Pages

Monday, February 11, 2013

“ඇයි මේ කලබල ? මුස්ලිම් – සිංහල”

“ඇයි මේ කලබල ? මුස්ලිම් – සිංහල” යන මැයෙන් පෙබරවාරි 06 වන දා ප.ව. 3.00 ට ගම්පොල නගර සභා ශාලාවේදී රවීන්ද්‍ර මුදලිගේ විසින් දේශණයක් පැවැත්වන ලදි. එය සංවිධානය කර තිබුනේ සම අයිතිය ව්‍යාපාරයයි.

ගම්පොල සිංහල – මුස්ලිම් කොටවන්නට ආ කුරුටුගාමීන් නාගනී
“ඇයි මේ කලබල ? මුස්ලිම් – සිංහල” යන වදන් පෙල තුලම යම් ගැටළුවක් / කලබලයක් ඇති කිරීමේ සූදානමක් විය හැකි බැවින් ප‍්‍රදේශයේ ප‍්‍රධාන සංඝයා වහන්සේලා කිහිප නමක් මෙම වැඩසටයනට සම්බන්ධ වූහ. එහිදී රවීන්ද්‍ර මුදලිගේ විසින් ලංකා ඉතිහාසය විකෘති කරම්න් කරුණු දක්වා ඇත. අනතුරුව ඔහුගේ දේශණයට පිළිතුරු ලබාදිය යුතු බවට භික්ෂූන් වහන්සේලා ඉල්ලීමක් කල අතර ඔවුන් එයට ඉඩ නොදීම හේතුවෙන් පැමිණ සිටි ස්වාමීන් වහන්සේලා නැගී සිට ඇත.

ඉන් අනතුරුව භික්ෂූන් වහන්සේලා විසින් අතිශය සංග‍්‍රහශීලී සිංහල බෞද්ධයන්ට එරෙහිව වෛරය වපුරමින් මුස්ලිම් ජනතාව තුල සිංහල බෞද්ධ විරෝධයක් ඇති කිරීමට කටයුතු කිරීම, සිංහල මුස්ලිම් සහජීවනය බිඳීමට උත්සහ කිරීම සම්බන්ධව පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමේදී සංවිධායක වරුන් සමග උණුසුම් තත්වයක් උද්ගත විය. එම අවස්ථාවේ එහි පැමිණි පොලීසිය කරුණු අවබෝධ කරගත් විගස අදාල වැඩසටහන පවත්වාගෙන යාම වැලැක්වීමට කටයුතු කරන ලදි. යම් ලෙසකින් හෝ පොලීසිය එම අවස්ථාවට මැදිහත් නොවුනේ නම් තත්වය ඊට වඩා දරුණු වීමට ඉඩ ප‍්‍රස්ථාව තිබිණ.

1915 ඇති වූ සිංහල මරක්කල කෝලාහලයට(ප‍්‍රසිද්ධ නඩු තීන්දුවකි) සිංහලයන් වැරදි කරුවන් ලෙස බොරු වදමින් ඉතාමත් නින්දිත අයුරින් පහර ගැසූ ඔවුන් දේශණය පුරාවට සිංහලයන් රටේ සියළු ප‍්‍රශ්ණ වලට වගකිව යුතු අපරාධ කරුවන් බව පසක් කිරීමට ඉමහත් වෙහෙසක් ගත් බව පෙනේ. නොයෙක් අරගල කරමින් රට පෙරලීමට දතකෑ මොවුන්ගේ සියළු අභිලාශයන් අසාර්ථක වෙද්දී සිංහලයාට හිමි එකම රට තුල සිය ජාතියේ පැවැත්ම රැකගැනීමට අවිහිංසා වාදී උත්සයක නිරත වන සිංහලන් තැලීමට පටන් ගැනීම ඔවුන්ගේ බංකොලොත් භාවය වසා ගැනීමට හා එදා වේල සරි කර ගැනීමට කරන පිළිකුල් සහගත උත්සහයකි.

එක් පසකින් කොටි ඩයස්පොරාවේ අනුග‍්‍රහය ලබමින් කොටි සමග නැවත සන්නද්ධ අරගලයකට මුල පුරන්නට කැස කවන මොවුන් සිසාරා දැන් අරාබි සුළ`ග හමාගෙන ගොස් ඇත. වසර 30ක යුද්ධයෙන් රටට අහිමු වූ මිනිසුන් ප‍්‍රමාණය මෙන් දෙගුණයක සිංහල තරුණ තරුණියන් පිරිසකට ටයර් සෑයවල් දායාද කල මොවුන් මේ අර අදින්නේ කුමකට දැයි රාජ්‍ය බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව සියළු ජනයා අවධියෙන් කටයුතු කල යුතුව ඇත.

රට යන අතට කුඤ්ඤයක් ගසා අරගල කොට බලය අල්ලාගත හැකි යැයි ජනතාව මුලා කරන මොවුන්ට කුස ගිණි දැනෙන බව අප පිළිගනිමු. ඒ කුසගින්න නිවා ගැනීමට මව විකුණනවාට වඩා හිඟමන් යැද කුසගින්න නිවාගැනීම ඔවුන්ට මෙලොව පරලොව දියුණුව පිණිස හේතු වනු ඇත.
- සපුමල් මොණරවිල

ගම්පොල සිංහල – මුස්ලිම් කොටවන්නට ආ කුරුටුගාමීන් නාගනී
February 10, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/90119/

0 comments: