Pages

Thursday, July 25, 2013

ජාතික සංඝ සම්මේලනයට බුද්ධගයා අධිෂ්ඨාන පූජාවට යන්න ඉන්දීය වීසා නොදේ

ජාතික සංඝ සම්මේලනය හා සමස්ත ඉන්දීය භික්‍ෂු සංවිධානය එක්ව ඉකුත් 21 වැනිදා බුද්ධගයාව ඉදිරිපිට පැවැත් වූ සාම අධිෂ්ඨාන භාවනාවට සහභාගී වීම සඳහා යාමට සංඝ සම්මේලනයේ භික්‍ෂූන් වහන්සේලාට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් වීසා බලපත‍්‍ර ලබා නොදුන් බව එම සම්මේලනය පවසයි.

අයදුම්කර දින තුනක් ඇතුළත වීසා බලපත‍්‍ර නිකුත් කෙරෙන නමුත් තමන්ට සතියකට වැඩි කාලයක් ගතවන තුරුත් ඒවා ලබා නොදුන් බව ජාතික සංඝ සම්මේලනයේ  ලේකම් පාහියන්ගල ආනන්ද හිමියන් බෞද්ධ මහා සම්මේලන ශාලාවේ  පැවැති මාධ්‍ය හමුවක දී පැවැසූහ.

ඒ හේතුවෙන් ඉකුත් 21 වැනිදා ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට පැවැති එම සාම අධිෂ්ඨාන භාවනාවට සහභාගිවීමට එහි සංවිධායකයින් ද වූ ජාතික සංඝ සම්මේලනයේ භික්‍ෂූන් වහන්සේලාට නොහැකි වූ බව උන්වහන්සේ කීහ.

මෙසේ වීසා ලබා නොදීමට හේතු විමසා සංඝ සම්මේලනය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට ලිපියක් ද යොමු කර ඇති අතර එයටද තවමත් ප‍්‍රතිචාරයක් ලැබී නැතැයි ආනන්ද සාගර හිමියෝ සඳහන් කළහ.

July 25, 2013 at 4:20 pm | lanka C news

සබැඳි ලිපි
[
බුද්ධගයා ප්‍රහාරයට තව 6 දෙනකු සොයයිhttp://denethharinna.blogspot.com/2013/07/6.htmlබුද්ධගයාව බේරාගනිව්http://denethharinna.blogspot.com/2013/07/blog-post_7342.htmlඉන්දීය බෞද්ධයෝ සත්‍යග්‍රහයකhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_2158.htmlබුද්ධගයා ප්‍රහාරයට ඉන්දීය මුජහිඩීන් ක්‍රියාකාරිකයා දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9.htmlමහාබෝධි බෝම්බ ප්‍රහාරයට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක්‌ සම්බන්ධයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3798.html
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.html
'ශ්‍රී ලාංකික භික්‌ෂූන්ට හානියක්‌ නෑ' - දොඩම්ගොඩ රේවත හිමිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7180.htmlඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: