Pages

Thursday, February 14, 2013

ඉල්ලාමීය අන්තවාදීන් වාර්ගික ශුද්ධය සඳහා තායිලන්ත බෞද්ධ ඝාතන රැල්ලක්

ඉල්ලාමීය අන්තවාදීන් තායිලන්තයේ පාසල් ගුරුවරුන් හා බෞද්ධ භික්ෂූන් ඝාතනය කරමින් සම්ප‍්‍රදායික බෞද්ධයන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය හා කුරිරු බව පැතිරවීමෙන් ඔවුන් බිය වද්දමින් සිටිති. තායිලන්ත රජය ආගමික හා වාර්ගික ලෙස පක්ෂපාතී බවට චෝදනා කරමින් එලිපිටම මුස්ලිම් බෙදුම්වාදීන් නැගී එමින් සිටිති.

පට්ටානි නගරයේ පන්සලකට 2005 වසරේ එල්ල වූ ප‍්‍රහාරය බෞද්ධ මුස්ලිම් භේදය වැඩි කිරීමේ උත්සාහයක් ලෙස සැලකෙයි. දශක ගණනක් තිස්සේ දකුණු තායිලන්තයේ බෙදුම්වාදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පැවතුණද 2004 සිට එය වර්ධනය විය. ඉස්ලාමීය කැරලි නිසා 2004 සිට ජීවිත 4300 ක් පමණ නැතිවී තිබේ. බෞද්ධ භික්ෂූන් ලමයින් හා සිවිල් වැසියන් ඝාතනය කරමින් සිදුවුණ ප‍්‍රහාර නිසා 2007 සැප්තැම්බර් වන විට 2597 ක් වූ මරණ සංඛ්‍යාව 2008 මාර්තු වන විට 3000 කට වඩා වැඩි විය. 2011 ජනවාරියේදී ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් බෞද්ධයන් 9 දෙනෙක් මරා දැමූහ.

මේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වලින් ගැලවීමට දකුණු තායිලන්ත වැසියන් බොහෝ දෙනෙක් සිය නිවෙස් වලින් පලා ගොස් ඇත. සුන්නි ඉස්ලාම්වාදීන් අන් මත වලට හිංසා කරන ඇෆ්ගනිස්ථානය හා සෝමාලියාවේ වැනි තත්වයකට දකුණු තායිලන්තයද පත්ව ඇත. බෞද්ධයන් පමණක් නොව මධ්‍යස්ථ මතධාරී මුස්ලිම්වරුද මේ ප‍්‍රහාර වලට ලක්වෙති. බැංකොක් හි චුලාලොංකෝන් විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිලිබඳ මහාචාර්ය තිටිනන් පොන්සුදිරාක් කියන්නේ මේ ඝාතන සිදු කරන ආකාරයෙන් වෛරය හා සතුරු බව පෙන්නුම් කරන බවත් මෙවැනි දේ මගින් ශාරියා නීතිය ස්ථාපිත කිරීමට හා ඉස්ලාමීය අනන්‍යතාව රැක ගැනීමට හැකියයි අන්තවාදීන් විශ්වාස කරන බවත්ය.

තායිවානයේ අන්තවාදී ඉස්ලාමීය විප්ලව වලට විදේශ රටවල ඉස්ලාම්වාදී ආයතන වලින් ආධාර ලැබෙන බවට සාක්ෂි ඇත. මැදපෙරදිග අන්තවාදී රටවල අධ්‍යපනය ලත් තරුණ පිරිස්වල මනස අන් ආගම් වලට විරුද්ධව විකෘති කරනු ලැබේ. ශාරියා නීතිය යටතේ අන් ජනකොට්ඨාශ සමඟ සම්මිශ‍්‍රණය වීම බොහෝ විට තහනම් කෙරෙයි.

February 14, 2013 at 11:31 am | lanka C news
වාර්ගික ශුද්ධය සඳහා තායිලන්ත ඝාතන රැල්ලක්
http://lankacnews.com/sinhala/foreign-news/90391/

1 comments:

Anonymous said...

4% ඉන්න හම්බයන්ට ඔච්චර බය වෙන්නෙ? තූ විතරක් මුන්ව එලවලා දාන්නෙ නැතුව මුහුදට තායිලන්තෙ මොනවා කරනවද මන්ද?