Pages

Sunday, February 24, 2013

හලාල් සහතික නිකුත් කිරීම යනු උලමාවරුන්ට අයිති දෙයක්‌ නොවේ - දිවයින

හලාල් ඕනෑද? එපාද? යන්න කිසිසේත් ජාතික ගැටලුවක්‌ ලෙස අපි නොදකිමු. අපගේ අදහස වන්නේ එය මුස්‌ලිම් ආගමික සංස්‌කෘතියට අයත් සංකල්පයක්‌ බවයි. හලාල් යනු මුස්‌ලිම් බැතිමතුන්ගේ ආහාර සංස්‌කෘතියට එකඟ හා ඒ අනුව සුසම්මත පිළිවෙතකි. ඒ ගැන අනෙක්‌ අය කලබල විය යුතු නොවෙති. එසේම ඒ ආගමික සම්මතයට, එම සංස්‌කෘතියට අයත් නොවන අය යටත් විය යුතු ද නොවෙති.

ලෝකයේ විවිධ ජන සමාජ ක්‍රියාත්මක වන්නේ ස්‌වකීය ආගමික හා සංස්‌කෘතික පසුබිම තුළ යෑයි සාපේක්‍ෂකව පිළිගත හැකිය. එක්‌ සංස්‌කෘතියක චර්යා ධර්ම අනෙක්‌ සංස්‌කෘතියක්‌ අනුගමනය නොකිරීම කිසිසේත් සදොස්‌ නොවන බවද කිව යුතුය. ඉස්‌ලාම් බැතිමතුන්ගේ ආගමික සංකල්ප අනුව ක්‍රියා කිරීමට ඔවුන්ට තිබෙන නිදහසද ගරු කළ යුතුය. ඉස්‌ලාම් ආගමේ නිර්දේශයන් අනුව ස්‌වකීය ජීවන චර්යාවන් සකසා ගැනීම ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ අයිතියක්‌ වන්නා සේම සිංහල බෞද්ධ චර්යා ධර්ම අනුව සිය ජීවන චර්යාවන් පවත්වා ගෙන යැම සිංහල බෞද්ධයාගේද වගකීමකි.

මුස්‌ලිම් ජනතාව සුරා පානය නොකරති. ඌරු මස්‌ අනුභව නොකරති. එයට පටහැනි අයද සිටිය හැකි වෙති. සුරාපානය සිංහල බෞද්ධයාගේ පන්සිල් පිළිවෙතට විරුද්ධ දෙයකි. මස්‌ මාංශ අනුභවය පිළිබඳවද අපට පිළිවෙතක්‌ තිබේ. එහෙත් ඒ කිසිවක්‌ නොතකන බෞද්ධයෝ ද සිටිති. මෙතැන ඒවා ගැන විග්‍රහ කිරීමට අපට අවශ්‍ය නැත.

අප ඒ බව සඳහන් කළේ ද මෙම හලාල් ප්‍රශ්නය අර්බුදයක්‌ බවට පත්කර ගන්නට හදන පිරිස්‌ අන්ත දෙකක සිටින බව දැනෙන හා හැඟෙන හෙයිනි. මේ රටේ සිංහලයන් සමග ඉතා සමීපව ජීවත් වූ ජනවර්ග දෙකක්‌ ලෙස මුස්‌ලිම් හා දෙමළ ජනතාවෝ හැඳින්විය හැකි වෙති. ජාතික සමගියෙන් එක්‌සත්ව ක්‍රියා කළ මේ පිරිස අතරම ඒ ජනවර්ග බෙදීමට දතකන හා අසමගිකම් වැපිරීමට ක්‍රියා කරන සුළු පිරිසක්‌ ද සිටිති. 

මේ උද්ගතව තිබෙන හලාල් ප්‍රශ්නය එබඳු අන්තයකට ඇදී යායුතු නැත. මේ රටේ මුස්‌ලිම් ජනගහනය සියයට 9 ක්‌ පමණය. බෞද්ධ, හින්දු හා ක්‍රිස්‌තියානි යන ආගම්වලට අයත් විශාල පිරිසක්‌ද සිටිති. ඒ කිසිම කෙනකුට හලාල් ආහාර අවශ්‍යද නැත. එහෙත් ඔවුන්ට ද තම ආහාර සඳහා හලාල් අගයක්‌ ගෙවීමට සිදු වේ නම් එය ප්‍රශ්නයකි.

එබඳු තත්ත්වයක්‌ මානව හිමිකම්වලට මෙන්ම සාධාරණ යුක්‌තියේ පදනමටද එකඟ නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙය මුස්‌ලිම් වෙළෙඳ අධිකාරියකට අන් අය යටත් කරවීමක්‌ ලෙස සමහරු දක්‌වති. එබඳු අයුක්‌තක්‌ අන් ආගමිකයෝ ඉවසත්ද? හලාල් සහතිකය අනුව ආහාර වර්ග කිරීමේ ප්‍රතිඵලය ලෙස මුස්‌ලිම් ආගමික සංවිධානයකට වාර්ෂිකව කෝටි 700 ක්‌ ලැබෙන බවද කියනු ඇසෙයි.

මේ මුදල්වලට සිදුවන්නේ කුමක්‌ද? එය සැබෑවක්‌ද යන්න නම් රජය මැදිහත්ව සොයා බැලීම වටී. රජයකට ඒ ගැන පරීක්‍ෂා කිරීමේ වගකීමක්‌ද ඇත. ඉස්‌ලාම් සමාජය තුළ සිටින බුද්ධිමත් හා මැදහත් නායකයන්ට වුවද එබඳු ජාවාරමකට එකඟ නොවිය හැකි බව අපගේ අදහසය.

අන්තවාදී පිරිස්‌ ඕනෑම ආගමක, සංස්‌කෘතියක මෙන්ම ජනවර්ගයක්‌ තුළද සිටිති. දෙමළ අන්තවාදය හා සිංහල අන්තවාදය මේ රටට උදාකළ අමිහිරි මතක හා අත්දැකීම් වැඩි දෙනෙක්‌ දනිති. මූලධර්මවාදී ආගමික කණ්‌ඩායම්වල බිහිසුණු බවද විග්‍රහ කළ යුතු නැත.

ශ්‍රී ලංකාවේ ඉතා රහසිගතව ක්‍රියාත්මක වන මූලධර්මවාදී හා ජාතිවාදී සංවිධාන තිබෙන බව කිසිවකුට ප්‍රතික්‌ෂේප කළ නොහැක. බොහෝ විට සිංහල බෞද්ධ ජනතාව නිදා සිටිද්දී අන්‍යාගමිකයෝ රට වැනසුහයි කියන කතාවේද ඇත්තක්‌ තිබේ. රටක ජාතික සමගිය යනු හැම ජනවර්ගයකම නායකයන්ගේ හදවත් තුළින් ගලා එන නිර්මල හැඟීම් ධාරාවකි. එහි ශාන්තිය සියලු ජනවර්ගයාගේ හදවත් තුළට දැනී යා යුතුය.

අද දවසේ ශ්‍රී ලංකාව තුළ ඇත්තේ එබඳු යහපත් පැහැපත් ජන වින්දනයක්‌ නොවන බව සංවේගයෙන් වුවද කිව යුතුය. මෙම හලාල් ප්‍රශ්නය වහා ගිනි ඇවිළෙන සුලු දෙයක්‌ බවට පත් කිරීමට අපහසු නොවන්නේද ඒ වාතාවරණය තුළමය. අප මුලින් සඳහන් කළ පරිදිම මෙය බෞද්ධ හා ඉස්‌ලාම් ජනතාවගේ ප්‍රශ්නයක්‌ ලෙස කල්පනා කිරීම වැරැදිය. කෙනෙක්‌ එසේ සිතන්නට පෙළඹෙත් නම් එය පටු චින්තනයකි.

හලාල් සහතික නිකුත් කිරීම යනු උලමාවරුන්ට අයිති දෙයක්‌ නොවන බව අපගේ අදහසය. භාණ්‌ඩයකට ප්‍රමිති සහතිකයක්‌ නිකුත් කිරීම සඳහා රජයේ නිල ආයතනයක්‌ තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තිබෙන්නේ එබඳු කටයුතු සඳහාය. 

කෙසේ හෝ මේ රටේ කලක පටන් ජීවත් වූ මුස්‌ලිම් ජනතාව තුළ මේ වර්ගයේ හලාල් ප්‍රශ්නයක්‌ හදිසියේම මතු වූයේ කෙසේද යන්නත් සමහරු ප්‍රශ්න කරති. එහි සාධාරණ පදනමක්‌ අපට ද පෙනේ. කුමක්‌ වුවත් මේ ප්‍රශ්නය අන්තවාදී තැනකට තල්ලු වී යැමට ඉඩ නොදී වහාම විසඳුමක්‌ ලබාදීම රජයේ වගකීමක්‌ බව කිව යුතුය. රජය මෙහිදී සෘජුව තීන්දුවක්‌ ගත යුතුය.

මෙම හලාල් ගැටලුව පිළිබඳව සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක්‌ පැවැත්වූ බවද වාර්තා වේ. භාණ්‌ඩ හා ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමිති සහතික නිකුත් කිරීම සඳහා පිළිගත් රාජ්‍ය ආයතනයක්‌ තිබියදී ආගම්වලට හෝ වෙනත් සංවිධානවලට එබඳු සහතික නිකුත් කිරීමට ඉඩදීම බරපතළ වරදක්‌ බව එහිදීත් ප්‍රකාශ වී තිබේ. 

මෙම සර්ව ආගමික නායක හමුවේදී සමස්‌ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති කොටුගොඩ ධම්මාවාස නාහිමියන් විසින් අවධාරණය කරන ලද්දේ හලාල් ප්‍රශ්නය පමණක්‌ නොව ජනගහන වර්ධනය, ඉඩකඩම් මිලදී ගැනීම වැනි කරුණුවලදීත් නොපෙනෙන ගැටලු රැසක්‌ තිබෙන බවත් මේ සියල්ල විසඳීමට බුද්ධි මණ්‌ඩලයක්‌ පත් කිරීම සුදුසු බවත්ය. අපගේ අදහස වන්නේද එබඳු බුද්ධි මණ්‌ඩලයක සහාය හෝ ලබාගෙන මෙම සියලු ප්‍රශ්න බුද්ධිමත්ව හා සන්සුන්ව විස¹ගත යුතු බවය. මෙබඳු ප්‍රශ්න අන්තවාදී කොටස්‌ අතට පත්වීමෙන් යළිත් රටේ ගිනි ජාලාවක්‌ දැල්වීමට ඉඩදිය යුතු නැත.

බුද්ධිමත්ව ප්‍රශ්නය විසඳා ගනිමු 
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

[
සැබැඳි ලිපි -
ඇත්තටම මොකටද හලාල්???
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
රජයේ ස්‌ථාවරය දන්වන තුරු විරෝධතා නවත්වන්නේ නෑ - බො.බ.සේ
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2732.html
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
හලාල් ගැන දේශහිතෛෂී මතය
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
]

0 comments: