Pages

Friday, February 22, 2013

හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ

හලාල් සහතිකය සහිතව සහ රහිතව එකම භාණ්ඩය වෙළඳපොලට නිකුත් කළ හැකි යයි හලාල් සහතිකය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව අද ලබාදුන් විසඳුම කි‍්‍රයාත්මක කරන්නේ කෙසේ දැයි ලංකා ජමියතුල් උලමා සභාව ප‍්‍රශ්න කරයි.

එය කි‍්‍රයාත්මක කරන ආකාරය පැහැදිලි කළ යුතු යයි ලංකා ජමියතුල් උලමා සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් රහුමාන් පවසයි.

‘ඒ ගොල්ලො දිගින් දිගටම සියලූම දේවල්වලින් පැහැර හැරල හිටිය. මුස්ලිම් ජනතාව අන්දවල තිබ්බෙ ඒ ගොල්ලො. මුස්ලිම් ජනතාව නොමග යවල තියෙනව. මුස්ලිම් ජනතාවට බොරු කියල තියෙනව. ඒ නිසා අපි වගේ කණ්ඩායම්වල පීඩනය තමයි අද වෙනකොට ඒ ගොල්ලො මාධ්‍ය හමුවක් හරි කැඳවල තියෙන්නෙ.

හලාල් නොවන භාණ්ඩ හලාල් භණ්ඩ කියන එක තාම ඒ ගොල්ලො පැහැදිලි කරල නෑ කොහොමද මේක කරන්නෙ කියල. අපි කියනව ඇත්තටම මේක ගැන පැහදිලි කිරීමක් අවශ්‍යයි. මේ රටේ සියළුම ජනතාව ඉස්සරහට ඇවිල්ල මේ පිළිබඳව පැහැදිලි කරන්න  ඕන’ යයිද ඔහු සඳහන් කරයි.

February 22, 2013 at 1:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90799/

0 comments: