Pages

Friday, July 26, 2013

පළාත් සභාවලට විරුද්ධ වීම හා තරග කිරීම යනු කරුණු දෙකක්‌ - ගම්මන්පිල

පළාත් සභාවලට විරුද්ධවීම හා පළාත් සභාවලට තරග කිරීම යනු කරුණු දෙකක්‌ බව බස්‌නාහිර පළාත් සභාවේ පරිසර හා කෘෂිකර්ම ඇමැති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ කරුණු ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ මහජන පුස්‌තකාලයේ පැවැති හස්‌ත කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්‌වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීය.

පළාත් සභාවලට විරුද්ධ වීමයි පළාත් සභා මැතිවරණයට තරග කිරීමයි කියන්නේ දෙකක්‌. පළාත් සභාවලට විරුද්ධ වෙමින් පළාත් සභාවල ඉන්න බෑයි කියලා අපට කියන උදවිය විධායක ජනාධිපතික්‍රමයට විරුද්ධ වෙමින් විධායක ජනාධිපතිවරණයට තරග කරනවා. මනාප ක්‍රමයට විරුද්ධ වෙමින් මනාප ක්‍රමය යටතේ මැතිවරණයට තරග කරනවා. පළාත් සභාවලට විරුද්ධ වෙමින් පළාත් සභාවේ ඉන්න බැරිනම්, ධනපති ක්‍රමයට විරුද්ධ වෙමින් ධනපති ක්‍රමය යටතේ ජීවත් වෙන්නත් බෑනෙ. එහෙනම් ඉතින් සමාජවාදියෝ සියලුදෙනාම සියදිවි හානි කරගන්න ඕන, ධනපති ක්‍රමය යටතේ ජීවත් වෙන්න බෑයි කියලා. අපේ බුද්ධාගම ගන්න. බුද්ධාගමේ කියන්නේ ජීවිතය දුකක්‌ කියලා. ඉතින් ජීවිතය දුකක්‌ කියලා සියදිවි හානිකර ගන්නේ නෑනෙ. මේ ජීවිතය තුළ සිටිමින් මේ ජීවිතය තුළින්ම දුකින් මිදීමේ මාර්ගය පාදගන්න තමයි බුද්ධාගමේ දේශනා කරලා තියෙන්නේ. බුද්ධාගමේ කොතනවත් කියලා නෑ ජීවිතය දුකක්‌ ඒ නිසා වහාම සියදිවි හානි කරගෙන ජීවිතයෙන් සමුගන්න කියලා.

ඒ වගේම අද ඉන්දියානු බලපෑම ගැන අපේ රටේ ලොකු අවධානයක්‌ යොමුවෙලා තියෙනවා. මෑතකදී අපේ හිත මිත්‍ර ශිවශංකර් මෙනන් මැතිතුමා ලංකාවට ආවා. එතුමා කලක්‌ ලංකාවේ හිටිය ඉන්දියානු තානාපතිතුමා. එතුමා ලංකාවෙන් ඉන්දියාවට ගියායින් පස්‌සේ ඉන්දියාව තුළ ඉන්දියානු රාජ්‍ය යාන්ත්‍රණය තුළ, ලංකාව වෙනුවෙන් කතා කරපු ලංකාව වෙනුවෙන් පෙනී සිටිය රාජ්‍ය තාන්ත්‍රිකයෙක්‌. ඒ නිසා අපට එතුමා ගැන ලොකු ගෞරවයක්‌ තියෙනවා. හැබැයි මිත්‍රවරුණි, ඒ නිසාම වෙන්න ඇති ලංකාවට පණිවුඩයක්‌ එවන්න ශිවශංකර් මෙනන් මහත්මයාව තෝරාගත්තේ. හැබැයි මිත්‍රවරුණි රත්තරං පෙට්‌ටියේ දාලා එව්වත් බෝම්බෙ බෝම්බෙමයි. බෝම්බේ පිපිරුවම අපි ඔක්‌කොම මැරෙනවා. ශිවශංකර් මෙනන් මැතිතුමා හරහා එව්වත් පණිවුඩකරු හොඳ වුණත් පණිවුඩය භයානකයි. ඉන්දියාව අපේ රටේ අභ්‍යන්තරයට ආයෙත් ඇඟිලි ගහන්න පටන්අරන්. මිත්‍රවරුණි එහෙම වෙලා තියෙන්නෙ ඉන්දු ලංකා ගිවිසුම නිසා. අපි හැමෝම හිතාගෙන ඉන්නවා ලංකාව නිදහස්‌ රටක්‌ කියලා. හැම අවුරුද්දේම පෙබරවාරි 04 වැනිදා මහා ඉහළින් හමුදා සමාචාර මැද නිදහස්‌ දිනය සමරනවා.

ඉන්දු ලංකා ගිවිසුමට අනුව විදේශීය රටකින් අපි හමුදා පුහුණුවිම් හරි ඔත්තුසේවා සහය හරි ලබාගන්නවා නම් ඊට කලින් ඉන්දියාවේ එකඟතාවය ලබාගත යුතුයි. ලංකාව තුළ වෙනත් රටක ගුවන් විදුලි සේවයක්‌ පවත්වාගෙන යන්න කලින් ඉන්දියාවේ එකඟතාවය ලබාගත යුතුයි. අපේ පුත්තලමේ ඉරණවිල තිබ්බා වොයිස්‌ ඔµa ඇමරිකා, ඇමරිකානු ගුවන් විදුලිය. ඒක ආපහු අකුලගෙන යන්න කියන්න සිද්ධවුqණේ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක්‌ විදිහට ඉන්දියාව විරුද්ධ වෙච්ච නිසා. ඒ විතරක්‌ නොවෙයි. ත්‍රීකුණාමලයේ තියෙන, යුධමය වශයෙන් ඉතාම වැදගත් තෙල් ටැංකි ටික පාවිච්චි කරන්න ඕනේ ඉන්දියාව කියන විදිහට. මිත්‍රවරුණි ඒ වගේම අපේ රටේ බලය බෙදීම ගැන තීන්දු ගන්න වෙලා තියෙන්නේ ඉන්දියාව කැමති විදිහට. මේක ස්‌වාධීන රටක්‌ නම් අපේ වරාය පාවිච්චි කරනකොට, අපේ තෙල් ටැංකි පාවිච්චි කරනකොට, අපේ භූමිය වෙනත් රටක ගුවන් විදුලි සේවයකට දෙනකොට, අපි වෙනත් රටකින් හමුදා සහය ගන්නකොට ඇයි අපි ඉන්දියාවෙන් අහන්නෙ ඕනේ? ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ සෘජුවම මේ රටේ යටත්වීමේ ගිවිසුමක්‌.

0 comments: