Pages

Tuesday, July 16, 2013

’13 පොලිස් බලතල දෙන්නේ නෑ.ඒ ගැන කතා එපා’ – ගෝඨා මෙනන්ට දන්වයි

13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් බලතල පළාත් සභා සඳහා පැවරීම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අභිලාෂයන්ට එරෙහිව යෑමක් බැවින් ඒ පිලිබඳ තවදුරටත් කතා කිරීම ඵලක් නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව වෙත දැනුම් දී තිබේ.

ඉන්දීය ආරක්ෂක උපදේශක ශිව ශංකර් මෙනන් සමග පසුගියදා පැවති ද්විපාර්ශික සාකච්ඡාවේදී මේ බව දන්වා ඇතයි සති අන්ත Island ඉංග්‍රීසි පුවත් පත වාර්ථා කරයි.

පළාත් සභා සඳහා පොලිස් බලතල පැවරීම මගින් දෙමළ කතාකරන ජනතාවට කිසිඳු ප්‍රතිලාභයක් හිමි නොවන බවත් සිදු වන එකම දෙය නම් අනවශ්‍ය කලබල ඇති වීම පමණක් බවත් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වරයා එහිදී අවධාරණය කර තිබේ. ආරක්ෂක ලේකම්වරයා මීට පෙරද මේ මතය සෘජුව නොපැකිලව කිහිපවිටක්ම ප්‍රකාශ කර තිබිණ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රතිචාර වශයෙන් මෙනන් පවසා ඇත්තේ ඉන්දීය සාධකය සලකා ගැටලුව විසඳීම සඳහා වෙනම යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කල යුතු බවයි.

මෙනන් සමග ජනාධිපති රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවේදීද ඉඩම් හා පොලිස් බලතල පළාත්වලට පැවරීම ගැටලු රාශියකට මුල් වන බව ජනාධිපතිවරයා ඉන්දීය ආරක්ෂක උපදේශකවරයාට දැන්වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් මාධ්‍ය පළ කර තිබිණ.

July 16, 2013 at 12:01 am | lanka C news

0 comments: