Pages

Thursday, February 28, 2013

ඉරානයට පහර දීම ජූනි මාසයේ

ලබන ජුනි මාසයේදී පමණ ඉක්මනින් ඉරානයට පහර දීමට හැකියාවක් ඇතැයි ජනපති ඔබාමා කියන බව ඊශ‍්‍රායෙල් මාධ්‍ය වාර්තා කරයි. ලබන මස ඔබාමා ඊශ‍්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවී මේ පිලිබඳව වැඩිදුර සාකච්ඡුා කරනු ඇතැයිද වාර්තාවල දැක්වෙයි.

ධවල මන්දිරය සතු හමුදා බලතල යොදාගෙන ඉරානයේ න්‍යෂ්ඨීක අවි වැඩපිලිවෙල වැලැක්විය යුතුයයි ඊශ‍්‍රායලය කීප වරක්ම බලකර සිටියත් ඔබාමා පාලනය එය ප‍්‍රතික්ෂේප කර ඇත. වාර්තාවේ දැක්වෙන අන්දමට නම් දැන් ඇමරිකාව කැමැත්තෙන්ම ඒ සඳහා ඉදිරිපත් වී සිටී.

නෙතන්යාහු සමඟ පැවැත්වුනු සාකච්ඡ කීපයකදීම ඉරානය න්‍යෂ්ඨීක අවි නිපදවීම ඔවුන්ට පමණක් නොව ලෝකයටද තර්ජනයක් බව කියා සිටි නමුත් තමන් ඊට මැදිහත් නොවන බව ඔබාමා පසුගිය වසරේ සාකච්ඡුාවකට එක්වෙමින් කියා සිටියේය. නමුත් දැන් තමාගේ අදහස නම් ඊශ‍්‍රායලය සමඟ සහයෝගීව කටයුතු කල යුතු බව යයි ඔබාමා කියා ඇත.

මේ සිද්ධි වලින් මාස 5 කට පසුව ඉරානය සිය යුරේනියම් සංවර්ධිතයේ නව කේන්ද්‍රාපසාරක සවි කිරීම ගැන අන්තර්ජාතික පරමාණුක ශක්ති ආයතනය වාර්තා කර ඇත. මෙය ඊශ‍්‍රායලයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ඉරාන න්‍යෂ්ඨීක අර්බුදයට විසඳුමක් අපේක්ෂාවෙන් ලෝක බලවතුන් හා ඉරානය අතර කසකස්තානයේ සාතච්ඡුා පැවැත්වෙයි. මේ වන තෙක් ඉරානය වෙතින් සාර්ථක ප‍්‍රතිචාරයක් ලැබී නැත.

ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඞ් ගේ ධුර කාලය ජුනි මාසයේ අවසන් වීමෙන් පසුව ඇතිවන බල අරගලයේදී බාහිර බලපෑම් වලට එරෙහිව පත්වන ජනාධිපතිවරුන් දැඩි ප‍්‍රතිචාර දක්වනු ඇත.

February 28, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/91113/

0 comments: