"පළාත් සභා සුදු අලි හා කොළඹ සද්දන්ත සුදු අලි" මැයෙන් අපගේ හිත මිත්‍ර ඔස්‌ටින් ප්‍රනාන්දු ශූරීන් 2013 ජූනි 28 සිකුරාදා දිවයින පුවත් පතට ලියා ඇති ලිපියේ සඳහන් ඇතැම් කරුණු සත්‍ය ස්‌වරූපයෙන් බැහැරව ඇති බැවින්, යථා තත්ත්වය පැහැදිලි කරනු වස් මෙම කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි. විශේෂයෙන්ම ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා වැනි කෘතහස්‌ත හා ඡේHෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ඉදිරිපත් කරන මෙවැනි අදහස් කියවීමෙන් සාමාන්‍ය ජනතාව පමණක් නොව, පළාත් සභා මන්ත්‍රීවරුන් හා නිලධාරීන් ද මෙවැනි කරුණු පිළිබඳව වැරදි මත ඇතිකර ගැනීමට ඉඩ තිබේ. ප්‍රනාන්දු ශූරීන්ගේ ලිපියේ මුදල් කොමිෂන් සභාව පිළිබඳව දක්‌වා ඇති කරුණු පැහැදිලි ලෙසම සත්‍යයෙන් බැහැර බව පෙනේ. ඔහු සඳහන් කරන්නේ,
"එමෙන්ම, මහා භාණ්‌ඩාගාරය පළාත් සභාවලට අරමුදල් නිදහස් කිරීමේදී මධ්‍යයේ දේශපාලන හා පරිපාලන සිතැඟි ප්‍රමුඛකොට ප්‍රමාද කිරීම් කළේය. දැනුදු කරයි. මුදල් කොමිෂන් සභාව සෑම විටම මධ්‍යයේ අවශ්‍යතා කෙරෙහි සානුකම්පිතය."
ඉහත සඳහන් පරිදි ප්‍රනාන්දු ශූරීන් අදහස් කරන්නේ මුදල් කොමිෂන් සභාව මධ්‍යයේ අවශ්‍යතා කෙරෙහි සානුකම්පිත වන බවය. එතුමා අතැඹුල සේ දන්නේ යෑයි විශ්වාස කරන 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයේ සඳහන් අන්දමට මුදල් කොමිෂන් සභාවට මධ්‍යය පිළිබඳ සානුකම්පිත වන්නට හෝ අකාරුණික වන්නට අවකාශයක් නොමැත. 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයේ 154 "ජ"(3) වගන්තියෙහි "පළාත් අවශ්‍යතා සපුරාලීමේ කාර්යය සඳහා ප්‍රමාණවත් අරමුදල්, ආණ්‌ඩුව විසින් කොමිෂන් සභාවේ නිර්දේශ අනුව සහ කොමිෂන් සභාව විමසා වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන් කර දීමය" ලෙස සඳහන් වේ.
එහි 4 වන වගන්තිය පහත පරිදි වේ. "පළාත් සඳහා ආණ්‌ඩුව විසින් වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන අරමුදල් පළාත් අතර බෙදාදීමේ දී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති, සහ පළාත් වල මුදල් කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවට යොමු කරන ලද වෙනත් යම් කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂන් සභාවේ කාර්යය වන්නේය." ඉහත ව්‍යවස්‌ථා වගන්තියෙහි පැහැදිලිව සඳහන් වන පරිදි මුදල් කොමිෂන් සභාවට හැකි වනුයේ පළාත් අතර ප්‍රතිපාදන බෙදා වෙන් කිරීම මිස මාධ්‍යය පිළිබඳ අවධානය යොමු කිරීම නොවේ. එසේම, එතුමා හොඳින් දන්නා පරිදි රාජ්‍ය අරමුදල් වෙන් කරනු ලබන්නේ වාර්ෂික අයවැය ලේඛනය මගිනි. විවිධ රේ‚ය අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන අතර වාර්ෂික අයවැයෙන් වෙන් කරනු ලබන අරමුදල් අයවැය කාරක සභා අවස්‌ථාවලදී විවාද කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව මගින් අනුමත කළ පසුව, මහා භාණ්‌ඩාගාරය මගින් අදාළ ආයතනවලට ලබාදීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වේ. එවැනි ක්‍රියාපටිපාටියක් යටතේ මධ්‍යය සඳහා මුදල් වෙන් කිරීමේ කාර්යයට සම්බන්ධවීමට හෝ ඒ පිළිබඳව සානුකම්පිතවීමට මුදල් කොමිෂන් සභාවට අවකාශ නොමැත.
ප්‍රනාන්දු ශූරීන්ගේ ලිපියෙහි තවත් තැනක මෙසේ සඳහන් වේ.
"මුදල් පරිහරණය තීරණාවලියේදී ඇති නිදහස හා අවකාශය පිළිබඳව ද ඇත්තේ සමරූපී ස්‌වභාවයකි. මුදල් කොමිෂන් සභාවේ පළාත් සභා මුදල් අවශ්‍යතා පිළිබඳ ආකල්ප වී ඇත්තේ ද පරිපාලන වියදම් සැපයීම මඟින් පළාත් සභා තෘප්තිමත් කිරීමකි."
පළාත් අවශ්‍යතා හඳුනාගෙන ඒ ඒ පළාත්වලට ප්‍රතිපාදන සපයා දීමේ කාර්යභාරය තුළ මුදල් කොමිෂන් සභාව විසින් පුනරාවර්තන මෙන්ම ප්‍රාග්ධන ස්‌වරූපයේ ප්‍රතිපාදන ද වෙන් කරනු ලබයි. සේවක පඩිනඩි, දීමනා සහ දෛනික සේවා පවත්වා ගෙන යාමට අවශ්‍ය වියදම් වෙනුවෙන් පුනරාවර්තන වියදම් වෙන් කළද, ආර්ථික හා සාමාජයීය යටිතල පහසුකම් සංවර්ධනය සහ තුලිත ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයක් ඉලක්‌ක කර ගත් විශේෂ ව්‍යාපෘති වශයෙන් ප්‍රාග්ධන අරමුදල් ද වෙන් කරනු ලැබේ. ප්‍රනාන්දු ශූරීන් පවසන පරිදි, මුදල් කොමිෂන් සභාව සම්බන්ධයෙන් එතුමාගේ ආකල්පය වන්නේ, පරිපාලන වියදම් සැපයීම මඟින් පළාත් සභා තෘප්තිමත් කිරීමෙහි නිරතව සිටින බවයි. එහෙත් පළාත් වලට සමාජ ) ආර්ථික සංවර්ධන කටයුතු සඳහා ප්‍රාග්ධන අරමුදල් වෙන් කරන්නේද මුදල් කොමිෂන් සභාව විසින්මය. 2010 වර්ෂයේ ප්‍රාග්ධන ප්‍රතිපාදන ලෙස රු. මි. 22,555ක් , 2011 වසරේ දී රු. මි. 26,291ක් සහ 2012 වසරේදී රු. මි. 27,738 ක් වෙන් කර ඇත. පරිපාලන වියදම් පිළිබඳ ප්‍රතිපාදන සැපයීම තුළින් පළාත් සභා තෘප්තිමත් කරන බව එතුමා අදහස් කළත්, මෙවැනි අදහසක් මුදල් කොමිෂන් සභාවේ නොමැති බව පෙන්වා දෙනු කැමැත්තෙමි. ඇතැම් විට එතුමා තමන්ගේ මතය මුදල් කොමිෂන් සභාව මත ආරෝපණය කිරීමට උත්සාහ දරන බව පෙනේ. එසේම, ඇතැමුන් සිතන්නේ පළාත්වලට ලබා දෙන පරිපාලන වියදම් සඵලදායක නොවන වියදම් ලෙස වුවද, එය සම්පූර්ණයෙන්ම සත්‍යයක් නොවේ.
පළාත් සභා ආයතන මඟින් ක්‍රියාත්මක කරන අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, වාරිමාර්ග සහ සමාජ සේවා ආදී විෂයන් ක්‍රියාත්මක කරන්නේ පළාත් වල සිටින විවිධ කාර්ය මණ්‌ඩල මඟිනි. පළාත් මට්‌ටමේ පාසල්, රෝහල් ආදී ආයතන පවත්වාගෙන යනු ලබන්නේත්, මෙතෙක් ලබා ඇති අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල ඉහළ මට්‌ටමේ ප්‍රතිඵල ළඟා කර ගෙන ඇත්තේත්, එම කාර්ය මණ්‌ඩල වල කැපවීම නිසාය. පළාත් අධ්‍යාපන අංශය යටතේ 3,155,160 ක් පමණ සිසුන් අධ්‍යාපනය හදාරන අතර, 2 ශේ්‍රණියේ සිට 10 ශ්‍රේණිය දක්‌වා අධ්‍යාපනය හැදෑරීම පිණිස රැඳී සිටින ශිෂ්‍ය ප්‍රතිශතය 99.59% කි. 2012 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ පළාත් පාසල් වල සිසුන්ගෙන් 50% ක් පමණ සමත් වී ඇත. එසේම 2011 සියලු පළාත්වල සෞඛ්‍ය අංශය යටතේ රෝගීන් මිලියන 41 ක් (එක පුද්ගලයෙකු කිහිපවරක් ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළත්ව) පමණ සේවා ලබාගෙන ඇත. එයින් මිලියන 32 ක් බාහිර රෝගී අංශයට අයත්ය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යට දර්ශක, අග්නිදිග ආසියානු කලාපයෙන්ම ඉහළ මට්‌ටමකට ගෙන ඒම සඳහා පළාත් සෞඛ්‍ය සේවයේ කාර්යමණ්‌ඩලය සැලකිය යුතු දායකත්වයක් සපයා ඇත. එබඳු කාර්ය මණ්‌ඩල නොතිබුණේ නම් පාසල්වල උගන්වන්නට ගුරුවරුන් ද, රෝහල්වල සේවය කරන්නට සෞඛ්‍ය කාර්ය මණ්‌ඩල ද, කෘෂිකර්ම කටයුතු කිරීමට අදාළ සේවක මණ්‌ඩල ද නොතිබෙන්නට ඉඩ තිබුණි. එසේ වූයේ නම් එම ක්‍ෂේත්‍රවලින් කිසිම ප්‍රතිඵලයක් නොලැබී යනු ඇත. එබැවින් පරිපාලන වියදම් අනවශ්‍ය වියදම් ලෙස සලකන යථාරූපී නොවන ආකල්පය බැහැර කොට යථාර්ථය අවබෝධ කර ගත යුතුව ඇත. එමෙන්ම පළාත් සභා නොපවතින තත්වයක් තුළ වුවද, මෙම සේවකයන් මධ්‍යම ආණ්‌ඩුවේ ආයතන යටතේ සිටියත් මෙම සේවාවන් ඉටු කළ යුතු වේ.
ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා දක්‌වන පරිදි "බලය බෙදීමේ සාර්ථකත්වය පවතින්නේ බලවිභජිත ඒකකයට නීති සෑදීම, මූල්‍ය හා පිරිස් කළමනාකරණය සඳහා ඇති හැකියාව හා නිදහස මත බව විද්‍යාර්තී නිගමනයයි."
එතුමා පවසන්නේ බලය බෙදා දෙන ලද ආයතන වලට ඉහත කී බලතල ලබා දිය යුතු බව විද්‍යාර්ථීන්ගේ නිගමනය බවයි. මෙම කරුණු පිළිබඳ ප්‍රනාන්දු මහතා වැනි අත්දැකීම් බහුලව ඇති රාජ්‍ය නිලධාරීන් විසින් වඩා අවධාරණය කළ යුත්තේ විද්‍යාර්ථීන්ගේ න්‍යායන්ට වඩා ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික තත්ත්වය පිළිබඳවයි. බලය බෙදීම පිළිබඳව විද්‍යාර්ථීන් ඉදිරිපත් කර ඇති බොහෝ න්‍යායාත්මක කරුණු පදනම් වී ඇත්තේ සන්ධීය ආණ්‌ඩුක්‍රමවලට අනුකූල වන පරිදිය. එහෙත් මෙහිදී ඉන්දියාව හෝ වෙනත් සන්ධීය ආණ්‌ඩුක්‍රමයකට වඩා, ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය පදනම මත බලය බෙදා හැරිය හැකි, අපට ගැලපෙන ආකෘතියක් සකස් කර ගැනීම වඩාත් වැදගත් වේ. ඒ අනුව, පළාත් සභා හෝ වෙනත් උප ජාතික මට්‌ටම් වල ඇති ආයතන තම කටයුතු මෙහෙයවිය යුත්තේ ජාතික ප්‍රතිපත්තියට අනුකූල වන පරිදිය. 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයේ සංවෘත ලැයිස්‌තුවේ පළමුවෙන්ම දක්‌වා ඇති කරුණ වන්නේ සියලුම විෂයන්ට සහ ක්‍රියාවන්ට අදාළ ජාතික ප්‍රතිපත්තිය සැකසීම මධ්‍යයේ වගකීම බවයි. ශ්‍රී ලංකාව වැනි සාපේක්‌ෂ වශයෙන් ප්‍රමාණයෙන් කුඩා වූ රටකට විවිධ විෂයන් සඳහා පොදු ජාතික ප්‍රතිපත්තියක් ඉතා වැදගත් වේ. ඒ මන්ද යත් ප්‍රාදේශීය වශයෙන් යම් යම් විෂමතා තිබුණත් පොදුවේ බොහෝ කරුණු පිළිබඳව සමානතාවයක් දක්‌නට ඇති බැවිණි.
තම ලිපියේ විවිධ නඩු තීන්දු පිළිබඳව උපුටා දක්‌වන ප්‍රනාන්දු මහතා, 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද නඩු තීන්දුව ගැන අවධානයක් යොමු කර නැති බව පෙනේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නවදෙනෙකුගෙන් යුක්‌ත වූ විනිසුරු මඩුල්ල මේ පිළිබඳව ලබා දී ඇත්තේ බෙදුණු තීරණයකි. එසේ වුවත්, එහි සඳහන් වන වැදගත් කරුණකට අවධානය යොමු කරවනු කැමැත්තෙමි. එම නඩු තීන්දුවේ දක්‌වා ඇති පරිදි පළාත් සභා යනු "දෙවන මට්‌ටමේ පවතින අනු ආයතන වේ."
මෙයින් ද පැහැදිලි වන්නේ ප්‍රධාන මට්‌ටමේ පවතින මධ්‍යම රජය විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ මධ්‍යය මෙන්ම උප ජාතික මට්‌ටමේ ආයතන ද කටයුතු කිරීමේ වැදගත්කමයි.
එසේම, පළාත්වල විසීරී සිටින බහුතර පොදු ජනතාවට අවශ්‍ය වන්නේ විද්‍යාර්ථීන්ගේ නිගමනය පරිදි පෙන්වා දෙන ලද බලතල වලට වඩා, ඔවුන්ගේ සමාජ, ආර්ථික තත්ත්වය ඉහළ මට්‌ටමක පවත්වාගෙන යමින් උසස් ජීවන තත්වයක් ලබා ගැනීමයි. මේ දිනවල විවිධ මාධ්‍යයන් මඟින් දක්‌නට හැකි වන්නේ තම ගම් ප්‍රදේශයට ප්‍රවේශ වන පාර සකස් කිරීම, පානීය ජලය ලබාගැනීම, කුඩා ගංගා සහ ඇළ මාර්ග හරහා පාලමක් ඉදිකිරීම, හුදෙකලා වූ ගම්මාන වලට විදුලි බලය ලබා ගැනීම වැනි අවශ්‍යතාවයන් ලබා ගැනීම සඳහා ජනතාව විසින් දක්‌වන විරෝධතාවන්ය. බහුතර පොදු ජනතාව ඉහත විද්‍යාර්ථීන් පවසන බලතල කිසිවක් කිසිවිටෙක ඉල්ලා නැත. එබැවින්, පළාත් සභා මඟින් වැඩි අවධානයක් යොමු කළ යුත්තේ එම පළාතේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම කෙරෙහි ප්‍රමුඛතාවයක් ලබා දීම සඳහාය.
එසේම, දිවයිනේ විවිධ ප්‍රදේශ අතර පවත්නා සමාජ, ආර්ථික විෂමතා අවම කර ගැනීම පළාත් සභාවල ප්‍රමුඛ කාර්යක් බව 13 වන ව්‍යාවස්‌ථා සංශෝධනයේ පැහැදිලිවම සඳහන් වී ඇත. මේ නිසා කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා අංශවල ව්‍යාප්තිය ඇති කිරීම, රැකියා අවස්‌ථා බහුල කිරීම, දැනුම හා කුසලතා ප්‍රවර්ධනය, සම අධ්‍යාපන අවස්‌ථා ලබා දීම මෙන්ම හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා දීම වැනි කරුණුවලට පළාත් සභා වැඩි අවධානයක් යොමු කිරීම ප්‍රායෝගික ප්‍රවේශයක් වනු ඇත. දැනටමත් සෑම පළාත් සභාවක්‌ම ඉහත කී විෂයන් පිළිබඳව ප්‍රසංශනීය කාර්යභාරයක් ඉටු කර ඇත. අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සේවාවන් සැපයීමත්, කෘෂිකර්ම සංවර්ධනය තුළින් ආහාර සුරක්‌ෂිතභාවය රැකගැනීමත් පළාත් සභා විසින් අත්කරගෙන තිබෙන මූලික ජයග්‍රහණ වේ.
මේ අනුව සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ මධ්‍යය හා උප ජාතික මට්‌ටම් අතර බලය බෙදා හැරීමේදී වඩාත් ප්‍රායෝගික ප්‍රමුඛතාවය විය යුත්තේ ජාතික ඒකාග්‍රතාවය, සමගිය හා සදාචාර සංවර්ධනය රැකෙන පරිදි බහුතර ජනතාවගේ ජීවන මට්‌ටම ඉහළ නැංවීමයි. අඩු වශයෙන් සැමට පොදු මූලික අවශ්‍ය තා සැපයීම මෙහිදී අරමුණු කරගෙන ක්‍රියා කිරීම වැදගත් වේ. බලය බෙදීම පිළිබඳව විද්‍යාර්ථීන්‍යා යන් පදනම් කර ගෙන විවිධ තර්ක ඉදිරිපත් කිරීමට වඩා ශ්‍රී ලංකාවට වඩාත් ගැලපෙන, ජනතා සහභාගීත්වය ඇතිව සමාජ ආර්ථික සංවර්ධනය සහ යහපාලනය කරා යොමු වන ප්‍රායෝගික ක්‍රියාවලියක් නිර්මාණය කරගැනීම අප සැමගේ සාමූහික වගකීමක් වනු ඇත.
ආරියරත්න හේවගේ - මුදල් කොමිෂන් සභාවේ සභාපති
http://www.divaina.com/2013/07/13/feature02.html
ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාගේ ලිපිය
පළාත් සභා සුදු අලි හා කොළඹ සද්දන්ත සුදු අලි
අප කුලුපගයෙකු වූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමා මෑතදී පැවසූයේ පරිපාලනාත්මකව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සුදු අලියෙකු බවත්, පුරවැසි ඇසින් ඒ දෙස බැලිය යුතු බවත්ය. බලය පහළම මට්‌ටමට ගෙන යායුතු බවත්, පළාත් සභා උප-ජාතික මට්‌ටමේදී පරමාර්ථ ඉටුකර නොමැති බවත්ය.
ජනාධිපති ලේකම්වරයකු මෙවැනි ප්‍රකාශයක් කරන්නේ සංවාදයක් ඇරඹීමට වියහැකිය. ගම්මට්‌ටම බලගැන්වීම යන ජනප්‍රිය ප්‍රකාශය, වත්මන් කතිකාවන් පරිදි පළාත් සභාව හලාදමා, මධ්‍ය නිලධාරීවාදී දිස්‌ත්‍රික් මට්‌ටමට හෝ මැතිවරණයකින් පත්වන නියෝජිතායතනයක් වන පළාත්පාලන ඒකකයකට බලය බෙදීම ඉලක්‌ක කර, ජනතාව අතරමැදි සන්ධිස්‌ථානයකට රට කැඳවීමට පැවසුවා විය හැකිය.
වීරතුංගයන් දීර්ඝ අත්දැකීම් ඇති රාජ්‍ය සේවකයෙකි. ඔහුගේ මෙම විග්‍රහය පෞද්ගලික මතයක්‌යයි මා බැහැර නොකරන්නේ එහෙයින් හා උත්තුංග දේශපාලන බලධාරීන්ට ඔහුගේ සමීපභාවය ප්‍රචලිත හෙයිනි. එහෙත් පිරිපුන්ව දේශපාලන අවශ්‍යතාවයක් ඉටුකිරීම ඔහුට අපහසු යෑයි සිතෙන්නේ 13 ව්‍යවස්‌ථා සංශෝධනය ගැන රජයේ ස්‌ථාවරය අවිනිශ්චිත හෙයිනි.
13 සංශෝධනය වෙනස්‌කිරීමට අදහසක් ඇති බව කෙහෙළිය රඹුක්‌වැල්ල අමාත්‍යතුමා පවසයි. පළාත් සභාව සුදුඅලියෙකු යයි කියයි. එතුමාද කලකට පෙර සුදුඅලියෙකු පිට ගියා මට මතකය. සීමිත බල කප්පාදුවක් අගමැති දී. මු. ජයරත්න මැතිතුමා වක්‍රව යෝජනා කරයි. අමාත්‍යවරුන් දෙදෙනෙක් 13 සංශෝධනය කටුගා දැමියයුතු යෑයි පවසති. මාක්‌ස්‌වාදී-මූල ඇමතිවරුන් ප්‍රමුඛ ඇමතිවරුන් පිරිසක් 13 සංශෝධනයට දැඩිව පාක්‌ෂිකය. බත ඉදෙනකම් මේ ආරවුල තිබිය හැකිය. ජනාධිපතිතුමා කර්තෘවරුන් සමග පවසා සිටියේ පළාත්සභා ක්‍රමය මුළුමනින්ම අසාර්ථකයක් නොවේ. යම් ධනාත්මක ප්‍රතිඵල එහි ඇති බවය. මේ ආරවුල් අසා අපි වික්‌ෂිප්ත වෙමු රජය විෂයානුබද්ධ ප්‍රතිපත්ති පඹගාලක පැටලී ඇත්දැයි සැකකරමු.
පළාත් සභාවල සුදු අලිභාවය මෙකල මෙන් කතාබහට ලක්‌වීමක් කෙදිනකවත් නොවීය. දකුණට නොගැලපෙන පාර්ශ්වයක් උතුරු පළාත් සභාවෙන් බිහිවීමේ විභවය නිසා මෙසේ වීයයි සැකයකි. ඒ නිසා දකුණේ රාජ්‍යපාක්‌ෂික දේශපාලන අධිකාරීන් පලාත්සභාවල 'සුදුඅලිභාවය' උලුප්පා දැක්‌වීම අරුමයක්‌ද නොවේ. පළාත්සභා දේශපාලනයේ සක්‍රීය රාජ්‍යපාක්‌ෂිකයින් මේ විවේචන සාවද්‍ය වුවද ගොළුවත රකින්නේ ගෙල රැකගැනීමට යයි සිතේ.
සුදු අලි හා සද්දන්ත සුදු අලි
මෙහි අරුමය නම් පළාත්සභා සුදුඅලින් ගැන කම්පිත වූවන්, මධ්‍යගතකරණයෙන් බිහි වූ 'සද්දන්ත සුදු අලි' ගැන අකම්පිතවීමය. ඔවුන් සද්දන්ත සුදුඅලි වන්දනයට ලොල් සේය. කැබිනෙට්‌ටුවේ ඇමතිවරුන් 60ක් සිටීම, ඔවුන් බිලියනවලින් වියදම් දැරීම, උපදේශකයින් සිය ගණනින් සිටියදීත් රාජකාරීන් අඩාලවීම, රාජකාරි රහිත දෙටු ඇමතීන් සිටීම වැනි තත්ත්වයන් හා මධ්‍යගත පාලන තන්ත්‍රයේ දිනපතා ඇසෙන දූෂණ, නාස්‌තිය, අවකළමනාකරණය, අකාර්යක්‌ෂම භාවයන්, අසාපල්‍යභාවය, අතාර්තිකත්ත්වය නිසා සද්දන්ත සුදුඅලින් මධ්‍යයේ බිහිවීම ඔවුන් නොදකින්නේ අක්‌ෂි කාච තුළ අන්ධකාරක 'සුදක් මතුවී' ඇති හෙයින් දැයි නොදනිමි.
වීරතුංගයන්ගේ කළමනාකරණ දේශනවලට යූ-ටියුබයෙන් මා සවන්දී ඇත. ඔහු ඒ දේශනයන්හි හුවාදැක් වූ බොහෝ දේ මධ්‍යගත පාලනයේ දුබලකම් ගැන වූ කම්පනය නිසා දැයි විටෙක සිතේ. බල අධිකාරය අතලොස්‌සක් අත රැඳුණු මධ්‍යගත පාලනය සද්දන්ත සුදුඅලියෙකු ලෙස ඔහුටවත්, අන් දේශපාලන අධිකාරීන්ටවත් නොපෙනුණේ එවැන්නක් අදෘෂ්‍යමාන බලවේගයක් හෙයින් ද, දුටුවද නොදුටුවා සේ සිටින හෙයින් ද, නැත්නම් මධ්‍යගත පාලනයට ලොල්කම නිසාද යන්න අපැහැදිලිය. මධ්‍යගත අධිකාරිත්වය යටතේ කාලගුණ විද්‍යා හා ධීවර අංශ අතර ළඟදී වූ කඹ ඇදීම සද්දන්ත සුදුඅලින්ගේ කඹ ඇදීමක් ලෙස කිසිම බලධාරියෙකු නොදැකීම ම මේ තත්ත්වයට අටුවා අනවශ්‍ය කරයි.
කිසිසේත්ම පළාත් සභා ක්‍රමය අකාර්යක්‌ෂමභාවය, අසාපල්‍යභාවය, අතාර්තිකත්ත්වය ආදියෙන් විනිර්මුක්‌ත වූවක්‌යයි මම නොකියමි. එහිද වරද, දුබලතා රාශියක් ඇත. එම වැරදි ඊට උත්සන්නව මධ්‍යගතවද ඇති හෙයින් පළාත් සභාවල තිබීමේ වරදක් නැතියයිද මම කිසි විට නොකියමි. කොතැනක වුවද දුබලකම දුබලකමකි.
බලය බෙදීම හා විමධ්‍යගතකරණය
බලය බෙදීම හා වීමධ්‍යගත කරණය ක්‍රමවිධි දෙකකි. පළාත්සභා මධ්‍යයේ බලය පර්යන්තයට බෙදා දේ. විමධ්‍යගත කිරීමේදී සියලු තීන්දු මධ්‍යයේ අවශ්‍යතා මත ඉටු වේ. බලය බෙදීමේදී කැපීපෙනෙන්නේ උචිතම මට්‌ටමේදී සේවා සැපයීමට අවස්‌ථා සපයා දීමයි.
මෙහිදී වීරතුංගයන්ට කරුණක් කිවහැකිය. ඔහු අපේක්‌ෂිත පරිදි ගමට බලය බෙදන්නේ නම් යෙහෙකි. එහෙත් බලය බෙදාහැරීම අප රට පවත්නා නීතිමය ව්‍යqහය තුළ ගැටලු මතුනොකරයිද? ගම් මට්‌ටමේ සංවර්ධන විභවයන් ප්‍රමාණාත්මකව සීමිතය. වීරතුංගයන් අදහස් කරන්නේ ගම් 25, 000ට බලය බෙදීම නම්, එවැනි කුඩා ඒකකයකින් අපේක්‌ෂිත සංවර්ධනය කුමක්‌ද, අදාල ව්‍යවස්‌ථාමය ප්‍රවේශය කුමක්‌ද, ගම් සමූහ, ගම්-දිස්‌ත්‍රික්‌ක හා ගම පළාත්, ගම් ඒකාග්‍රවන්නේ කෙසේද, අනුගත පරිපාලන ව්‍යqහය කුමක්‌ද, ගම් මට්‌ටමේ අධීක්‌ෂණය සිදුවන්නේ කෙසේද, ඉන් පැනනැගෙන පිරිවැය-වාසි අනුපාතය කවරේද, ගම් මට්‌ටමේ සමාජ අසමතුළිතයන් (දේශපාලන, කුල, ආගම්, වර්ග බෙදීම් ආදී) සමතුළිත කරන්නේ කෙසේද, මහජන සහභාගිත්වය, නියෝජනය හා වගවීම කෙසේ ඉටුකරගනීද ආදියට අවධානය යොමුවිය යුතුවේ. අද රට මුහුණපා ඇති ජාතික ගැටලුවේ සංකීර්ණත්වයන්ට ගම් මට්‌ටමේ බලය බෙදීම පිළියමක් වේද යන්න සැලකිල්ලට ගතහොත් වීරතුංගයන්ගේ චින්තනය ඊටත් වැඩි විවේචනයට ලක්‌වේ. වීරතුංගයන් ජාතික ගැටලුව මෙසේ සරල ලෙස ලුහුකිරීම වත්මන් රාජ්‍ය බලධාරීන්ගේ පරිචයෙන් ආසාධනයවීම නිසාවූ උද්ගතයක් දැයි සැක ඇති කරයි.
බලය බෙදීමේ සාර්ථකත්වය පවතින්නේ බලවිභජිත ඒකකයට නීති සෑදීම, මූල්‍ය හා පිරිස් කළමනාකරණය සඳහා ඇති හැකියාව හා නිදහස මත බව විද්‍යාර්තී නිගමනයයි. නිර්ව්‍යාකූලව බලය බෙදීමක් ව්‍යවස්‌ථාගතවීම බලය බෙදීමේ සාර්ථකත්වයට හේතුවන බවට දශක දෙකකට පමණ පෙර ඉන්දු-ලංකා සම්මන්ත්‍රණයකදී ජී. එල්. පීරිස් ඇමතිතුමාගේ සඳහනක් මට සිහිපත්වේ. බෙදාදුන් බලය කේන්ද්‍රකරණයෙන්, බලය බෙදාගැනීම මොට කෙරේ. ඉන් පළාත් සභා මොටවී සුදුඅලි බිහිවීම අරුමයක් ද නොවේ.
අධිකරණ තීන්දු හා බලය බෙදීම
අධිකරණය ජී. එල්. පීරිස් ඇමතිතුමන් පැවසූ නිර්ව්‍යාකූලභාවයට අදාළව තීරණ දී ඇත. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය සමයේදී උපරිමාධිකරණ අභියාචනා අංක 41 හා 42/96 දී අගවිනිසුරු ජී. පී. එස්. ද සිල්වා මැතිතුමන් විසින් ආණ්‌ඩුකාරවරයාගේ බලතල පිළිබඳව නිර්වචන ජනාධිපතිතුමිය බලය බෙදා දීම පිළිබඳ ව්‍යවස්‌ථාව මොට කළ අන්දම හුවා දැක්‌වීය. එහෙත් ඉතාම මෑතදී 'නැගෙනහිර ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාටවත් අවනත නැහැ' යයි නැගෙනහිර පළාත් සභාවේ විමලවීර දිසානායක අමාත්‍යවරයා පැවසූ බව වාර්තාවීමෙන් පෙනී යන්නේ අධිකරණ තීන්දු කුමක් කීවත් මධ්‍යය විසින් පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය අබලිකර ඇති බව නොවේද? මීට වරදකරු පළාත් සභාවද, මධ්‍යයද?
එජාප රජය මගින් රාජිත සේනාරත්න ඇමතිතුමන් ගෙනා ඉඩම් පනතක් පිළිබඳ ශිරානි බණ්‌ඩාරනායක අගවිනිසුරුවරිය, අසෝක ද සිල්වා හා නිහාල් ජයසිංහ විනිසුරුවන් සමගින් දුන් අංක Sගෘ 26/2003, Sගෘ 27/2003, Sගෘ 28/2003, Sගෘ 29/2003, Sගෘ 30/2003 Sගෘ 31/2003, Sගෘ 33/2003, Sගෘ 34/2003 Sගෘ 35/2003 සහ Sගෘ 36/2003 සමූහ නඩු තීන්දු ඔප්පු කරන්නේ එජාපය (අද රාජිත සේනාරත්න ඇමතිතුමන් කෙසේ පැවසුවද) බලය බෙදීම මොට කිරීමට උත්සාහ කළ අවස්‌ථාවකි.
දිවි නැගුම පනත් කෙටුම්පතෙහිද, නගර නිර්මාණ කෙටුම්පතෙහිද අධිකරණ තීන්දු වත්මන් ආණ්‌ඩුව බලය බෙදීම මොටකිරීමට ගත් ප්‍රයත්නයන්ට උපහැරණ දක්‌වති. එහෙයින් ව්‍යවස්‌ථාමය බලය මොටකර පළාත් සභා සුදුඅලින් කිරීමේ ප්‍රවනතාවය එක දේශපාලන පක්‌ෂයකට හෝ නායකත්වයකට හෝ කාලපරාසයකට හෝ ආවේනික නොවන බවද පැහැදිලිය.
හාස්‍යයට හේතුකාරක වන සිද්ධීන්ද මේ අතර දක්‌නට ලැබේ. ඉඩම් බලතල පළාත් සභාවලට අනවශ්‍යයයි දැන් මොරදෙන සමහරුන් ඉඩම් බලතල පළාත් සභාවලටම තිබිය යුතුයයි රාජිත සේනාරත්න අමාත්‍යතුමන්ට එරෙහිව උපරිමාධිකරණයට ගිය අයවලුන්වීම එක විහිළුවකි. එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහ ඇමැතිතුමිය පොලිස් බලතල ඉල්ලා සිටි අවස්‌ථාවේදී ඊට සහය දැක්‌වූ සුසිල් ප්‍රේමජයන්ත හා µSලික්‌ස් පෙරේරා ඇමතිවරුන් අද ඊට එරෙහිවීමද හාස්‍යය ජනනය කරයි. කබරමස් තලගොයි මස්‌වූවා සේය.
එජාපයේ සිටි මහින්ද සමරසිංහ ඇමතිතුමන් බස්‌නාහිර පළාත් සභාවේ ප්‍රවාහන අමාත්‍යධුරය හොබවද්දී ප්‍රවාහන අධිකාරිය පිළිබඳව, ඉතා සංවේදීව මාධ්‍යයෙන් වූ 'අවනඩුව' පිළිබඳ පළාත් සභා අමාත්‍යංශයේ ලේකම්ව සිටි මට මැසිවිලි කී අන්දම දැනුදු සිහිපත්වේ. එතුමාටද මතක නම් පළාත් සභා සුදුඅලින් කරන්නේ කවුදැයි හදවතට එකඟව අද වුවද සාක්‌ෂි දෙනු ඇත. අභාග්‍යය නම් කල්යල් බලා දේශපාලකයන්ගේ හෘදසාක්‌ෂිය ද මියයාමයි·
මාධ්‍යය විසින් බලය බෙදීම බිඳදැමීම
තවත් අංශයක් දෙස බලමු. ඩී. බී. විඡේතුංග ජනාධිපතිතුමන් සමයේ, පළාත් සභාවලට අනුයුක්‌තව සිටි ග්‍රාමනිලධාරීන් කොළඹ ස්‌වදේශ අමාත්‍යංශයට පවරාගැනීම මධ්‍යයේ බෙලහීන කිරීමේ ආකල්පය හුවාදක්‌වයි. අමරසිරි දොඩම්ගොඩ මහ ඇමැතිතුමන්ගේ පළමු පළාත් සභා ප්‍රකාශය ජනාධිපති කාර්යාලයෙන් කපාකොටා දැමූ අන්දම එවකට පළාත් සභා මන්ත්‍රීවරයෙකුවූ (ප්‍රකාශයේ කර්තෘවී යයි මා සිතන) ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාට මතක ඇතිය. එවැනි සරල බලයක්‌වත් දීමට මධ්‍යය අකමැතිවී ඇත. තවද, අපේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙකම පළාත් රෝහල් ජාතික රෝහල් කර ඇත. උදාහරණ ලෙස රත්නපුර, පොලොන්නරුව හා බදුල්ල රෝහල් ජාතික රෝහල් වූයේ මධ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ / අමාත්‍යතුමාගේ සිතැඟි සපුරාලන්නටය. එමෙන්ම, පළාත් පාසල් ජාතික පාසල් කර ඇත. මහා මැතිවරණයක් ආසන්නයේදී පළාත් පාසල් ජාතික පාසල් බවට පත්වූයේ ඡන්ද ගරා ගැනීමේ උපායක් ලෙසය. මෙහිදී බලය බෙදාගැනීම මොට කර ඇත්තේ කවුරුන්ද?
එමෙන්ම, මහා භාණ්‌ඩාගාරය පළාත් සභාවලට අරමුදල් නිදහස් කිරීමේදී මධ්‍යයේ දේශපාලන හා පරිපාලන සිතැඟි ප්‍රමුඛකොට ප්‍රමාද කිරීම් කළේය. දැනුදු කරයි. මුදල් කොමිසම සැමවිටම මධ්‍යයේ අවශ්‍යතා කෙරෙහි සානුකම්පිකය. තවද, පළාත්සභා උසාවි දඩ ගාස්‌තු ලබාගැනීමට ගන්නා වෙහෙස අතිමහත්ය. පළාත් සභාවල ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ පිරිවැටුම් බද්දට වූ හදිය අපි දනිමු. මෙසේ පළාත් සභා මූල්‍යමය ලෙස දුබල කොට සුදුඅලින් යයි මොරදීම සාධාරණද? දෙඅත් පිටිකර බැඳ තටාකයක පිහිනීම මොවුහු අපේක්‌ෂා කරත්ද? ඉන් පළාත් සභා සුදුඅලින් වූයේ නම් ඊට වගකිවයුත්තේ මධ්‍යය ද, පළාත් සභාද?
එහෙත්, මධ්‍යය ගසන පදයට නටන පළාත් සභාද, මහා ඇමතිවරුන් ද පළාත් සභාවල පිරිහීමට වගකීමක් දැරිය යුතුය. ඊට උදාහරණ ලෙස උතුරු මැද හා බස්‌නාහිර පළාත් සභා සම්මත කරගත් පළාත් ඉඩම් නීති අක්‍රියකිරීමට ස්‌වේච්චාවෙන් වූ දායකත්වය දක්‌වත හැකිය. ඔවුනතර පළාත් සභාවල ඉඩම් බලතල රැකගැනීමට යාමෙන් තනතුරු අහිමිකරගත් මහා ඇමතිවරුන්ද සිටිය බවත් මතක්‌වේ. බල කප්පාදු ක්‍රියා මාර්ගවලට නීතිපති දෙපාර්තමේන්තුව වුවද වක්‍රව දායකවී ඇත්තේ ඔවුන් ද මධ්‍යයේ අවශ්‍යතා පිළිබඳව සංවේදී වූ නිසා යෑයි සැකකරමි.
බලය බෙදාලීමෙදී දේශපාලන බලධාරීන් මෙන්ම රාජ්‍ය සේවකයින්ද ප්‍රතිචාර සකස්‌කරගෙන ඇත. හොඳම උදාහරණය වන්නේ ඉඩම් බලතල පැවරීමට මධ්‍යය දරන ලද ස්‌ථාවරයන් හා රාජ්‍ය සේවක ප්‍රතිචාරයන්ය. ඉඩම් බලතල බෙදාදීමට ගාමිණී දිසානායක ඇමතිතුමන්ගේ මගපෙන්වීම මත ඉඩම් ලේකම්වූ ඒ. ඒ. විඡේතුංග මැතිතුමන් දුන් සාධනීය චක්‍රලේඛ උපදෙස් ඒ පිළිබඳව දේශපාලන හා රාජ්‍යය. සේවක ධනාත්මක කැපවීම පෙන්වූහ.
අන් කිසිම විෂයක් සඳහා ජාතික ප්‍රතිපත්ති සකස්‌කිරීමට යාන්ත්‍රණයක් ව්‍යවස්‌ථාවෙන් නොපැවරේ. රජයේ ඉඩම් සඳහා එය 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ දෙවන පරිශිෂ්ටයෙන් මධ්‍යයට අනීවාර්ය කෙරේ. ඉඩම් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමට ජාතික ඉඩම් කොමිසම බලගන්වයි. ඒ සඳහා නීති කෙටුම්පත දිගුකාලයක් මුලුගැන්වී පාර්ලිමේන්තුවෙන් විසිවුණේ එජාපයේ දේශපාලන කැපවීම මදවූ හෙයිනි. විකල්පව ඉඩම් ජාතික ප්‍රතිපත්ති හිදැස් පිරවීමට හැම රජයකම නිලධාරීහු ක්‍රියාකළහ. ඔවුහු ව්‍යවස්‌ථාවට ගරුසරුවක් නොදක්‌වා රජයේ ඉඩම් ප්‍රතිපත්ති සාධනය ජනාධිපති ලේකම්, ඉඩම් ලේකම්, ස්‌වදේශ ලේකම්, ඉඩම් කොමසාරිස් ජෙනරාල් ආදීන් වෙත ස්‌වකැමැත්තෙන්ම පවරා ගත්හ.
ජනාධිපතිතුමා පටන් දේශපාලන අධිකාරීන්ද, එතුමාගේ ලේකම් ප්‍රමුඛ රාජ්‍ය සේවයම ජනරජ ව්‍යවස්‌ථාවේ හතරවැනි උපලේඛනය පරිදි ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කොට අනුගමනය කරන බවටද ප්‍රතිඥා / දිව්රුම් දී ඇතත්, මෙහිදී එම දිවුරුම් අමුඅමුවේම විනාශකර ඇත. රාජ්‍ය සේවයේ උච්චතමයාවන වීරතුංගයන් ඔහුගේ පූර්වගාමිකයෙකු අනුව යමින්, පූර්වගාමිකයා 19/10/1990 අංක ඡඡ්/2/30/35 (1) දරන චක්‍රලේඛය නිකුත් කළ අන්දමටම, 3/2/2010 දාතමින් අංක SඡරැRD/02/10 චක්‍ර/ලේඛය නිකුත් කිරීමෙන් පළාත් සභා ව්‍යවස්‌ථාමය ලෙස දුබලකර ඇත. පළාත් සභා සුදුඅලියන් කිරීමේ පාපකර්මයට ඔවුන් Rජුවම හෝ වක්‍රව හෝ දායකවී ඇති යයි කිවහොත් වරද කීම?
මුදල් පරිහරණය තීරනාවලියෙදී ඇති නිදහස හා අවකාශය පිළිබඳවද ඇත්තේ සමරූපී ස්‌වභාවයකි. මුදල් කොමිසමේ පළාත් සභා මුදල් අවශ්‍යතා පිළිබඳව ආකල්පය වී ඇත්තේ ද පරිපාලන වියදම් සැපයීම මගින් පළාත් සභා තෘප්තිමත් කිරීමකි. පළාත්සභා දේශපාලන අධිකාරිත්වය රාජ්‍යපාක්‌ෂිකව සිටිනවිට පරිපාලන හිංසනයන්ට එරෙහිව නීතිමය පිළිසරණ සෙවීමට උසාවිගතවීමක් නොසිදුවේ. පසුගිය වර්ෂයක පිරිවැටුම් බද්ද මධ්‍යය විසින් 'උදුරාගත්' අවස්‌ථාවේදී පළාත් සභා නිහඬවීම ඊට හොඳ උදාහරණයකි. යමෙකු විරුද්ධ වූයේ නම් මධ්‍යය ගෙල සිඳෙනු නියතය. දෙඅත් බැඳී පළාත් සභා පිහිනන්ට අසමත් වූ විට බලාසිටින සද්දන්ත සුදුඅලි අනේ අපොයි කියමින් ශෝකාලාප නගති·
පිරිස් බලය පිළිබඳ මම දිගට කරුණු නොදක්‌වමි. නැගෙනහිර පළාත් සභාවේ චන්ද්‍රකාන්තන් මහ ඇමැතිතුමා කීවේ බිම අතුගාන්නකුවත් සේවයට ගැනීමට තමන්ට ඉඩක් නැති බවය. මෙවන් දුබලයන්ගෙන් උතුරේ ස්‌වෛරීත්වයට බාධා පැමිණෙතැයි දැන් චන්ඩි අපි මරබියෙන් සලිතවී වෙව්ලමු· පළාත් සභාවේ සියලුම ඉංජිනේරු, ගණකාධිකාරී, පරිපාලන, වෛද්‍ය ආදී ශ්‍රේණීන් මධ්‍ය ගත පාලනයකට භාජනය වෙති. පිරිස් පාලනය පිළිබඳව පළාත් සභා භාණ්‌ඩාගාරයේත්, ආණ්‌ඩුකාරයාගේත්, සේවක සංඛ්‍යා කොමිසමේත්, මුදල් කොමිසමේත් අනුමැතීන් ලැබිය යුතුය. මේවායින් අක්‍රිය තත්ත්වය රජ කරවයි.
සද්දන්ත සුදුඅලි කොළඹ මහපුටුවල මහා භාණ්‌ඩාගාරයේ, දේශපාලන අධිකාරීන් හමුවේ ආදීවඡ්රාශිගතව සිටිති. ඔවුහු පළාත් සභා ගෙලෙන් පහතට තදකරගෙන සිටිති. මේ සද්දන්තයෝ, සුදුඅලින් යයි පවසා පළාත්සභාවලට උසුළු විසුළු කර රිදවති. නීතිමය, මූල්‍යමය, පිරිස්‌පාලනමය ආදී පද්ධතීන් උසුළු විසුළු වලට යොදාගන්නා 'ආයුධය'. එමගින් අවසාන අපේක්‌ෂාවනුයේ 'පළාත්සභා සුදුඅලින් හිඳගස්‌වා' මධ්‍යය රුචි දේශපාලන මාවතකට යොමුකර ගැනීමය. මේ දිනවල පාර්ලිමේන්තුව මගින් පළාත් සභා ලැයිස්‌තුවට අදාළ විෂයන් සඳහා නීති සාදනවිට පළාත් සභා බහුතරයක රුචිය පරිදි හැම පළාත් සභාවකට බලපානසේ ව්‍යවස්‌ථාව වෙනස් කර ගැනීමට උත්සාහ කිරීම බලය බෙදාගැනීමටද, බදාගැනීමටද? එයට වාර්ගීය දේශපාලන අරුත්දීම අරුමයක්‌ද? මා නම් සිතන්නේ කොළඹ සිටින මේ සද්දන්ත සුදුඅලි, පළාත් සභා සුදුඅලින් කිරීමේ අභ්‍යාසයේ ප්‍රමුඛයින්ය.
පිළියම් සෙවීම
ඇත්තටම පළාත් සභා සුදු අලියෙකු නොවීමට නම් මධ්‍යය බලය බෙදීම සාක්‌ෂාත් කරගැනීමට අවශ්‍ය දුබලතා හඳුනාගෙන, පිළියම් යෙදීම උචිතය. එමගින් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබුණසේ ජනතාවට ලබාදිය හැකි උපරිමය දීමට හැකිවනු ඇත. එවිට සංවර්ධන පරිපාලන අවශ්‍යතාවයකට ඔබ්බෙන් දේශපාලනික අවශ්‍යතාවයන්ද ඉටුවෙතැයි සිතිය හැකිය. 'තමා වරදස නොදිස්‌නේ, මෙරමා දොස්‌ම දිස්‌නේ' යන පැරණි කියමන මතම පිහිටා 'පළාත් සභා සුදු අලින්' යයි අවලාද නොනගා, කොළඹ සුදුඅලි සද්දන්තයන් බලය බෙදාගැනීම සවිමත් කිරීමේ කාරකයන් බවට පරිවර්තනය කර ගැනීමට වීරතුංගයන් සමත් වුවොත් සතුටකි. එම ක්‍රියාමාර්ගය රට මුහුණපා ඇති දේශපාලනාත්මක ව්‍යසනයෙන් ගලවා ගැනීමටද ඉවහල්වනු ඇත.
වීරතුංග ලේකම්තුමන් සුභාෂිතයේ එන 'කළල ගිලුණු මතවරනිදු ගොඩ ගණිත.....' පරිදි යමින්, 'පළාත්සභා, මඩෙහි එරුණු සුදුඅලින්' බවට පත්ව ඇත්නම්, ඔවුන් ගොඩගැනීමේ ක්‍රියාදාමයේදී, 'මෙරමා දොස්‌ම දිස්‌නේ' තත්ත්වයෙන් මිදී, කොළඹ සද්දන්ත සුදු අලියකු නොවේ නම් තුටුපහටු විය හැකිය. ඔහුට මෙය නොහැකියයි නොසිතමි. ඔහු සාර්ථක වුවහොත් වපරයකින් තොරව 13 ව්‍යවස්‌ථා සංශෝධනය දෙස බැලීමේ සතුටද ඔහු අත්දකිනු ඇත. ඊට සුබපැතුම්·
ඔස්‌ටින් ප්‍රනාන්දු - හිටපු ආරක්‍ෂක ලේකම්
http://www.divaina.com/2013/06/28/feature02.html

0 comments:
Post a Comment