Pages

Tuesday, February 5, 2013

පැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්

මහා පරාක‍්‍රමබාහු රජුගේ සීත මාලිගාවට පිවිසෙන මාර්ගය අසල ගෙවත්තකින් මීට මාස තුනකට පමණ ඉහත දී අනවසර කැණීමක් සිදුකර තිබූ ස්ථානයෙකින් භෂ්මාවශේෂ තැන්පත් කොට තබන්නට ඇතැයි සැළකෙන ඉපැරණි මැටි මුට්ටියක් හමුවූ බව පුරාවිද්‍යා නිලධාරීහු කියති.

උස සෙන්ටිමීටර් 13ක් පමණ සහ වට ප‍්‍රමාණය සෙන්ටිමීටර 56ක් පමණ වන මෙම මැටි මුට්ටියේ තිබී අළු සහ අස්ථි කොටස් හමුවී තිබේ.

අනවසර කැණීම් සිදු කොට තිබූ වළ අඩි 4 1/2ක් පමණ දිගින් හා පළලින් යුත් අඩි 03ක් පමණ ගැඹුරැුති එකකි. ඉන් එක් බිත්තියක මෙම මැටි මුට්ටිය තිබූ බව පුරාවිද්‍යා නිලධාරීහු ප‍්‍රකාශ කළහ.

මෙම මැටි මුට්ටිය පොළොන්නරු යුගයට අයත් එකක් වන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි එය විද්‍යාත්මක පරීක්‍ෂණයන් සඳහා යොමු කිරීමට නියමිත ව ඇත.
February 5, 2013 at 7:04 am | lanka C news
http://lankacnews.com/sinhala/news/89822/

[
සබැඳි ලිපි -
සීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_650.html
ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.html
කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/01/200.html
අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html
]

0 comments: