Pages

Friday, July 26, 2013

නිදහස් කරනොගත් නිසා විවෘත කරලා | ඝාතනයට ලක්‌වූ ෂියාම් නමැති මුසලුවා හොරෙන් ගෙන්වූ පාවහන් රේගුවේ දැලේ



පාවහන් වල කොටස්‌ ගෙන්වන බවට රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර පාවහන් ගෙන්වීමේ ජාවාරමක අල්ලා ගැනීමට රේගු අදායාම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් සමත්වී ඇත.

ඉන්දියාවේ සිට ඉකුත් මැයි මස ගෙන්වනු ලැබූ සැකකටයුතු කන්ටේනරයක්‌ ඊයේ (24 වැනිදා) පෙරවරුවේ ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කිරීමේදී මෙම ජාවාරමේ සුලමුල සොයා ගැනීමට හැකි විය.

මෙම පාවහන් අඩංගු කන්ටේනරය ගෙන්වූ පුද්ගලයා සොයා රේගුව මාස දෙකක පමණ කාලයක්‌ පරීක්‍ෂණ පැවැත්වූ අතර එහිදී මෙම කන්ටේනරය ගෙන්වා ඇත්තේ ඝාතනයට ලක්‌වූ ෂියාම් නමැති ව්‍යාපාරිකයා බවට අනාවරණයවී තිබෙන බව රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතා පැවසීය.

ඝාතනයට ලක්‌වූ ෂියාම් නැමති ව්‍යාපාරිකයා වෙනත් පුද්ගලයකුගේ නමින් ව්‍යාජ ලිපිනයකට මෙම පාවහන් කන්ටේනරය ගෙන්වා ඇති බවට මෙතෙක්‌ සිදුකළ පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.

මෙම පාවහන්වල වටිනාකම රුපියල් නවලක්‍ෂයක්‌ බවට රේගුවට පෙන්වා තිබූ නමුත් මෙහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවත් මෙම පාවහන් ස්‌වාභාවික හම් භාවිත කරමින් නිෂ්පාදනය කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය. මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රේගු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් විඡේවීර මහතාගේ උපදෙස්‌ පරිදි රේගු අධ්‍යක්‍ෂ මාලි පියසේන, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන ඡේ. පී. චන්ද්‍රරත්න, සිරිපාල එදිරිමාන්න, රේගු අධිකාරීවරුන් වන ඡේ. ඒ. එස්‌. ජයකොඩි, ඩබ්ලිව්. කේ. රන්දෙණිය, පරාක්‍රම බස්‌නායක, ජී. බී. ඥාණරාඡ් හා ටික්‌සන් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන සාගර මහානාම, මැක්‌සි ප්‍රනාන්දු, ලාල් වීරකෝන්, සම්පත් රාජගුරු, යූ. එන්. දුශාන්. නිලන්ති කුරුකුලආරච්චි හා සහකාර රේගු අධිකාරී රජන්ජන් රත්නායක ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

පාවහන් ගෙන්වීමේ ජාවාරමක්‌ රේගුවෙන් අල්ලයි
අනුර බාලසූරිය, ප්‍රභාත් විතාන | ඡායාරූප - රංජිත් විමලසිරි
http://www.divaina.com/2013/07/26/provin06.html

1 comments:

sarath said...

KOchchara horek wunath paharagena gihilla mara dameema laghu karanna bari aparadhayak. Anith eka oya wage bisness deshapalakayange udaw nathiwa katawath karanna baha.Oya dan hadanne minee mareema
ukthi sahagatha karannayi.Ayi eya innakam oka allaganna bari wune?