Pages

Wednesday, February 27, 2013

ගෝනි ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක්

ඉස්ලාම් ආගමික කාන්තාවන් විසින් මුල සිරුරම අවරණය වන පරිදි අඳින පර්දා ඇඳුම ආගමිත ත‍්‍රස්තවාදයක් නිරූපනය කරන්නක් බව කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඉස්ලමීය රටවල් වන පාකිස්තානයේ, ඉරානයේ පවා මෙම ඇඳුම භාවිතය සිදු කරන්නේ නැති බවයි. පාකිස්තානයේ හිටපු අගමැතිනිය හෝ බංග්ලාදේශයේ අගමැතිනිය මෙන්ම පාකිස්තානයේ විදේශ ඇමතිනියද මෙම ගෝනි ඇඳුම භාවි කරන්නේ නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා මෙරට එය භාවිතා කරමින් ඇත්තේ කිසියම් අන්තවාදීන් පිරිසකගේ උවමනාවට බවද කියා සිටී.

හලාල් ප‍්‍රශ්ණය සම්බන්ධයෙන්ද අදහස් පල කරන ඔහු ශුද්ධ වූ කුරාණය කිසියම් කණ්ඩායමක් විසින් වැරදි ලෙස සිය ව්‍යාපාරික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා භාවිතා කරමින් සිටින්නේ යයිද පවසයි. හලාල් යනු ආදි කාලයේ සිටම පැවත එම මුස්ලිම් ජීවන ක‍්‍රමයක් මිස කිසියම් කණ්ඩායමක ව්‍යාපාරයක් සඳහා ගතයුත්තක් නොවන බවද ඔහු අවධාරණය කරයි.

ගෝනි ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක්, හලාල් ජීවන ක‍්‍රමයක් – මොහොමඞ් මුසම්මිල්
February 27, 2013 at 10:13 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91078/

0 comments: