Pages

Thursday, July 18, 2013

විග්නේෂ්වරන් මහ ඇමති අපේක්‍ෂකයා වීම උතුරු පලාත් පොලීසිය සහ හමුදාව යුද්ධයක ආරම්භයක් - ගම්මන්පිල

එළැඹෙන පළාත් සභා මැතිවරණයේ දෙමළ සන්ධානයේ උතුරැ පළාත් මහ ඇමති අපේක්‍ෂකයා ලෙස හිටපු විනිසුරුවකු වන සී.වී. විග්නේෂ්වරන් මහතා පත්කිරීමට එම පක්‍ෂය ගනු ලැබූ තීරණය ඒකීය ශ‍්‍රී ලංකාවට එරෙහිව වැනූ රතු කොඩියක් බව ජාතික හෙළ උරුමය පවසයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය මගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳ තම පක්ෂය පෙන්වා දුන් කරුණු එම පත්වීම හරහා යළි යළිත් තහවුරු වන බව හෙල උරුමයේ නියෝජ්‍ය මහලේකම් උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

දෙමළ ඊළම වෙනුවෙන් තුවක්කු සහ බෝම්බවලින් කෙරෙන යුද්ධයක් මෙන්ම තර්ක විතර්ක මගින් සිදුකෙරෙන මතවාදී ආක‍්‍රමණයක් ද සිදුවෙමින් ඇතැයි පවසන ඒ මහතා විග්නේෂ්වරන් මහතාගේ දේශපාලන ආගමනය ඊට උදාහරණයක් බවද කියා සිටී.

උතුරු පලාත් සභාව දෙමල සන්ධානය ජය ගතහොත් මාස කිහිපයක් ඇතුලත ඔවුන් පොලිස් බලතල පාවිච්චි කිරීමට පටන් ගන්නා බවත් එවිට හමුදාව සහ පොලීසිය අතර යුද්ධයක් ආරම්භ වනු ඇති බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.


එවන් තත්වයකදී උතුරු පළාත් පොලීසියට ජාත්‍යන්ර ආධාරද නොඅඩුව ලැපෙනු ඇතැයිද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

July 18, 2013 at 9:08 am | lanka C news

සබැඳි ලිපි -
[

0 comments: