Pages

Friday, February 22, 2013

ඉරාන ‘සංහිඳියාව’ සඟරාව ලංකාවේ තහනම් කරනු – බොදු බල සේනා

ඉරානයේ සංස්කෘතියට බුද්ධ ප‍්‍රතිමා හානියක් නම් මෙරට ඉරාන තානාපති කාර්යාලයෙන් පාසල්වලට බෙදා හරිනු ලබන ‘සංහිඳියාව’ නම් මුස්ලිම් ආගම ප‍්‍රචාරය කරන මාසික සඟරාව වහා ම නතර කරන ලෙස දේශපාලනඥයන්ට බලකර සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

තුම්මුල්ල බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවක දී ඒ හිමියන් එම බලකිරීම කළේය.

මෙරට කිසිදු බෞද්ධයෙක් හෝ ස්වාමීන්වහන්සේ නමක් ලෝකේ කිසිම තැනක බෞද්ධාගම ප‍්‍රචාරය කිරීමට උත්සාහයක් ගෙන නොමැති බව විතර්කයෙන් පිළිගත හැකි කරුණක් බවත්, ඉරාන ජාතිකයන් මෙරටට පැමිණි පසු සිහිවටන ලෙස බුද්ධ ප‍්‍රතිමා ගෙන ගිය ද මෙරටින් බලෙන් ඉරානයට බුද්ධ ප‍්‍රතිමා නො දුන බව ඥානසාර හිමියෝ එහිදී පැවැසූහ.

මෙරට පාලකයන් මුස්ලිම්වරුන්ට මක්කම වන්දනා කිරීමට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ ද බෞද්ධයන්ට සිරිපාද වන්දනාවට, දඹදිව යෑමට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නො කිරීම ද මෙරට බෞද්ධයන් සානුකම්පිතව ඉවසුව ද, මක්කම ගොස් නැවත පැමිණෙන මුස්ලිම්වරු අන්තවාදී මූලධර්මවාදය මඟින් මෙරට ජාතීන්ට කෙරෙන අකටයුතුකම් ඉවසීමට සූදානම් නොමැති බව ඒ හිමියෝ කීහ.

වෙනත් ආගම් ප‍්‍රචාරය කිරීමට ලොව ඇති හොඳ ම රට ලංකාව බවත්, මෙරටේ ආගම් ප‍්‍රචාරයට, බඳවා ගන්නා සමහර වේලාවට මහා ජාතියේ ඉවසීම ඉක්මවා යන තැනට පවා කටයුතු කළ ද මෙරට පාලකයන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් නො ගැනීම කනගාටුවට කරුණක් බව ඥානසාර හිමියෝ පැවැසූහ.

February 21, 2013 at 11:52 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/90765/


[
සබැඳි ලිපි -
සිංහල රාවය ජාතික සංවිධානය ඉරාන තානාපති කාර්යාලයට භාරදුන් සංදේශය!
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1840.html
බුදු පිලිම තහනමට එරෙහිව කොළඹ ඉරාන තානාපති කාර්යාලය වටලති
http://denethharinna.blogspot.com/2013/02/blog-post_6878.html
ඉරානයෙන් හෝ ඉගෙනගෙන සංස්කෘතිය රකින්න
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3250.html
]

0 comments: