Pages

Wednesday, February 13, 2013

සුද්දන් හැදූ විහාර දේවාලගම් පනතෙන් පහර වදින්නේ බෞද්ධයන්ටයි

- ගලබොඩඅත්තේ ඤdණසාර හිමි

සුද්දන් හැදූ විහාර දේවාලගම් පනතට මුවාවෙලා පූජනීය ස්‌ථාන සතු ඉඩකඩම් අ න්‍ය ජාතිකයන්ට හා අන්‍යාගමිකයන්ට ලබාදීම වැළැක්‌වීමටත් එම ඉඩකඩම්වලින් බෞද්ධ ජනතාවට පිහිටවන ආකාරයට 1931 විහාර දේවාලගම් පනත සංශෝධනය වියයුතු යෑයි බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ C¹ණසාර නායක ස්‌වාමින්වහන්සේ මහනුවරදී සෙනසුරාදා (9 දා) පැවසූහ.

මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී මහනුවර ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු රැස්‌වීමකදී උන්වහන්සේ එසේ පැවසූහ.

මහනුවර ප්‍රදේශයේ සිංහල බෞද්ධයන් නොවන ජනකොටස්‌ වෙළෙඳ ව්‍යාපාර හා ආගමික ස්‌ථාන ගොඩනගා ගෙන සිටින්නේ බොහෝ ලෙසම බෞද්ධ සිද්ධස්‌ථාන හා දේවාලවලට අයත් ඉඩකඩම්වල යෑයි ද පූජ්‍ය ගලබොඩඅත්තේ ඤdණසාර හිමිපාණෝ පැවසූහ.

ස්‌වකීය ජාතිය හා ආගම පිළිබඳව හැඟීමක්‌ ඇති අභිමානවත් ප්‍රභූන් බෞද්ධ සිද්ධස්‌ථානවල පාලකයන් ලෙස පත්විය යුතුයෑයි ද උන්වහන්සේ පැවසූහ.

තවදුරටත් කරුණු දැක්‌වූ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය C¹ණසාර හිමිපාණෝ මෙසේද පැවසූහ.

සියලු ජන කොටස්‌ එකමුතුව ජීවත්වන එලෙසම සහජීවනයෙන් කටයුතු කරන මහනුවර සහජීවනයේ ආදර්ශයක්‌. මේ රටේ සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාවගෙන් සිංහල බෞද්ධ ජනතාවට හිරිහැරයක්‌ සිදුනොවන බව කිව යුතුයි. වර්තමානයේ ඇතැම් මුස්‌ලිම් සංවිධාන මගින් ගෙනයන වැඩපිළිවෙළට සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාව විරුද්ධයි. විදේශ සංවිධානවලින් මුදල් ලබා ගන්නා ඇතැම් සංවිධාන හා පුද්ගලයන් නිසා මේ රට මුස්‌ලිම් සංවිධාන සිංහල බෞද්ධ ජනතාව අභිබවා යන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා. ඇතැම් ප්‍රදේශවලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුස්‌ලිම් පල්ලි ඉදිවෙනවා. අකුරණ ප්‍රදේශයේ මුස්‌ලිම් පල්ලි 81 ක්‌ තිබෙනවා. මෙතරම් පල්ලි සංඛ්‍යාවක්‌ අවශ්‍යද?

මහනුවර ප්‍රදේශයේ ජනතාව අවදිකරන මහා සමුළුව මාර්තු 17 වැනිදා පැවැත්වෙනවා. එම සමුළුව ඓතිහාසික සංධිස්‌ථානයක්‌ බවට පත්වෙනවා. මේ මහා සමුළුව සම්බන්ධයෙන් ඇතැම් කොටස්‌ වැරදි මත ප්‍රකාශ කරනවා. එදා දළදා මාළිගාව වටලනවා කියා ප්‍රචාරයක්‌ කරනවා. නමුත් එවැනි වැටලීමක්‌ සිදුවන්නේ නැහැ. බෞද්ධයන්ගේ අභිමානය ආරක්‍ෂාවන පරිදි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම සමුළුව පැවැත්වෙනවා. බොදු බල සේනා සංවිධානය පිළිබඳව වැරදි මත අතැමුන් ප්‍රකාශයට පත් කරනවා. ජාත්‍යන්තර ඇතැම් මාධ්‍ය මගිනුත් වැරදි ප්‍රචාරයක්‌ ලබා දෙනවා. ස්‌වකීය ජාතිය පිළිබඳව කතා කිරීමට මැළිවන දේශපාලකයන්ටත් නිලධාරීන්ටත් බොදුබල සේනා සංවිධානය ශක්‌තියක්‌ ලබා දෙනවා.

ජනාධිපතිතුමා හොඳ නායකයෙක්‌. ජනාධිපතිතුමා ආරක්‍ෂා කරගත යුතුයි. නමුත් ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකියි.

ඇතැම් මැති ඇමැතිවරු කරන ප්‍රකාශ හා කටයුතු ගැන අවධානයෙන් සිටිය යුතුයි. සිංහල ජාතිය වඳවී යන ජාතියක්‌ බවට පත්වීම වළක්‌වා ගත යුතුයි. සංඝරත්නය ආරක්‍ෂා කරගත යුතුයි. අදත් රටත් ජාතියත් ආරක්‍ෂාවී තිබෙන්නේ සිවුරේ බලයෙන්.

වඳ සැත්කම් මගින් ජාතියට සිදු කරන විනාශයෙන් ආරක්‍ෂා විය යුතුයි. පසුගිය කාලසීමාවේ ලක්‍ෂ ගණනින් අපේ රටේ සිංහල කාන්තාවන් වඳ සැත්කමට ලක්‌වී තිබෙනවා.

බොදු බල සේනා සංවිධානයේ මූලික විරෝධය වඳ සැත්කම ක්‍රිස්‌තියානිකරණය සහ අන්තවාදී මුස්‌ලිම් වැඩපිළිවෙළයි. මේ රට මුස්‌ලිම් රාජ්‍යයක්‌ බවට පත් කිරීම සඳහා ගන්නා වැඩපිළිවෙළ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. බොහෝ ප්‍රදේශවල ජනතාව මුස්‌ලිම් මූලධර්මවාදීන්ට ගොදුරුවෙලා. මූලධර්මවාදීන්ට ගොදුරුවන්ට එපා කියා මහනුවර ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සාම්ප්‍රදායික මුස්‌ලිම් සහෝදරත්වය අප සමග සිටින නිසා ඔවුන් ආරක්‌ෂා කළ යුතුයි. අරාබි මතවාදයට ඉඩදිය යුතු නැහැ. මේ වනවිට මුස්‌ලිම් අන්තවාදී රාජ්‍ය නොවන සංවිධාන දහයක්‌ පමණ මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මුස්‌ලිම් මූලධර්මවාදි කණ්‌ඩායම් උත්සාහ කරනවා මුස්‌ලිම් - සිංහල ගැටුමක්‌ මේ රටේ නිර්මාණය කිරීමට. මූලධර්මවාදී කණ්‌ඩායම් මුදල් රැස්‌කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරමින් සිටිනවා. 

හලාල් වැඩපිළිවෙළ වැඩිදුර ගෙන යැමට ඉඩ නොදිය යුතුයි. හලාල් ඉවත් කරනතුරු අපේ වැඩපිළිවෙළ නවත්වන්නේ නැහැ. බොහෝ රටවල මේ වනවිට හලාල් ලාංඡනය ඉවත්කරලා. භාණ්‌ඩ මිලට ගන්නා විට හලාල් ලකුණ නැති භාණ්‌ඩ පමණක්‌ මිලට ගත යුතුයි.

බොදු බල සේනා ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද ස්‌වාමීන් වහන්සේ අදහස්‌ දක්‌වමින් සිංහල කාන්තාවන් වඳ සැත්කමට ලක්‌ කිරීමට ඉඩ නොදිය යුතු බවත් ඇතැම් වෛද්‍යවරුන් සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් සිදුකරන්නේ සාක්‌කුවට කීයක්‌ හරි වැටෙන නිසා යෑයි ද පැවසූහ.

සිංහල බෞද්ධ ජනතාව පෙරට වඩා තම ජාතිය ගැන අවධානය දැක්‌විය යුතු කාලයක්‌ එළඹ තිබේ යෑයිද උන්වහන්සේ පැවසූහ.

බොදු බල සේනා මහනුවර ප්‍රාදෙAශීය සංවිධායක පූජ්‍ය ලියන්වල ශාසනරතන ස්‌වාමීන්වහන්සේ අදහස්‌ දක්‌වමින්, දේශය ජාතිය හා ශාසනය වෙනුවෙන් ජනතාව තුළ අවබෝධයක්‌ ඇති කිරීම සඳහා බොදුබල සේනා සංවිධානය දීපව්‍යාප්තව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව එල්ල කරන චෝදනාවලට නිසි පිළිතුරු මාර්තු 17 වැනිදා මහනුවරදී පැවැත්වෙන ඓතිහාසික සමුළුවේදී ලබාදෙන බව පැවසූහ.

දැන් ජාතියට හා ශාසනයට එල්ල වී තිබෙන අභියෝග දෙස බලන විට පූජ්‍ය ගලබොඩඅත්තේ ඤdණසාර ස්‌වාමීන් වහන්සේ වැනි බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඉතාම අවශ්‍යවී තිබේ යෑයිද පූජ්‍ය ශාසනරතන හිමිපාණෝ පැවසූහ.

විශාල පිරිසක්‌ රැස්‌වීමට සහභාගි වූහ. පිරිස රැස්‌වීම් ශාලාවට ඇතුළත් කර ගැනීමේදී හැඳුනුම්පත් පරික්‌ෂාවක්‌ ද සිදුවිය.

සිරිල් විමලසුරේන්ද්‍ර | දිවයින
http://www.divaina.com/2013/02/13/news28.html

0 comments: