Pages

Wednesday, February 20, 2013

ඉරානයෙන් හෝ ඉගෙනගෙන සංස්කෘතිය රකින්න

ඉරානය තම රටේ ඉස්ලාමීය ආගම, සම්ප‍්‍රදාය හා මූලධර්ම රැකගැනීමට කටයුතු කරන ආකාරයත් ඔවුන්ගේ රටේ නීතිය ක‍්‍රියාවට නංවා ඉස්ලාමීය ආගමට හා සංස්කෘතියට තර්ජනයක් වන දෑ ඉවත් කිරීමට තිරසාර ප‍්‍රතිපත්තියක සිට කටයුතු කිරීමත් ආදර්ශ්‍යට ගෙන හෝ මෙරට සම්ප‍්‍රදාය සංස්කෘතිය ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා ලෙස ජාතික හෙළ උරැමය ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂ නායක ඕමල්පේ සෝභිත මේ බව තියා සිටිති.

උන්වහන්සේ විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඉරානය තුළ බුදු දහම ප‍්‍රචලිතවීම වැලැක්වීමේ අරමුණින්, බුද්ධ ප‍්‍රතිමා තහනම් කිරීමට එරටේ ඉස්ලාමීය රජය පියවර ගෙන ඇති බව ඉරාන මාධ්‍ය වාර්තාකර ඇත.

එහි සදහන් කර ඇති ආකාරයට ඉරානයේ අග නගරය වන ටෙහෙරානයේ වෙළදසැල් වල විකිණීමට තබා ඇති බුද්ධ ප‍්‍රතිමා රාජ්‍ය සන්තක කිරීම ආරම්භකර ඇති අතර, ඉරානයේ සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා කිරීමේ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ බුද්ධ ප‍්‍රතිමා, සංස්කෘතික ආක‍්‍රමණයක සංකේත බැවින්, ඉරානයේ වෙළදසැල් තුළින් සහ ඉරාන භූමියෙන් බුද්ධ ප‍්‍රතිමා ඉවත්කර ඉරාන භූමිය පිරිසිදු කලයුතු බවයි.

බුද්ධ ප‍්‍රතිමා වැනි පිළිම කිසියම් ආගමික විශ්වාසයක් ප‍්‍රවර්ධනය කිරීමට හේතුවන බැවින්, එවැන්නකට ඉඩදිය නොහැකි බවත්, ශුද්ධ වූ කුරාණයේ මූලධර්ම මත ජයග‍්‍රහණය කරනු ලැබූ ඉරාන ඉස්ලාමීය විප්ලවයේ ශුද්ධ භූමිය බදු පිළිමවලින් අපිරිසිදු කිරීමට ඉඩදිය නොහැකි බවත්, ඉරාන සමාජයට ඇතුළු වී ඇති බුදු පිළිම හා වෙනත් භාණ්ඩ ඉවත් කර පිරිසිදු කිරීම දිගටම කරගෙන යන බවත් ඔවුන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

මේ ගැන අප පුදුමයට පත්විය යුතු නැත. ඒ ඉරානය තම රටේ ඉස්ලාමීය ආගම, සම්ප‍්‍රදාය හා මූලධර්ම රැකගැනීමට කටයුතු කරන ආකාරයයි. ඔවුන්ගේ රටේ නීතිය ක‍්‍රියාවට නංවා ඉස්ලාමීය ආගමට හා සංස්කෘතියට තර්ජනයක් වන දෑ ඉවත් කිරීමට, තිරසාර ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරමින් ඇත.

තම රටේ ඉස්ලාමීය නීතිය, සම්ප‍්‍රදාය අකුරටම කි‍්‍රයාවට නගමින් තම රටට එන ආගමික හා සංස කෘතික ආක‍්‍රමණයන්ට වැට බැදීමට කටයුතු කිරීම ගැන එක් අතකින් එම රටට ප‍්‍රසාදය පළ කල යුතුය. මක් නිසාද ඉරානයද ලෝක ඉතිහාසයේ ඉපැරණි රටකි. ඉපැරණි ශිෂ්ඨාචාරයකි. ඒ මත බිහිකරගත් විප්ලවීය ඉරාන ජනරජය බටහිරින් එන ආක‍්‍රමණයන්ට පමණක් නොව, ඉපැරණි පෙරදිග ශිෂ්ඨාචාරයෙන් එන බුදු දහමටද වැට බැදීමට බීයවී නැත. ඉරානයෙන් අපේ රටට ඉගෙන ගත යුතු පාඩම් බොහොමයක් වේ.

අප රටේ ඉතිහාසය, ශිෂ්ඨාචාරය සහ සංස්කෘතිය ගොඩනැගූ බුදු දහම ආරක්‍ෂා කොට සුරක්‍ෂිත කිරීමට කැපවීම ශ‍්‍රී ලංකා රජයේ අනුලංගනීය වගකීමකි. එම වගකීම නිසියාකාරව ඉටුකරනවාදැයි නැවත විමසා බැලීම රජයේ කාර්ය භාර්යයකි. අද රටතුළ ආගමික නොසන්සුන්තාවයක් ඇති වී ඇත්තේ ඇයිදැයි සිහි නුවණන් විමසා බලනවා වෙනුවට සිංහල බෞද්ධ ජනතාවට චෝදනා කරමින් තඩිබෑම, අවවාද අනුශාසනා දීම හාස්‍යයට කරුණක්ම වන්නේය.මෙම තත්ත්වය තේරුම්ගැනීමට හලාල් බලහත්කාරයම ප‍්‍රමාණවතය. තවද කවර තරාතිරමක ඉල්ලීම් කෙරුණද රසානා දැරියගේ ජීවිතය බේරාගැනීමට අපට නොහැකි විය.

සෞදියේ ඉස්ලාමීය නීතිය ක‍්‍රියාවට නැංවිනි. මේ සියල්ලෙන් අපි පාඩම් ඉගෙන මෙම රටට ආවේනික සම්ප‍්‍රදාය, සංස්කෘතිය, ආගම අරක්‍ෂා කිරීමට රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොපැකිලිව අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එම පියවර නොගන්නාතාක් දුරටත් රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව තුළ අසහනකාරී නොසන්සුන් තත්ත්වයක් පවතිනතුරුත් සැබෑ ලෙසම ජාතීන් අතර සමගියක්, ආගමික සහජීවයනයක් ගොඩනැගිය නොහැකි බව ආගමික සහජීවනය ප‍්‍රාර්ථනා කරන සියළුදෙනා අවබෝධ කරගත යුතුය.

තෙරුවන්සරණයි !
පූජ්‍ය ඕමල්පේ සොභිත හිමි
නායක, ජාතික හෙළ උරුමය

February 20, 2013 at 4:07 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/90723/

[
සබැඳි ලිපි -
බුදු පිලිම තහනමට එරෙහිව කොළඹ ඉරාන තානාපති කාර්යාලය වටලති
http://denethharinna.blogspot.com/2013/02/blog-post_6878.html
]

0 comments: