Pages

Monday, July 15, 2013

බුද්ධගයා ප්‍රහාරයට විරෝධය


වැලිමඩ හා ඌව පරණගම ශාසනාරක්‍ෂක බල මණ්‌ඩල එකමුතුව විසින් බුද්ධගයා ප්‍රහාරයට එරෙහිව දියත් කළ ප්‍රදේශයේ මහා සංඝයා වහන්සේලාගේ හා දහම් පාසල් සිසු දරු දැරියන්ගේ විරෝධතා පා ගමන (14 දින) ඊයේ ඌව පරණගම දෙලුන්ගහවත්ත ක්‍රීඩාංගණයේ සිට වැලිමඩ නගරය දක්‌වා පැවැත්විණි.

එයට සමගාමීව නුගතලාව දිවුරුම්වෙල රජමහා විහාරස්‌ථානයේ සිට මහා සංඝයා වහන්සේලා හා දහම් පාසල් දරු දැරියන්ගේ විරෝධතා පාගමනක්‌ සංවිධානය කර තිබූ අතර එයද වැලිමඩ නගරයේදී පැවැත්විය.

ඌව පරණගම ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී බුත්තල බුද්ධානන්ද හිමියන් කොටවෙරකාශ්‍යප හිමියන් හා විදුරුපොල පුන්‍යරක්‌ත හිමියන් විසින් සංවිධානය කළ මෙම විරෝධතා පා ගමන දිවුරුම්වෙල විහාරාධිපති උණපනේ චන්ද්‍රවිමල නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සේයාරූවලින් දැක්‌වෙනුයේ එහි අවස්‌ථා කීපයකි. මේ සඳහා සිසු දරුවන් තුන්දහසකට ආසන්න පිරිසක්‌ එක්‌වූහ.
(වැලිමඩ - අර්නි දඹදෙණිය)



බුදුන් උපන් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල වී තිබීමෙන් බෞද්ධයින්ගේ ජීවිත අනතුරට පත්ව ඇතැයි හඬනගමින් බළපිටිය විහාරාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (14) බළපිටිය බස්‌ නැවතුම්පොළ ඉදිරිපිට පැයක පමණ වේලාවක්‌ සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ පැවැත්වූහ. මෙවන් අනතුරු බුදු සසුනට ඉදිරියේදීත් සිදුවීම වළක්‌වා ගැනීමට පැවිදි සඟරුවන මෙන්ම බෞද්ධ නායකයින්ද කටයුතු කළ යුතුව ඇතැයි එහිදී උද්ඝෝෂණයේ යෙදී සිටි ගිහි පැවිදි පිරිස්‌ හඬ නැගූහ. මෙම විරෝධතාවය පෙරවරු 10.30 ට පමණ ආරම්භ වී පැයක පමණ වේලාවක්‌ පැවැත්වුණි. බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. දයාසේන, එ. ජා. ප. ප්‍රා. ස. මන්ත්‍රී අජිත් අසේල ද සොයිසා බළපිටිය ප්‍රා. සභාවේ එ. ජ. නි. ස. මන්ත්‍රීවරුන් වන සමන්ද සිල්වා, සිරිල්ද සිල්වා යන මහත්වරුන්ද එයට සහයෝගය පළකරමින් සහභාගි වූ අතර බළපිටිය විහාරාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් අහුන්ගල්ල පුරාණ ක්‍ෂෙත්‍රාරාමාධිපති ආ¹පොල මංගල, බළපිටිය ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ ලේඛකාධිකාරි (උතුර) කැටපලේ සමිත, වතුගෙදර, මහා විහාරාධිපති කුඩාගල අභයරත්න කොස්‌ගොඩ සිරි පවරබෝධි රාජාරාමාධිපති පොල්අතුකන්දේ දේවින්ද, බළපිටිය සුමනාරාමාධිපති කහවේ විමලජෝති යන හිමිවරුන්ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ. 
(අහුන්ගල්ලේ - කමල් ශ්‍රී ලියනගේ)

http://www.divaina.com/2013/07/15/news15.html

0 comments: