Pages

Friday, February 1, 2013

නීති විද්‍යාලයේ සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ දෝෂ නිසා සිසුන්ට ලකුණු 14 ක්‌ අහිමියි

ආන්දොaලනයකට තුඩු දී ඇති නීති විද්‍යාල විභාගයේ සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හතක්‌ පරිවර්තනයේදී දොaෂ සහිත බව ප්‍රත්‍යක්‌ෂ ලෙසට සනාථ වී ඇති බවත්, එහෙයින් එම මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි සිසුන්ට ලකුණු 14 ක්‌ අහිමිවී ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (31` වැනිදා) පැවැසූහ.

මෙම හේතුව නිසා දෙමළ හා ඉංගී්‍රසි මාධ්‍යයෙන් අදාළ විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන්ට ලකුණු සියයෙන් ලකුණු ලැබෙද්දී සිංහල මාධ්‍යයෙන් සිටි සිසු සිසුවියන්ට ලකුණු හිමිව ඇත්තේ අසූ හයෙන් බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

මේ තුළින් සිංහල මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට මෙයින් අසාධාරණයක්‌ සිදුව ඇති බවත් පැවැසූ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥනසාර හිමියෝ ඔවුන්ට සිදුව ඇති අසාධාරණය වැළැක්‌වීමට අදාළ විභාගය නැවත පැවැත්වීමට හෝ අහිමි වී ඇති ලකුණු 14 නැවැත එකතු කිරීමට හෝ කඩයිම් ලකුණු සීමාවට ආසන්න සිසුන් නීති විද්‍යාලය සඳහා එක්‌කරගැනීමට හෝ බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බවත් පැවැසූහ.

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ ඊයේ (31 දා) තුම්මුල්ලේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

සිරිමන්ත රත්නසේකර - http://www.divaina.com/2013/02/01/news23.html

නීති විද්‍යාල කඩඉම් ලකුණු තුනකින් පහලට, වැඩිපුර සිසුන් 242කට අවස්ථාව

විභාග අක‍්‍රමිකතා  රැසක් සිදුවූ බවට චෝදනා එල්ල වූ 2012 වසර සදහා පැවති නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයෙහි කඩඉම්  ලකුණු සංශෝධනය  කර ලකුණු 3 කින් කඩඉම්  ලකුණු සීමාව පහත දැමීමට නීති විද්‍යාල සනාතන  සභාව මගින් තීරණය කර තිබේ.

මේ අනුව මෙවර නීති විද්‍යාලයට බදවා ගැනීම් සඳහා තීරණය කල කඩඉම්  ලකුණු සීමාව වූ ලකුණු 69 වෙනුවට නව ලකුණු සීමාව ලෙස තීරණය කර ඇත්තේ ලකුණු 66 සීමාවය. ඒ අනුව පෙර තිබූ ලකුණු සීමාවට වඩා ලකුණු 3කින් කඩඉම්  ලකුණු පහළ දමා ඇත .

සංශෝධනයට පෙර පැවති  කඩඉම්  ලකුණු  සීමාවට  අනුව නීති විද්‍යාලයට තේරී පත් වූ සංඛ්‍යාව 309 කි. නමුත් මෙම සංශෝධනයෙන් අනතුරුව කඩඉම්  සීමාව ලකුණු 3 කින් පහත හෙලීම නිසා නීති විද්‍යාලයට තේරී පත්වන ශිෂ්‍ය සංඛ්‍යාව 551 දක්වා ඉහළ ගොස් ඇත . මෙම සංශෝධනය නිසා අලූත් නීති පීඨයට සිසුන් 242 කට අවස්තාව ලැබී ඇත.
February 1, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/89610/

[
සැබැඳි ලිපි -
නීති ප්‍රවේශ දමිළ මාධ්‍ය ප්‍රශ්ණ පත්‍රය වැල්ලවත්තේ උපකාරක පන්තියකදී පිටවෙලා...
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8.html
කරෙන් දැනුණ නීති හොරකම ගැන බරක්‌ නොගන්න රටක්‌!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4196.html
නීති විභාගය ‘හලාල්’ කරලා. සාක්ෂි අපි සතුයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6.html
නීති විභාගයටත්, හලාල් මුදල් ගනුදෙනුවටත් මම සම්බන්ධ නෑ!!! - හකීම්
http://denethharinna.blogspot.com/2013/01/blog-post_3.html
හකීම්ගේ අන්තවාදයේ නිරුවත... නීති විදුහලේ කතාවේ දෙවන කොටස... සාමදාන විනිසුරුවන්ගේ පත්වීම්...!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8807.html
ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_7470.html
නීති විභාගයත් හලාල් ක්‍රමයට!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_29.html
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html
]

0 comments: