Pages

Wednesday, July 24, 2013

විග්නේෂ්වරන් පත් කිරීම - ගෝලීය ද්‍රවිඩ සංසදය සතුටුයි. නෙදියවන් කල්ලිය අසතුටුයි.

උතුරු පළාත් සභාවේ ද්‍රවිඩ සන්ධාන මහ ඇමැති අපේක්‍ෂක ලෙස විග්නේෂ්වරන් මහතා නම් කිරීම තමන් අනුමත කරන බව කොටි හිතවාදී ගෝලීය ද්‍රවිඩ සංසදය ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ සන්ධානය නම් කර ඇත්තේ නියම මිනිහා යෑයි ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරෙන් සුරෙන්ද්‍රන් ප්‍රකාශ කර තිබේ. එහෙත් නෝර්වේහි නෙදියවන් කල්ලිය විග්නේෂ්වරන්ට අනතුරු අඟවමින් කොටි ඩයස්‌පෝරාව සහ තමිල්නාඩුවේ ඩයස්‌පෝරාව දුර්වල කිරීමට ක්‍රියා නොකරන්නැයි පවසා ඇත. විග්නේෂ්වරන්ගේ අපේක්‍ෂකත්වය නෙදියවන් කල්ලිය පිළිගෙන නැත. තමන්ට ඔහුව විශ්වාස නැතැයි ද නෙදියවන් කණ්‌ඩායම දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/24/news18.html

0 comments: