Pages

Tuesday, July 16, 2013

නිකාබය ගැලෙවුවාට මැ.කො.ට ප‍්‍රණාමය - ජනිපෙ

මෙවර පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී මුස්ලිම් කාන්තාවන්ට සිය මුහුණ ආවරණය වන සේ ඇඳුම් ඇඳ ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීම ඉතා නිවැරදි තීරණයක් යයි කොළඹ නාගරික මන්ත‍්‍රී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම ඇඳුම් මඟින් මුස්ලිම් කාන්තාවන් සමාජයෙන් කොන් වන්නා සේම සමාජයේ අනවශ්‍ය ගැටළු ඇති කිරීමට තුඩු දෙන්නක් විය හැකි බවය.


මෑතකදී පටන් අපේ රටේ මුස්ලිම් කාන්තාවන් මැදපෙරදිග අනුකරණය කරමින් මෙම ඇඳුම භාවිතා කිරීමට පටන් ගෙන තිබීම නිසා වත්මන් මැතිවරණ කොමසාරිස්වරයාට මෙම තීරණය ගන්නට බල කෙරී ඇති බවත් අතීතයේ මැතිවරණ කොමසාරිස්ලාට මෙවන් ප‍්‍රශ්ණයක් නොවූ බවද ඔහු පෙන්වා දෙයි.

ඉස්ලාම් ආගමේ පෙන්වා දෙන සමගිය සහ සහෝදරත්වයට බාධා පමුණුවමින් මෙම මුහුණු ආවරණ මඟින් මුස්ලිම් කානාත්වන් සමාජයෙන් වෙන් කරවන බවත් එය ඉස්ලාම් ආගමට නිගාවක් බවත් මුසම්මිල් මහතා වැඩිදුරටත් කියා සිටී.

මෙම තත්වය තව දුටත් වර්ධනය වුවහොත් එට ගැටුම්කාරී තත්වකට හැරී අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ආකාරයේ ගැටුමක් රටතුල නිර්මාණය වීම නොවැළැක්විය හැනි වනු ඇතැයිද මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

July 16, 2013 at 9:58 am | lanka C news

0 comments: