Pages

Saturday, February 2, 2013

නීති ප්‍රවේශයට පෙනීසිටි සිහළ මාධ්‍ය සිසුන්ට බලධාරීන්ගෙන් ලැබුණු කැකිල්ලේ නඩු තීණ්ඩුව

  • වැරදි සහිත ප්‍රශ්න 14 නිසා දමිළ, ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ට 100න් ලකුණු ලැබෙන විට සිහළ මාධ්‍ය සිසුන්ට ලකුණු 86න්...
  • දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට සියළු සාක්ෂි තිබියදී විභාගය අවලංගු නොකර පිවිසුම් ලකුණ අවම කිරීමෙන් යළිත් වාසිවන්නේ පිටවූ දමිළ මාධ්‍ය පත්‍රය ලියවූවන්ට...
  • එකම සර්ව සාධාරණ විසඳුම - විභාගය යළි පවත්වනු!
නීති විභාග ලකුණු අඩු කිරීමෙන් සිංහල සිසුන්ට තවදුරටත් අසාධාරණයක් සිදු උනා

සිංහල  මාධ්‍ය සිසුන් තවදුරටත් අසාධාරණයට ලක් කරමින් දෙමළ හා මුස්ලිම් සිසුන්ට යලිත් ‘බෝනස්’ ලබා දෙමින් නීති විද්‍යාල ප‍්‍රවේශයේ ලකුණු සීමාව 69 සිට 66 දක්වා අඩු කර ඇතැයි නීති ප‍්‍රවේශ ශිෂ්‍ය එකමුතුව පවසයි.

අසාධාරණයට ලක්වූ සිංහල මාධ්‍ය සිසුන්ට සාධාරණයක් ඉෂ්ඨ වන්නට නම් ලකුණු මට්ටම අඩු කළ යුත්තේ සිංහල මාධ්‍ය සිසුන්ගේ පමණකැයි ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නීති ප‍්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රම්සි බාචා මහතා සදහන් කළේය.

සිංහල මාධ්‍ය ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න අටක බරපතල වරදි තිබුණේ යැයි කී බාචා මහතා ලකුණු 3 අඩු කළේ එම වැරදි නිසාද වෙනත් නිර්නායක නිසාද යන්න වහා හෙළි කිරීමට නීති පාලක  සභාව පියවර ගත යුතු  යැයි ද පැවසීය.

මාධ්‍ය හමුව ඇමතූ රම්සි බාචා  මහතා තවදුරටත් මෙසේද ප‍්‍රකාශ කළේය.

‘ප‍්‍රතිඵල ලේඛනය අනුව  වංචාවක් සිදුවී ඇති බව අපි පෙන්වා දුන්නා. රහස් පොලීසිය  කළ පරීක්ෂණය අනුව දැනුවත් කළ යුතු අය දැනුනවත් කළා.

ප‍්‍රශ්ණ 8 ක වැරදි තියනවා. සිංහල මාධ්‍ය සිසුන් පිළිතුරු ලියා තිබෙන්නේ ලකුණු 86 ක් වෙනුවෙන්. ලකුණු දීම කරපු ක‍්‍රමයත් වැරදියි. සිංහල සිසුන්ට පටන් ගනිද්දිම ලකුණු 14 ක් අහිමි වෙලා. සිංහල මාධ්‍ය සිසුන්ට ලකුණු අඩු කරන්න කුමන්ත‍්‍රණයක්  වුණාද බලන්න  ඕනේ

කඩඉම්  ලකුණු 69 සිට 66   දක්වා අඩු  කලේ කවර තර්කයක් මත පදනම් වෙලාද කියලාත් අපිට ප‍්‍රශ්ණයක් තියනවා.

ප‍්‍රශ්ණයට පිළිතුර මේක  නෙමෙයි. මේ ලකුණු 3 සහනය සිංහල පමණක් නොවෙයි දෙමළ ඉංග‍්‍රීසි මාධ්‍ය වලටත් ලැබෙනවා. නමුත් අසාධාරණය  වුනේ සිංහල සිසුන්ට පමණයි. දැනට 242 ක් වැඩිපුර ගන්න යන්නේ වැරදි විදියට. දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය සිසුන්ට ආපසු බෝනස් එකක් ලැබිලා තියනවා.

අපේ ප‍්‍රශ්ණය සවිඥණිකව දුටු සියලූ දෙනාට විශේෂයෙන් නව අගවිනිසුරු තුමාට, ජාතික විද්වති  සභාවට, ජාතික හෙළ උරුමය, සිංහල රාවය වැනි සංවිධාන වලටත් අප වෙනුවෙන් නැගී සිටි සියලූ ශ‍්‍රී ලංකාවාසීන්ටත් අපේ ස්තූතිය පුද  කරනවා. මන්ද අප ගෙන ගිය සටන එක්තරා මට්ටමකර දිනුවා.

නමුත් අපේ සටන මෙතනින් නවතින්නේ නෑ. ප‍්‍රශ්ණ පත‍්‍ර නැවත ඇගයීමක් කළ යුතුයි. පිලිතුරු පත‍්‍ර යලි සකසා වැරදි ප‍්‍රශ්ණ අයින් කළ යුතුයි. සිංහල මාධ්‍ය සිසුන්ට අසාධාරණයක් වූ විට භාෂාව මත දෙමළ හා ඉංග‍්‍රීසි සිසුන්ට වාසියක් වෙලා තිබෙනවා. මේක මූලික අයිතිවාසිකම් කැඞීමක්.’

February 2, 2013 at 1:26 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/89686/

[
සැබැඳි ලිපි -
ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_7470.html
නීති විද්‍යාලයේ සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ දෝෂ නිසා සිසුන්ට ලකුණු 14 ක්‌ අහිමියි
http://denethharinna.blogspot.com/2013/01/14.html
නීති ප්‍රවේශ දමිළ මාධ්‍ය ප්‍රශ්ණ පත්‍රය වැල්ලවත්තේ උපකාරක පන්තියකදී පිටවෙලා...
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8.html
කරෙන් දැනුණ නීති හොරකම ගැන බරක්‌ නොගන්න රටක්‌!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4196.html
නීති විභාගය ‘හලාල්’ කරලා. සාක්ෂි අපි සතුයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6.html
නීති විභාගයටත්, හලාල් මුදල් ගනුදෙනුවටත් මම සම්බන්ධ නෑ!!! - හකීම්
http://denethharinna.blogspot.com/2013/01/blog-post_3.html
හකීම්ගේ අන්තවාදයේ නිරුවත... නීති විදුහලේ කතාවේ දෙවන කොටස... සාමදාන විනිසුරුවන්ගේ පත්වීම්...!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8807.html
නීති විභාගයත් හලාල් ක්‍රමයට!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_29.html
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html
]

0 comments: