Pages

Friday, February 22, 2013

ආගමික සිද්ධස්ථාන ඉදිකිරීම් සමීක්ෂණයට රජය සැරසේ

මෙරට ආගමික  සිද්ධස්ථාන ඉදිකිරීම් සමීක්ෂණය සඳහා කමුටාවක් පත් කිරීමට රජය තීරණය කර ඇතැයි සභානායක අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

එම කමිටුව බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබද අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු  බෞද්ධ හින්දු ඉස්ලාම් හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු වල අධ්‍යක්ෂකවරුන්ගෙන්  සමන්විතය.

රටතුළ අන්තවාදීන් විසින් සිදුකරනු ලබන ආගමික ගිනි ඇවිළවීම වළක්වා වාර්ගික හා ආගමික සහජීවනයේ ඇති වැදගත්කම පිළිබදව ජනතාව දැනුවත් කිරීම විපක්ෂයේද වගකීම බව අමාත්‍යවරයා පැවසීය. ඇතැම් මුස්ලිම් පල්ලි වලට එරෙහිව ප‍්‍රහාර පිළිබද විපක්ෂ නායකවරයා දැක්වූ කරුණු සාවද්‍ය බවද ඔහු දැන්වීය.

මෙරට වාර්ගික හා ආගමික සමගිය අවුල්කොට ප‍්‍රශ්න ඇති කිරීමට ඇතැම්  බලවේග කටයුතු කරමින් සිටින බවද ඊට ඇතැම් මාධ්‍ය දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

February 22, 2013 at 8:35 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90792/

0 comments: