Pages

Sunday, July 14, 2013

හිජාබය සහ අන්තවාදය අනවශ්‍යයි. පාසල් නිළ ඇඳුම අනිවාර්යයි - රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය

මුස්ලිම් ශිෂ්‍යාවන්ට සිය පන්ති කාමරවලදී හිජාබය පැළඳ සිටීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නීතියේ පිහිට පැතූ මුස්ලිම් ලබ්ධිකයන් පිරිසකගේ උත්සහය රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා ඇතැයි වාර්තා වේ.

දකුණු රුසියාවේ ස්ටව්රොපෝල් හි ප‍්‍රාදේශීය බලධාරීන් විසින් මේ වසරේ ජනවාරි මස සිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම අනිවාර්යය කර ඇති බව පැවසේ.

මේ විධානයට එකගවෙමින් මුස්ලිම් දහම විසින් කාන්තාවන්ගේ හිසකේ සහ ගෙල ප‍්‍රදේශය ආවරණය කිරීම සඳහා පැළඳීමට නියම කර ඇති හිජාබය බැහැර කිරීමට මුස්ලිම් ශිෂ්‍යාවන් පිරිසක් අකමැති වීම නිසා ඔවුන් වෙත දෙසතියක පන්ති තහනමක් පැණවීම මෙම අර්බුදය නිර්මාණය කර තිබේ.  ඉන්පසුව ප‍්‍රාදේශීය ආගමික පාසලක් වෙත එම දැරියන් යොමුවී ඇති අතර අනිවාර්යය කර ඇති ද්විතීයක අධ්‍යාපනය නිවෙස්වලදී තම දියණියන් වෙත ලබාදෙන බවට දෙමාපියන් විසින් පවසා ඇත.

නමුත් බලධාරීන් මෙම යෝජනාවටද එරෙහි වෙමින් පවසා ඇත්තේ ආගමික පාසල් සතුව කිසිදු නිල බලයක් නොපවතින බවයි.  අගතියට පත් මුස්ලිම් ලබ්ධිකයන් ප‍්‍රාදේශීය සහ දිස්ත‍්‍රික් අධිකරණ වල පිහිට පතා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවූවද ආගමික පළඳනාවලට එරෙහි වීම මගින් කැමති ආගමක් ඇදහීමේ ව්‍යවස්ථපිත අයිතියට කිසිදු බලපෑමක් නොවන බව නීතියේ අර්ථකථනය වී තිබේ.

සිය අවසන් උත්සහය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති මඬුල්ලට අභියාචනයක් ගොනු කරන බව පවසා ඇති පිරිස යුරෝපීය මානව හිමිකම් අධිකරණය වෙත යාම නිෂ්ඵල වනු ඇති බවද කියා ඇත.

මින් පෙර බෂ්කිරියා, අඩිගෙයා සහ ඩාගෙස්ටාන් වැනි මුස්ලිම් ජනතාව බහුල ප‍්‍රදේශවලද පාසල් වල ආගමික පළඳනා තහනම් කරනු ලැබූවද ඔවුන් එය වෙත අනුකූලතාවය දක්වා ඇති බව පැවසේ.

රුසියාවත් හිජාබය පැළඳීමේ අයිතියට එරෙහි වේ
July 14, 2013 at 11:31 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/97402/

සබැඳි ලිපි
[

ගෝනි ඇඳුමින් ඡන්දය දාන්න බෑ. ආවරණය ඉවත් කරනවා - මැති.කො.http://denethharinna.blogspot.com/2013/07/blog-post_14.html
ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය
http://denethharinna.blogspot.com/2013/07/blog-post_10.html
]

0 comments: