Pages

Thursday, February 7, 2013

සිංහල බෞද්ධයන්ගේ අඩු කඩන කතාවට හෙළ උරුමයෙන් පිළිතුරු

මුස්ලිම්වරුන්ට කරදර කරන සිංහල බෞද්ධයින්ගේ අඬු  කඩන බවට පසුගිය දිනක අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මහනුවර ප‍්‍රදේශයේ රැස්වීමක් අමතමින් තර්ජන ගර්ජන කළ ආකාරය දැඩි ලෙස හෙළා දකින බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සදහන් වන්නේ රජයේ වගකිව යුතු ඇමතිවරයෙකුගේ ප‍්‍රකාශයක් වුවද සිංහල බෞද්ධයන් එය එතරම් නොතැකුවේ ඔහුගේ දේශපාලනය හා සිංහල විරෝධය කොයි කවුරුත් දන්නා බැවින් යනුවෙනි.

නිවේදනයේ මෙසේද සදහන් වේ.

‘සිංහල බෞද්ධයින්ගේ අඩු කඩන්න මරා දමන්න විනාශ කරන්න මින් පෙර කටයුතු කළේ කොටි ත‍්‍රස්තවාදීන්ය. දැන් එම කටයුත්තට එස්.බී. සූදානම් බව ප‍්‍රකාශ කර ඇත. සිංහලයින්ගේ අනුකම්පාව හා සහජීවනය දඩමීමා කරගෙන සිංහල බෞද්ධයින්ට ගරහන පිරිසක් බිහිවී ඇත. සිංහලයින්ගේ අවිහිංසාව නිවටකමක් යැයි ඇතැමෙක් සිතනවා ඇත.

එහෙත් සිංහල බෞද්ධයින්ගේ ඉතිහාස කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. මේ දිනවල සිංහල බෞද්ධ සංවිධාන හඬ නගන්නේ බෞද්ධයින්ට සිදුවන අසාධාරණකම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීම ගැනය.

රට දැය සමය වෙනුවෙන් භික්‍ෂුව අතීතයේ මෙන්ම වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් නිරතුරුව පෙනී සිටිනු ඇත. බල්ලෝ බිරුවාට කදු පාත් නොවේ යැයි ගැමි කියමනක් ඇත. එමෙන්ම මාලූවා නහින්නේ කට නිසා යැයි ද තවත් කියමනක් ඇත.

සිංහල බෞද්ධයන්ට එරෙහි බොරු ගෙරවිලි මගින් මෙරට බෞද්ධ බලවේග ජාතික බලවේග බසු බැස්විය නොහැකි බව අප එස්.බී. දිසානායක ඇමතිවරයාට දැඩිව අවදාරණය කර සිටිමු.

එලෙස කටමැද දොඩවන එස්.බී. දිසානායක ඇමතිවරයාට දළදා සමිදුන් ජීවමානව වැඩ සිටින කන්ද උඩරට සිංහල බෞද්ධ ජනතාව ඉදිරියේදී නිසි පිළිතුරු දෙනු ඇත.

February 7, 2013 at 1:03 am | lanka C news
http://lankacnews.com/sinhala/news/89941/

0 comments: