Pages

Thursday, February 21, 2013

දළදා මැදුර අවට බාර් ඉවත්කිරීමේදී මා අසරණයි... කොමසාරිස්‌

දළදා මාලිගාව අවට පවතින මත්පැන්හල් ඉවත් කිරිමට තමන්ට බලයක්‌ නැතැයි සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.

2008 අප්‍රේල් 10 වැනිදා නිකුත් වූ ගැසට්‌ නිවේදන අංක 902 මගින් යම් ස්‌ථානයක වසර දහයකට (10) කට වැඩි කාලයක්‌ මත්පැන්හලක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත්නම් එය ඉවත් කිරීමට තමන්ට හැකියාවක්‌ නැති බව දැනුම් දී ඇතැයි ද හපුආරච්චි මහතා කීය.

දළදා මාලිගාව අවට පවතින මත්පැන්හල් සියල්ල වසර දහයකට වැඩි කාලයක්‌ එම ස්‌ථානයේ පවත්වාගෙන ගොස්‌ තිබෙන බවත්, ඒවා ඉවත් කිරීමට නම් අංක 902 යන ගැසට්‌ නිවේදනය මුදල් ඇමැතිවරයා විසින් සංශෝධනය කර නැවත ප්‍රකාශයට පත් කළ යුතු බවත්, හෙතෙම අවධාරණය කර සිටියේය. මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.

"දළදා මැදුර අවට බාර් වහන්නට බලයක්‌ නෑ මට"
චමින්ද සිල්වා | http://www.divaina.com/2013/02/21/news03.html

3 comments:

Anonymous said...

Meka awankawa ahanne. Etakota nuwara town eka awata minissu bonna one kasippuda? Maligawata garu karana eka ekak taliban afghanistane wage hama ekama wahala dana eka wena ekak. Buddagamata awaman karanna epa me wage taliban wada karala

sarath said...

Ayi okkoma parawal wahala race padinakota apahasa wenne nadda?Ethakota para digeth beela thibune?

යෝධයා said...

http://www.gossip9lanka.com/2013/02/blog-post_8524.html#.USZIWPKeTT8