙස නොවේ. මෙරට පාලකයන්ද බුද්ධ ධර්මයේ ශක්තිය යටපත් කරගෙන සිටින අතර ඉන්දු ලංකා සබඳතා සඳහා මේ අගනා දර්ශනයෙන් පිටිවහලක් නොලබති. වර්තමාන ගැටුම් වලට හේතුව මෙයයි. පසුගියදා බුද්ධගයාවේ අටවන ලද බෝම්බ පුපුරා යාමෙන් එක් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වූ අතර මේ ත‍්‍රස්ත ක‍්‍රියාවට සම්බන්ධ යයි සැක කෙරෙන මුජහිදීන් ත‍්‍රස්තවාදීන් කීප පළක්ම දැනට අත් අඩංගුවට පත් කරගෙනන ඇත. ප‍්‍රශ්ණය ඇත්තේ මේ මුස්ලිම් ත‍්‍රස්තවාදය තුළ නොවේ. ඉන්දීය පාලකයන්ගේ ආකල්ප තුළයි. කෙසේ හෝ ලංකාව ආණ්ඩු මට්ටු කර ගැනීමට ද හැකිනම් ලංකාව තමන්ගේ ප‍්‍රාන්තයක් බවට පත් කර ගැනිමටද ඉන්දියාවේ අභිප‍්‍රායක් නැතැයි කියතහොත් එය බොරුවකි. අතීතයේ දී සිකිම් දේශයට කළ වින්නැහිය ගැන අප හොඳාකාරව දනිමු. එම නිසා මේ බෝම්බය නිසා ඇතිවී තිබෙන අවස්ථාව ලක් රජය මැනවින් තේරුම් ගත යුතුය. ලක් ඉතිහාසය ගැන අල්පමාත‍්‍ර දැනීමක් නැති ඇමතිවරුන් ඉන්දියාවට යවා දේශපාලන ගනුදෙනු කරලීම මේ අවස්ථාවේ අනුවණ කමකි. ලංකාව බෞද්ධ රාජ්‍යයක් ලෙසට නැවත හිස ඔසවා එහි පවතින සාමය හා සහජීවනය පෙන්වා මේ ප‍්‍රශ්ණය රාජ්‍ය තාන්ත‍්‍රිකව නිරාකරණය කර ගැනීම වඩා වටානා පියවරක් වෙයි. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය වැනි ආයතන වලටද මෙහිදී විශාල වගකීමක් පැවරෙයි. එදා ධර්මපාල තුමා කළ කාර්යය ඉටුකරලීමට මෙය සුදුසු අවස්ථාවකි. එසේ නොකළ හොත් අද බුද්ධගයාවේ පුපුරන බෝම්බය හෙට අනුරාධපුරයේ දී පිපිරීමට බෙහෙවින්ම ඉඩකඩ ඇත්තේය. ඉන්දියාවට අවශ්‍යව ඇත්තේ මුස්ලිම් විරසකය ප‍්‍රයෝජනයට ගෙන ලංකාව අල්ලේ නැටවීමටයි. එහි පෙරහුරුව බුද්ධගයාවේ දී සිදු වී ඇත.
- මතුගම සෙනෙවිරුවන්
July 14, 2013 at 11:22 am | lanka C news

සබැඳි ලිපි
[
[
බුද්ධගයා ප්‍රහාරයට 12 දෙනෙක් හවුල් - ඉන්දීය විමර්ශන ඒජන්සියhttp://denethharinna.blogspot.com/2013/07/12.htmlපිපුරුණා නම් මහා විනාශයක් - බුද්ධගයාවේ මීදුම නිසා පුපුරන ද්‍රව්‍ය අඩංගු බෝම්බ නිසි ලෙස ක්‍රියාත්මක වී නැහැhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5514.htmlබුද්ධගයා ප්‍රහාරයට තව 6 දෙනකු සොයයිhttp://denethharinna.blogspot.com/2013/07/6.htmlබුද්ධගයාව බේරාගනිව්http://denethharinna.blogspot.com/2013/07/blog-post_7342.htmlඉන්දීය බෞද්ධයෝ සත්‍යග්‍රහයකhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_2158.htmlබුද්ධගයා ප්‍රහාරයට ඉන්දීය මුජහිඩීන් ක්‍රියාකාරිකයා දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9.htmlමහාබෝධි බෝම්බ ප්‍රහාරයට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක් සම්බන්ධයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3798.html
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.html'ශ්‍රී ලාංකික භික්‌ෂූන්ට හානියක් නෑ' - දොඩම්ගොඩ රේවත හිමිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7180.htmlඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments:
Post a Comment