Pages

Monday, February 25, 2013

නැගෙනහිර සිංහ හඬ මඬින්නට පහර දුන් සභාපති ආරියවතීගේ පුතා හා තවත් අයෙක්‌ රක්‌ෂිතයට

පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ මහතාට පහර දීමට පැමිණි යෑයි සැක නැගෙනහිර පළාත් සභාවට අයත් මෝටර් රථයක්‌ හා නැගෙනහිර පළාත් සභාවේ සභාපතිවරියට අයත් වෑන් රථයක්‌ උප්පුවේලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර පළාත් සභාවට අයත් Eඡ ණ්‍ය 2599 දරන මෝටර් රථය හා Eඡඡෑ 2772 දරන වෑන් රථයයි. ඉකුත් 23 වැනිදා හා 24 දා මෙම වාහන දෙක අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රියන්ත පතිරණ මන්ත්‍රීවරයාට පහර දීමට පැමිණි ප්‍රධාන සැකකරු වන නැගෙනහිර පළාත් සභාවේ සභාපතිවරියගේ පුතා හා තවත් අයකු අත්අඩංගුවට ගෙන මාර්තු මස 05 වැනිදා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය පරීක්‌ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ද අත්අඩංගුවට ගන්නා බවද පැවැසීය.

නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීට පහර දුන් සභාපතිවරිය ආරියවතීගේ පුතා හා තවත් අයෙක්‌ රක්‌ෂිතයට
ත්‍රිකුණාමලය - සමන් මල්ලව ආරච්චි
http://www.divaina.com/2013/02/25/provin03.html

[
සැබැඳි ලිපි
බොදු බලයට එරෙහි පළමු පහර නැගෙනහිර ආරියවතීගෙන්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3655.html
]


0 comments: