ශ්‍රී ලාංකිකයන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා නිර්දේශ ලබා ගැනීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (11 දා) සිට මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙම කාරක සභාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට කැමැති පුද්ගලයන් සංවිධාන, දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධානවලට අද සිට අගෝස්තු 9 වැනිදා දක්වා තම අදහස් ඉදිරිපත් කළ හැකිය.
මෙම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පෙරේදා (9 දා) පළමුවරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෝ දහනව දෙනා පමණක් සහභාගි වූහ. විපක්ෂයේ නියෝජිතයකු මේ සඳහා සහභාගී වූයේ නැත.
ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් මෙම විශේෂ කාරක සභාව පත්කරන ලදී.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 26 වැනිදා පස්වරු 2.30 ට යළි රැස්වේ.
කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/07/11/news10.html

0 comments:
Post a Comment