Pages

Friday, July 19, 2013

පොලිස් බලතල වැඩි කිරීම ගිවිසුම උල්ලංඝණය කිරීමක්

1987 වසරේදී අත්සන් තැබූ ඉන්දු - ලංකා ගිවිසුමට අනූව පොලිස් බලතල වර්ධනය කිරීම එකී ගිවිසුම උල්ලංඝණය කිරීමක් බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 

එය එම ගිවිසුමේ පැහැදිලිව සඳහන් වන බව පවසන අමාත්‍යවරයා මුළු රටටම තිබිය යුත්තේ එකම පොලීසියක් බව පෙන්වාදෙයි‍....

ඒ අනුව පොලිස් බලතල තිබිය යුත්තේ එක් පොලීසියකට පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි. 

ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. 

උතුරේ ජනතාවට මාර්ග පහසුකම්, දුම්රිය මාර්ග, පාසල්, රෝහල්, ජලය, විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් රැසක් ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත. 

එසේම ජාතික ගැටලුවට විසඳුමක් ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කැපවී සිටින බවත් ඒ අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ද පත් කර තිබේ. 

එහෙත් එම විශේෂ කාරක සභාවට ද්‍රවිඩ ජාතික සන්ධානය මෙන්ම ප්‍රධාන විපක්ෂයද සහභාගි නොවී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත. 

ඉන්දු - ලංකා ගිවිසුමට අනුව රටේ සෙසු පළාත්වලට මෙන්ම උතුරු නැගෙනහිර ආරක්ෂාව හා නීතිය බලාත්මක කිරීම සඳහා එකම යාන්ත්‍රනයක් ක්‍රියාක්මක කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වාදී තිබේ. 

ශ්‍රී ලංකාවේ සාමකාමි පරිසරය ඉන්දියාවට ද යහපත් බවත් එය දෙරටේ ආයෝජකයින්ට ආයෝජන සිදුකිරීමට වැදගත් බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

http://sinhala.adaderana.lk/news.php?nid=35914&mode=beauti 

0 comments: