Pages

Friday, July 26, 2013

මහානාහිමිවරුන් සමස්‌ත ජාතියටම කළ ප්‍රකාශය හෑල්ලුවට ලක්‌කරමින් 13 වැනි සංශෝධනය හමුවේ ඉන්දියාවට බටහිර රටවලට ඕනෑ ලෙස ආණ්‌ඩුව ක්‍රියාකරමින් සිටිනවා

මහානාහිමිවරුන් සමස්‌ත ජාතියටම කළ ප්‍රකාශය හෑල්ලුවට ලක්‌ කරමින් රටේ සියලු සිංහල බෞද්ධ බලවේග රවටමින් 13 වැනි සංශෝධනය හමුවේ ඉන්දියාවට හා බටහිර රටවලට ඕනෑ විදියට ආණ්‌ඩුව ක්‍රියාකරමින් සිටිනවා යෑයි ශ්‍රී ලංකා බෞද්ධ සංඝ සම්මේලනයේ ලේකම් දොඹගොඩ සාරානන්ද හිමියන් ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික ව්‍යාපාරය මගින් ඊයේ (25 දා) කොළඹ බෞද්ධ මහා සම්මේලන මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි. එහිදී වැඩිදුරටත් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.

පළාත් සභා ක්‍රමය මේ රටට කොහෙත්ම සුදුසු නොවන බව මේ රටේ සියලු බලවේගයන් කියා සිටියා. මහජන විරෝධතා දැක්‌වූවා. ආණ්‌ඩුව මුලින් සුබවාදී මතයක්‌ දැරුවත් දැන් එය හීන වී ගිහින් 13 සංශෝධනයෙහි කරුණු 2 ක්‌ ඉවත් කළ යුතු බව මේ රටේ මහා බලවේග කියා සිටියා. දැන් ආණ්‌ඩුව උතුරු පළාත් සභාව තියන්න යන්නෙ කිසිදු සංශෝධනයක්‌ නොමැතිවයි.

ආණ්‌ඩුවේ ස්‌ථාවරය අඩුවෙන විට 13 ට එහා ගිය බලවේග දැන් බලවත් වෙලා තියෙනවා. උතුරේ මහ අමැති අපේක්‍ෂක හැටියට නම් කළ විග්නේශ්වරම් ඒකීය රට බෙදන්න සැලසුම් කරනවා. ආණ්‌ඩුවේ දෙබිඩි පිළිවෙත් නිසා ආණ්‌ඩු පැත්තෙනුත් ඊට සහය වක්‍රවාකාරව ලැබෙනවා. ජාත්‍යන්තරය හෝ ඉන්දියාව නිසා ආණ්‌ඩුව නිහඬ වෙලා.

ආණ්‌ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්‍ෂ කිහිපයක්‌ම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව දැඩි ලෙස විරෝධය පෑවා. තේරීම් කාරක සභාවේ සිටින පක්‍ෂ නායකයන්ගෙන් අප අහනවා තව දුරටත් තේරීම් කාරක සභාවේ ඉන්නවද කියලා. කොන්ද කෙලින් තියෙන පක්‍ෂ හැටියට තේරීම් කාරක සභාවෙන් ඉවත් වෙන්න කියල අපි ඉල්ලා සිටිනවා. අපි ආණ්‌ඩුවට දැඩිසේ ප්‍රකාශ කරනවා පළාත් සභාව දැනට අහෝසි කිරීමට නොහැකි නම් එය පැවැත්වීමට පෙර සංශෝධනය කළ යුතුයි කියා.

බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩ අත්තේ Æණසාර හිමියන් අදහස්‌ දක්‌වමින්...

මේ ආණ්‌ඩුව බලයට පත් කරන්න අද ඔය නරිවාදන් දොඩවන අය එදා හිටියේ නෑ. මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ පුටුවෙ තැබුවේ මේ රටේ සැබෑ සියලු දේශප්‍රේමී බලවේග එකතුවෙලා. ඒ වෙනුවෙන් මහානායක හිමිවරුන් ඇතුළු සංඝ බලවේග පෙරමුණේ සිටියා. එහෙම හදපු ආණ්‌ඩුව උත්තරීතර මහා නායක හිමිවරුන්ගේ හා ජාතික බලවේගවලට ඇහුම්කන් නොදී දිල්ලි ආණ්‌ඩුවට ඕන විදියට ක්‍රියාකරනවා.

මේ රටේ සැබෑ උරුමය ගැන නොදන්න තේරුම් ගන්න බැරි විකෘති මනස්‌ ඇති තමන් ගැන තම පක්‍ෂය ගැන පමණක්‌ හිතන මන්ත්‍රීවරුන් මැති ඇමැතිවරුන් ඉන්න රටක්‌. මේ රටේ මහ ජාතිය සිංහල. මේක සිංහල බෞද්ධ රටක්‌ කියන්න තරම් කොඳු නාරටි නැති පාලකයන් ඉන්න රටක්‌. මේ රටේ ජාතික තීන්දු තීරණ ගැනීමේ අයිතිය විජාතිකයන්ට නැහැ. ජාතික පුරවැසියා විජාතික පුරවැසියා කවුද කියල හැඳිනගෙන විදේශ රටවල් හොඳින් ක්‍රියාකරනවා.

ආණ්‌ඩුව දැනටමත් තීරණය කරලයි තියන්නේ විග්නේශ්වරම් මහ ඇමැති කියලා. ඉඩම් බලතල පොලිස්‌ බලතල මදි තවත් බලතල අවශ්‍ය බව විග්නේශ්වරන් ඉල්ලා සිටිනවා.

ධම්මික සල්වතුර
http://www.divaina.com/2013/07/26/news22.html

0 comments: