Pages

Sunday, July 14, 2013

අපේ සංස්කෘතිය වනසන යටිකූට්ටු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි - අස්ගිරි මහානාහිමි

දහම් පාසලකින් උගන්වනු ලබන්නේ ධර්මය පමණක් නොව යටපත් වෙමින් පවතින අපේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීමයි. මිහිදු මාහිමියන් අපට ලබාදුන් උසස් දායාදය අනුගමනය කරමින් ධර්මය රැකගැනීමක් සිදුවිය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ‍්‍රී රතනපාල බුද්ධරක්ඛිත නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසූවේ කොටන්ගොඩ ශ‍්‍රී ආනන්ද දහම් පාසලේ ත්‍යාග හා සහතිකපත් බෙදාදීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

කොටබෝගොඩ රජමහා විහාරාධිපති වල්ගොව්වාගොඩ සරණංකර හිමියන් ඇතුළු දායක  සභාව මෙම උත්සවය සංවිධානය කොට තිබිණි මෙහිදී වැඩිදුරටත් අනුශාසනයක්  කළ මහා නාහිමියෝ මෙසේද පැවසූහ.

යුරෝපා රටවලින් ඇබ්බැහි වූ සංස්කර ඇදුම් පැළැදුම් වලට අපේ අය අද ඇබ්බැහිවෙලා දු දරුවන් පමණක් නොව වැඩිහිටි අම්මලා පවා ඒවා අන්ධානුකරණයෙන් යුතුව වැළදෙගන තියෙනවා මේ තත්ත්වය හොද දෙයක් නොවෙයි.

අපේ අම්මලා දු දරුවන්ට ආදර්ශමත් විදියට හැසිරෙන්න වගබලා ගත යුතුයි.

අද දහම් පාසල පවත්වාගෙන යන්නේ විවිව්ධ අඩුපාඩුමක් සහිතවයි අපේ භික්ෂූන් වහන්සේලා මේ රටේ දරුවන්ට ඉගැන්වීමෙන් කරනු ලබන  සේවාව ඇති විශාලයි.

අද බුද්ධාගම අපේ සංස්කෘතිය විනාශ කරන්න දේශීය හා විදේශීය යටිකූට්ටු ව්‍යාපාර එළිපිට  මෙන්ම රහසිගතවද ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා මේ පිළිබදව අපේ දෙමාපියන් විශේෂ අවධානයකින් යුතුව කටයුතු කළ යුතු යුගයකට අප එළැඹ සිටිනවා.

July 13, 2013 at 8:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/97321/

0 comments: