Pages

Monday, February 18, 2013

රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි

‘බෞද්ධයන්ට කියලා අයේ ධර්මචක‍්‍ර භාණ්ඩවල ගහන්න  ඕනේ නෑ. මේක දැන් ලොකු ප‍්‍රශ්ණයක් වෙලා තියනවා. ජාතීන් අතර ගැටුමක් දක්වා ඇවිලීමේ ඉඩකඩක් තියනවා. රජය වෙනම මැදිහත් වී මෙය නවතා දැමීමට කටයුතු කළ යුතුයි’ යැයි කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ සදහන් කරති.

එසේම කිසියම් භාණ්ඩයක් සදහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ලාංජනය පවතී නම් නැවත වරක් වෙනත් සහතිකයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද උන්වහන්සේ පවසති.

කිසියම් ලාංජනයකට ප‍්‍රමිති ආයතනයේ ලාංජනය ලබාදුන්විට එයට නිශ්පාදිත දිනය, අඩංගු ද්‍රව්‍ය,  කල් ඉකුත්වන දිනය යනාදී සියලූ තොරතුරු ඇතුළත් කර ආහාරයට සුදුසුයි  කියා අනුමත කරනවා යැයි මාදුළුවාවේ සෝභිත හිමියෝ  පැවසූහ. කිසියම් රටකට පවතින්නේ එක් නීතියක් බවත් එම නීතියට සියලූ පාර්ශව ගරු කළයුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කරති.


බෞද්ධයන්ට විකුණන භාණ්ඩවල ධර්ම චක‍්‍ර ගහන්න ඕන නෑ…
February 18, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90569/

0 comments: