Pages

Thursday, July 25, 2013

ශ්‍රි ලාංකික කාන්තාවට වෙඩි තැබුවේ හාම්පුතා ඔහුත් වෙඩි තබාගෙන දිවි නසාගෙන

සයිප්‍රසයේ දී වෙඩි තැබිමකින් ඝාතනයට ලක් වු ශ්‍රී ලාංකික සේවිකාවගේ අදාල ඝාතනයට සම්බන්ධ එරට ‍පොලිස් වාර්තාව අද (23) කාර්යාංශයට ලැබිමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණිය මහතා කීය. මියගිය කාන්තාවගේ දේහය එහි මරණ පරික්ෂණ කටයුතු අවසන් වූ වහාම දිවයිනට ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන අතර ඒ අනුව සති දෙකක් ඇතුලත දේහය ගෙන්වීමට නියමිත බවත්, එම දේහය පසුව ඇයගේ ඥාතීන් වෙත බාර දිමටත් කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය. 

කාර්යාංශයේ ලියාපදිංචි වි රැකියාව සඳහා ඇය එරටට ගොස් ඇත්තේ 2011 වර්ෂයේ දි වන අතර ඇය මරණයට පත් වී ඇත්තේ සිය කැමැත්ත මත තෝරා ගෙන තිබු සේවා ස්ථානයේ හාම්පුතා විසින් තැබු වෙඩි තැබිමකිනි. පසුව මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා ද මෙහිදි සිය දිවි නසාගෙන තිබේ. 

ස්වභාවික හා හදිසි මරණයකදිත් , හදිසි අනතුරක් නිසා සිදුවන පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයන් මත අදාල නීත්‍යානුකූල රක්ෂණ වන්දි මුදල් ලබා දෙන නමුත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා ඇයට හිමි රුපියල් ලක්ෂ 4 කට ආසන්න මුදල ඇයගේ යැපෙන්නන් වෙතත්, එමෙන්ම මරණ කටයුතු කර ගැනිම වෙනුවෙන් සුබ සාධන මුදලක් ලබා දීමටත් කාර්යාංශය කටයුතු කරන බව ද ඒ මහතා කීය. 

පෞද්ගලික ආරවුලක් මත සිදු වි ඇති බවට මේ වන විට වාර්තා වි තිබෙන මෙම වෙඩි තැබිමෙන් මෙසේ මරණයට පත් වී ඇත්තේ අංක 15 තලාව, සුමුදුගම පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ අජන්තා හේරත් හා කන්දේ ආරච්චිලාගේ සනෝජා ස්වර්ණමාලි යන නම් වලින් හඳුන්වන කාන්තාවක බව ද පැවසේ.

මෙම ඝාතනයට අදාල සිද්ධිය පිළිබඳව නිශ්චිත නිල තොරතුරක් ලැබි නැති නමුත් දැනට වාර්තා වි ඇති අන්දමට එම නිවසේ මුළුතැන්ගෙයි උදුනේ මැකරෝනි නැමැති ආහාර පිච්චෙමින් තිබියදි එහි දුම සහ ඒවා පිච්චෙන සුවඳ සම්බන්ධව අසල්වාසින් විසින් කළ දැනුම් දීමකට අනුව එහි ආරක්ෂක අංශ මෙම නිවසට පැමිණ තිබෙන අතර එහිදි අදාල මරණකරුවන් හඳුනා ගෙන තිබේ.

එම කාන්තාව ඝාතනය කරන ලද හාම්පුතා වයස අවුරුදු 72 ක පමණ පුද්ගලයෙකු වන අතර එම පුද්ගලයා ද මෙහිදි වෙඩි තබාගෙන මිය ගොස් ඇති බව වාර්තා වි තිබෙන බව ද ඒ මහතා පැවසීය.

2013 ජූලි 23 07:10 p.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=14462:2013-07-23-14-03-01&catid=34:news&Itemid=62

0 comments: