Pages

Friday, July 26, 2013

බදුද්දීන් ඉවත් කළ 'ඉතිහාසය' විෂය යළිත් පාසල් විෂය නිර්දේශයට

පාසල් දරුවන්ට ඉතිහාසය නව විෂය නිර්දේශයක්‌ සකස්‌ කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු යොදා තිබේ.

මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මණ්‌ඩලයක්‌ මගින් සැකසූ නව ඉතිහාසය සම්බන්ධ විෂය නිර්දේශය 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්‌වා දරුවන්ට ඉගෙන ගැනීමට අවස්‌ථාව ලැබේ.

එය 2015 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන බව මහාචාර්ය අබේරත්න බණ්‌ඩා මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට ලක්‌කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ පිට විෂය නිර්දේශයට අදාළ ඉතිහාසය යළි ඉගැන්වීම ආරම්භ කෙරේ.

පාසල් දරුවන්ට යළි ඉතිහාසය නව විෂය නිර්දේශයක්‌ එයි
අහුන්ගල්ල - කමල් ශ්‍රී ලියනගේ
http://www.divaina.com/2013/07/26/provin08.html

0 comments: