Pages

Friday, February 15, 2013

දලඳා මාළිගාව වටා තැබෑරුම්… ඒක මහින්ද චින්තනයද?

ශ‍්‍රී දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික මහනුවර සෙංකඩගල නගරයේ මත්පැන් හල් පවත්වාගෙන් යෑම මහින්ද චින්තන ප‍්‍රතිපත්තිය යටතේ මතට තිත සංකල්පයටත් පටහැනි බැවින් ඒවා හැකි ඉක්මනින් වසා දැමීමට කටයුතු කරන ලෙස ජාතික සංඝ සම්මේලනය සුරාබදු කොමසාරිස් වසන්ත හපුආරච්චි මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

මතට ඇබ්බැහි වූවත් ඉන් මුදා ගැනීම නව මත්පැන් හල් ඇතිකිරීම වැළැක්වීම සහ නීති විරෝධී මත්පැන් හල් තහනම් කිරීම ආදිය මතට තිත සංකල්පයේ මුඛ්‍ය පරමාර්ථය බව ද මහනුවර දළදා මාලිගාවට ආශි‍්‍රත කලාපයේ මත්පැන් හල් පවත්වාගෙන යෑම ඉහත සඳහන් ප‍්‍රතිපත්තියට ඉඳුරාම පටහැනි බව ද ජාතික සංඝ සම්මේලනය පෙන්වා දෙයි.

නීත්‍යානුකූලව වුව ද දළදා මාලිගාව අවට සුරාසල් ස්ථාපිත කර තිබීම දළදා වහන්සේට මෙන් ම මහනුවර නගරයෙහි වැඩ වසන මහානායක හිමිවරුන්ට ද අපහාසයක් බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

මහනුවර පුෂ්පාදන බාලිකා විද්‍යාලය, ශ‍්‍රී සුමංගල විද්‍යාලය, කැප්පිටිපොල මහා විද්‍යාලය, ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, කතරගම දේවාලය, මුස්ලිම් හා කතෝලික දෙවස්ථානය යන ආයතනවලට ඉතා සමීපව ඇති කොළඹ වීදිය, යටිනුවර පටුමග, වඩුගොඩපිටිය, දළදා වීදිය, රජ වීදිය යන ස්ථානයන්හි පිහිටා ඇති මත්පැන් ශාලා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස සංඝ සම්මේලනය ඉල්ලා සිටී.

February 15, 2013 at 10:47 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90462/

0 comments: