ලංකා ඉතිහාසයේ ඉතාම අවාසනාවන්ත දවස්වලින් එකක් මෙයට අවුරුදු 26 කට පෙර, එනම් 1987 ජුලි 29 වැනිදාට යෙදිණ. එවකට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ඡේ. එන්. ඩික්සිත් සහ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධිගේ ප්‍රාණ ඇපකරුවකු බවට පත් වූ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබන්නේ එදාය. එවකට අගමැතිව සිටි ආර්. ප්‍රේමදාස ද ආරක්ෂක ඇමැතිව සිටි ලලිත් ඇතුලත්මුදලි ද මේ අවස්ථාව වර්ජනය කළහ. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු යුද්ධය දෙගුණ විය. රටට සුවිශාල අමතර වැය බරක් ගෙන දෙමින් පළාත් සභා ක්‍රියාත්මක විය. ඉන්දියාව නිතර නිතර අප සමඟ තරහ විය. ඉන්දීය හමුදාව යළි නොකැඳවුවහොත් ස්ථිර වශයෙන්ම තමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සිය දිවි නසා ගන්නා බවට ආර්. ප්‍රේමදාස මහතා ඉන්දියාවට තර්ජනය කළේය. ප්‍රේමදාස, ඒ මොහොතේදී කියූ දෙයක් කරන මට්ටමේ සිටි කෙනෙකි. ඔහු ගොඩනැගී සිටියේ තමන්ට - තමන්ය යන පදනමේ සිට හුදෙකලා චරිතයක් ලෙසය. ඒ අනුව යම් හෙයකින් ජනතාවට දැනෙන පරිදි සිය දිවි නසා ගත්තේ නම් අසූතුනේ ජුලි කලබලය ඊට බොහෝ කලින් ඉතා දරුණු ලෙස පටන් ගැනීමේ අවදානම තිබිණ. එදා එසේ ජාතිවාදී කෝලාහලයක් පටන් ගත්තේ නම් 83 ට වඩා බෙහෙවින් දරුණු වනු ඇත්තේ රටේ නායකයකු රටේ ඒකීයත්ත්වය වෙනුවෙන් දිවි පුදා ජාතික වීරයෙක් වන නිසාය. මිනිසුන් එදාට දෙමළ කඩ ගිනි තබන්නේ වඩාත් දරුණු මානසිකත්වයක් ඇතිවය. එවිට තමිල්නාඩුවේ එවකට සිටි මහ ඇමැති වූ එම්. පී. රාමචන්ද්‍රන් ද නිකම් සිටින්නේ නැත. ඔහුද ඉන්දියන් මධ්‍යම ආණ්ඩුව ඉදිරිපිට යකා නටමින් තම ඡන්ද පදනම රැක ගැනීමට මහත් වෑයමක් දරනවා ඇත. එම පීඩනය ඉවසීමට බැරි තැන ඉන්දියන් මධ්‍යම රජය ශ්‍රී ලංකාවට මැදහත් වීමට හෙවත් රට ආක්‍රමණය කිරීමට ඉන්දියන් හමුදාවට ඉඩ හරිනවා ඇත. ඒ වන විට ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහ කොමසාරිස් ඡේ. එන්. ඩික්සිත් කටයුතු කළේ ලංකාවේ ඉන්දියානු යුව රජු ලෙසිනි. රට තුළ හදිසි කැළඹීමක් ඇති වී නම් ඔහුගේ ජීවිතය වුව අනතුරේ ය. රජිව් ගාන්ධිට තුවක්කුවෙන් ගැසූ විජිත් රෝහණ නමැති නාවික සෙබළා එම තුවක්කුවේ පතරොම් තිබුණේ නම් ස්ථිර වශයෙන්ම ගාන්ධිට වෙඩි තබන බවට කළ ප්‍රකාශයක් ඊයේ (14 වැනිදා ඉරිදා) "දිවයිනෙන්" අපි දුටුවෙමු. ඔහු වෙඩි කෑවා නම් ඉන්දියන් හමුදාව පමණක් නොව ඉන්දියන් මහජනතාව ද කැති මන්න අරගෙන ලංකාවට එන්නේ ය. ඔබ දෙමළ චිත්‍රපට බලනවා නම් ඉන්දියන් කැති හා මන්න දකින්නට ඇති. ඒවා අඩි 4 ක් පමණ දිග අගින් වක් වූ පිහි වර්ගයකි. අඩි 4 ක් ඈතින් සිටින හතුරාගේ බෙල්ල කපා තමන් වෙත ඇද ගැනීමට එම අවිය දරන්නාට පුළුවන.
ඉහතින් අප සාකච්ඡා කළේ ඉන්දු ලංකා ගිවිසුම මගින් නිර්මාණය වීමට ඉඩ තිබූ වෙනත් තත්ත්වයන් ය. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ප්රභාකරන් මාරාවේෂ විය. උතුරට පැමිණි ඉන්දියන් හමුදාවේ ක්‍රියාකලාපය ඉතා නීච විය. ඇතැම් විට යාපනේ දෙමළ මනාල යුවලක් මධුසමය ගතකිරීමට යද්දී මනාලයා පළවාහැර මනාලිය සිය කඳවුරට ඇදගෙන ගොස් ඔවුහු සිය කාම පිපාසය සංසිඳුවා ගත්හ. බීඩි බොමින් සෙරෙප්පු කැබලි දමාගෙන දෙමළ කුණුහරුප කිය කියා විනෝද වූ ඔවුහු කිසිදු ආකාරයකින් වෘත්තිය හමුදාවක් නොවූ අතර කුඩා බෝම්බ පිපිරීමකදී පවා තිහ හතළිහක් මළහ. රජිව් ගාන්ධි ඉන්දියන් හමුදාව මෙහි එව්වේ ඒ රටේ ජනගහනය අඩු කර ගැනීමටද? ප්රභාකරන්, රජිව් ගාන්ධි මරන්නේ ගිවිසුමට පළිගැනීම පිණිස ය. ඒ වෙනුවෙන් ගාන්ධිගේ සතුරන් ප්රභාකරන්ට අවි පිරවූ නැව් දෙකක් තෑගි වශයෙන් දුන් බවට කටකතාවක් පවතී. ගාන්ධි ඝාතනය කළෝ එල්. ටී. ටී. ඊ. කාරයෝය යන්න ඉන්දියානුවන් ඉඳුරාම දත් නිසා අපි බේරුණෙමු. නැත්නම් ඒ වෙනුවෙනුත් 'ඉන්දියන් පරිප්පු' (ඇට සිහින් වර්ගය) කන්නට සිදුවන්නේ අපට ය.
අද ගාන්ධිත් නැත. ඩික්සිත් ද නැත. ප්‍රේමදාසත් නැත. ඡේ. ආර්. ද නැත. ලලිත් ඇතුලත්මුදලිත් නැත. එහෙත් ඉන්දු ලංකා ගිවිසුම මගින් පනවන ලද පළාත් සභා ක්‍රමය තවමත් තිබේ. රටෙන් කැබැල්ලක් කඩාගෙන ඊළමක් පිහිටුවීමේ උවමනාව අදටත් දෙමළ පක්ෂ බොහොමයක් තුළ තිබේ. ඒ සඳහා ඔවුන්ට ඇති ආයුධය පළාත් සභා ක්‍රමයයි. දෙමළ පක්ෂ උතුරු පළාතට හා නැගෙනහිර පළාතට ඉඩම් හා පොලිස් බලතල ඉල්ලයි. ලංකාව දෙකඩ වනවාට ඉන්දියාව කැමති නැතත් තමිල්නාඩුවේ බලපෑමට යටත් වන්නට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට සිදුව තිබේ. ඒ නිසා ඉඩම්, පොලිස් බලතල දෙන ලෙස ඔවුහු අපට කියති. පළාත් සභා අහෝසි කළ හැකි නම් මේ කරදර එකක්වත් නැත. යුද්ධයක් අවසන් කරන විට ත්රස්තවාදියා මෙන්ම බංකරය ද විනාශ කළ යුතු ය.
දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/07/15/editor.html

0 comments:
Post a Comment