Pages

Friday, February 1, 2013

ඇමරිකාවට හා යුරෝපයට දරුණු ප‍්‍රහාරයක් එල්ල කරනවා – අල්කයිඩා

ජිහිඞ්වාදී වෙබ් අඩවියක ඉරිදා පලවී තිබුණේ ඇමරිකාව, ප‍්‍රංශය, ඩෙන්මාර්කය හා අනෙකුත් බටහිර රටවල් වලට ඉතා ඉක්මනින්ම භයානක ප‍්‍රහාර එල්ලවනු ඇති බවයි.

අන්සාර් අල් මුජාහිඩින් ජාලයේ පලවූ මේ පණිවුඩය මගින් තදබල, දරුණු, අනතුරු අඟවන සහ පොලව කම්පා වන ප‍්‍රහාරයක් අවිශ්වාසයේ මහ ගෙදර වූ ඉහත රටවල් ඇතුළු යුරෝපීය රටවලට එල්ල වනු ඇති බව දන්වා ඇත.

ප‍්‍රංශයට දීර්ඝ යුද්ධයක් සඳහා සූදානම් වන ලෙසද එහි කියා ඇත. මෙසේ තර්ජනය කර ඇත්තේ ප‍්‍රංශය විසින් මාලි රාජ්‍යයේ අල්කයිඩා සටන්කාමීනට එරෙහිව සිදු කරන මෙහෙයුම් නිසාය.

මෙයට ප‍්‍රතිචාර දක්වා ඇති අය ඊට ප‍්‍රශංසා කරමින් ප‍්‍රහාරය ගැන ඇසීමට බලා සිටින බව කියා ඇත. අල්කයිඩා සහ එහි හිතවාදීන් විසින් මීට පෙරද පණිවුඩ පලකිරීමට යොදාගත් අන්සාර් අල් මුජාහිඞීන් ප‍්‍රසිද්ධ වෙබ් අඩවියකි.

2012 අපේ‍්‍රල් මස අල්කයිඩාව නැවත නිවුයෝර්ක් නගරයට එන බවට පලවූ 3D ඡයාරූපයක් නිසා පරීක්ෂණයක් ද සිදුවිය.

February 1, 2013 at 9:16 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/89607/

0 comments: