Pages

Monday, February 25, 2013

බොදු පාසල් අන්‍යාගම්කරණයට බිලිබා ගැනීමේ වෑයමක්

නොදියුණු හා වැසීයාමට ආසන්න බෞද්ධ පාසල් දියුණු කරන මුවාවෙන් අන්‍යාගම්කරණය සඳහා පවරා ගැනීමේ සූක්ෂම වැඩපිළිවෙළක් රහසිගතව ක්‍රියාත්මක වන බව දැනගන්නට ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ පවසති.

මෙසේ පවරා ගැනෙන පාසල් වැසී යාමෙන් අනතුරුව එම ඉඩම් හා ගොඩනැගිලි අදාළ සංවිධානයට පැවරෙන අතර පසුව එම ඉඩම් ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන බවට පත් කිරීම මෙහි අවසාන වැඩපිළිවෙළ යැයි ද හිමියෝ කීහ.

මොරටුව ප්‍රදේශයේ බෞද්ධ පාසලක් කතෝලික පාසලකට අනුයුක්ත කිරීමෙන් පසු එම බෞද්ධ පාස‍ලේ ගීතය පවා වෙනස් කර ඇතැයි උන් වහන්සේ පෙන්වා දෙති.

මේ ගැන පරම විඥානාර්ථ සමාගමේ සභාපති එස්.පී.වීරසේකර මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතත් මේ වන තෙක් ඊට විසඳුමක් ලැබි නැතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

එසේම වැල්ලවත්ත ප්‍රදේශයේ පැරණි බෞද්ධ පාසලක් සුප්‍රසිද්ධ කතෝලික පාසලකට අනුයුක්ත කර ඇත. මේ සම්බන්ධයෙන්ද විවිධ පාර්ශ්ව දැනුම්වත් කර ඇතත් එයද නිවැරදි කර නැත.

මින් පෙනී යන්නේ බෞද්ධ පාසල් වැසී යාමේ තර්ජනයෙන් මුදා ගැනීමට යැයි කියමින් සූක්ෂම ලෙස එම පාසල් අන්‍යාගම් කරණයට ලක් කිරීම යැයි හැෑගොඩ විපස්සි හිමියෝ පවසති.

රහසිගතව ක්‍රියාත්මක වන මෙවැනි තත්ත්වයන්ගෙන් බෞද්ධ පාසල් ආරක්ෂා කර ගත යුතුව ඇතැයිද උන්වහන්සේ වැඩිදුරටත් කීය.

- Lakbima

February 25, 2013 at 8:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90977/

1 comments:

Patta Pal said...

Pasal vasee yama gana awadanaman enna. Ana avurudhu 10 pasal 2000 vasee yanawa, lamai nathi nisa!

Monawada akata karanna? Kalata yana akada, vikunana ekada? Rajaya pasalata ayawaya hingaya nisa ma salli adyapanayata yodaviya uthui.

Ma prashnaya gana salakili math wanna.