Pages

Tuesday, July 16, 2013

මැලේසියාවට යෑවීමට සූදානම් කළ පෞරාණික බඩු තොගයක්‌ රේගු දැලේ

වන සත්ව හා වෘක්‍ෂලතා පනනතට අනුව හා පුරාවස්‌තු ආඥාපනතට අනුව අපනයනය කිරීම තහනම් කර තිබෙන ගෘහ භාණ්‌ඩ හා පෞරාණික කාසි, ගෝන අංතට්‌ටු මැලේසියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ අංශය මගින් 09 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් පෞද්ගලික භාණ්‌ඩ අපනයනය කරන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම භාණ්‌ඩ මැලේසියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා zදිවයිනZට පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්‌ඩ අතර කළුවර දැවවලින් නිර්මාණය කළ මේස, ලීබඩු, අල්මාරි, පෙට්‌ටගම්, ගෝන අංතට්‌ටුවලින් නිර්මාණය කළ බෙහෙත් හෙප්පු, පොළොන්නරු යුගයට අයත් පෞරාණික කාසි 18ක්‌, ඕලන්ද යුගයට අයත් පෞරානික කාසි 100ක්‌ හා රිට්‌ස්‌ ඩොලර් කීපයක්‌ තිබූ බවත් මේවායේ වටිනාකම රුපියල් පන්ලක්‍ෂ අනූහතරදහසක්‌ පමණ වන බවත් ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.

මින් සමහර භාණ්‌ඩ කීපයකට මෙම පුද්ගලයා විසින් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන තිබූ බවද හෙතෙම කීය.

වැඩබලන රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්. සේමසිංහ, රේගු සමාජ ආරක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ කේ. ඩී. නිකස්‌, රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සමන්ත ගුනසේකර යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ සහකාර රේගු අධිකාරි සමන්ත පුෂ්පකුමාර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාජු බණ්‌ඩාර හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ලලිත් විඡේරත්න යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරති.

ප්‍රභාත් විතාන
http://www.divaina.com/2013/07/16/news12.html

0 comments: